(යොහාන් භාසුර)
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගත්තේය.
රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරු වන සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ ‘කපු ධූර’ විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවත් ඒ අනුව ඊයේ සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ලිඛිතව දැනුම් දුන්නේය.
රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩාරාළ තනතුරට අදාල වගකීම් සහ රාජකාරි සියල්ල දැනට රුහුණු මහා කතරගම දේවාලයේ කපු ධූරයේ නියුතු ‘අරාපක්‍ෂ මුදියන්සේලාගේ මුතුබණ්ඩාර’ යන අයට නොපමාව බාරදිය යුතු බවත් ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරලීම සහ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා සුදුසුකම්ලත් පරීක්‍ෂණ නිලධාරී මහතකු නම් කර කඩිනමින් ඔවුන්ට දන්වන බවත් බස්නායක නිළමේවරයා සඳහන් කරයි.
අදාල රත්තරන් තැටිය පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විධිමත් පරීක්‍ෂණයක් පවත්වා එම කපුමහතුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු අධිකරණයෙන් ඇප ලබා සිටින බව ද කියන බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අදාල සිද්ධිය ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමෙන් රුහුණු මහා කතරගම දේවාලයට දැඩි අපකීර්තියක් වූ බව ද සඳහන් කරයි.
මෙම සිද්ධිය බැලූ බැල්මට බරපතල ගණයේ විෂමාචාර ක්‍රියාවක හෝ විනය විරෝධී ක්‍රියාවන්හි නියුතු වී ඇති බවට පෙනී යන බැවින් බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාර රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන කටයුතු විධිමත්ව පත්වාගෙන යෑමට නොහැකි වී ඇති බව ද බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා එම කපු මහතුන්ට යොමු කළ ලිපිවල සඳහන් වේ.
අදාල චෝදනාව එල්ලවී තිබෙන කපු මහතුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන මහතා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා ලිඛිතව දැනුම් දී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා...! ප්‍රශ්නය අර පරණ පවුලට අයත් කෙනාට තමයි. එක්කෙනෙක් හැංගිලා හිටියෙත් මෑන්ගේ ගෙදරලු.
දේවාල භූමියට යන්නම ඕනෑ නම්, අධිකරණ නියෝගයක් ගන්න. නිලමෙගේ තීන්දුව බලරහිත හෝ නිෂ්ප්‍රභා කරන්න.
පුදුම කාලයක්...!
කපුවා තමයි හොඳටම කරලා තියෙන්නේ. අනික ඔය තැටිය පූජාකරලා තියෙන්නෙත් හරිම බද්දක් තමයි. කුඩු සල්ලිවලින්...
හරි නම් ඔය පරීක්ෂණය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් කළා නම් තවත් හොඳයි... කියන්න පුළුවන් මූලික විමර්ශනය දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ නිලධාරි කෙනෙක් කළොත් වැදගත් කමක් තියෙනවා...
මොනවා කරන්නද? එක්තරා අනුවණ මිනිසුන් කොට්ඨාශයක් ඉන්නවානේ. මේ වගේ කපටි මිනිසුන්ව නඩත්තු කරන්න සැදී පැහැදී සිටින... එ නිසා මේ වගේ කපටි මිනිස්සු රැකෙනවා. නැතිනම් මොන මගුලකටද පූජා වට්ටිවල මිලමුදල් හෝ රන් ආභරණ තියලා මේ අයට පුදන්නේ? ඊට වඩා හොඳ නැතිද ඒ පලතුරු ටික ගෙදර අයත් එක්ක කෑවා නම්...
විය යුතු ඒක නොවේ. මේ හොර ගුහා වර්ජනය කිරීමට මහජනතාව පියවර ගැනීම.. කපුවන් හොර චීවරධාරීන් එක එක නම් වලින් හඳුන්වන නිලමෙලා කියන කණ්ඩායම පිටුදැකීම සමාජමය අවශ්‍යතාවයක් .
මූන දැක්කම පෙන්වා.කපුවෙක් නෙමෙයි තඩි හොරෙක් කියලා.මුන් පනුවෝ ගහලා මැරෙන්න කවදාහරි
හොඳ හොරෙක් ... මුන්ට වදින හරක් ඉන්නවා
කතරගම දෙවියන්ට දේවාල භූමිය තහනම් කෙරුවේ නැහැ නේද නිලමේ තුමෝ ?
ඉතාම හොද තීරනයක්. හැකි නම් සියලුම කපුවන්ට දේවාල හතර මායිමට එන්න දෙන්න එපා. දෙවියන් ෆැන ගව්‍රරවය නැතිකරන්නෙ මේ හොර කපුවො ටික මේ දේවාලෙ කපුවො කෝට්පතියෝ.මේක රටම දන්න රහසක්. දෙවියන් වෙනුවෙන් මිනිස්ස්සු පූජා කරන දේවල් උන් හොරකන් කරන්නෙ.
ඒ වුණාට දැන් කපු මහත්තයා දෙවියන්ට තමාගේ දුක කන්නලව් කරාවි. මේ තහනම දාපු අයට පලි ගසාවි. ලේසි වෙන එකක් නැහැ.
අන්න පුවතක්...!
කපුවෝ කපෝතිම කරලා දාන්න ඕනේ... ඔවුන් හදන්නේ පුළුවන් තරම් තමුන් ගේ මඩිය තර කරගන්න. නැති බැරි අසරණයින්ට උදව්කරන එක මීට වැඩිය වටිනවා...
දෙයියාගේ තැටියටත් වැඩේ දුන්න කපුවා දෙයියාට වඩා බලවත් නැද්ද….?
කොයි දේවාලෙත් වැඩිපුරම ඉන්නේ හොරාකන, ගසාකන කපුවෝ තමා.
මේ මිනිසා මුල් සොරෙකු ලෙස පෙනේ. ඔහුගේ නරක මුහුණේ හැඟීම පැහැදිලිව ම ජාත්‍යන්තර මංකොල්ලකරුවෙකු ලෙස ඔහුගේ චරිතය පෙන්නුම් කරයි.
දෙවියන්ගේ ඒජන්ට් නැතිව කොහොමද ආතුරයන් දුක් ගැනවිලි දෙවියන් ට ඉදිරිපත් කරන්නේ.
අපේ මෝඩයෝ තව තවත් පඩුරු පූජා කරයි.
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් පැමිණීම සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ යම් විස්වාසයන් නිසායි... එයට උගත් නූගත් ග්‍රාමීය හෝ නාගරික කියා වෙනසක් නොමැතිව රටේ පුරවැසියන් ඒ සඳහා සහභාගි වේ.
දේවාලවල පින්කැට ඔක්කොම හොරකම් කරපු අය ඔය පාර්ලිමේන්තුවේත් ඉන්නේ අපූරුවට...!
ධෛරයෙන් තම සූර වීර බාහු බලයත් ඥාන බලයත් තේජෝ ගුණ පුණ්‍ය ශක්තියත්, සම්බුදු රජුන්ගේ ශාසනය කෙරෙහි වූ අසීමිත ප්‍රේමයත් නොවන්නට සොළී පාලනය වෙනස් කිරීමට නොහැකි වනවා ඇත. එදා කීර්ති විජයබාහු කුමරා මහ විජයබාහු ලෙස මේ රට එක්සේසත් නො කළේ නම් සිංහල ජාතියේ ඉතිහාසය අතිශයින් ඛේදනීය වන බව නම් පැහැදිලි ය. මහා වංශය එය මැනවින් කියා පායි.
කපු රාලලා දෙන්නා බොහොම භක්තියෙන් ආදරයෙන් පුද පුජා පවත්වපු දෙවියන්ගෙනුත් පිහිටක් වෙලා නැති පාටයි.