(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)

තණමල්විල ඩිපෝවේ රියැදුරකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කතරගම ඩීපෝ කළමනාකාරවරයා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබැන්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් හිරන්දි කුරේ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ කතරගම ඩිපෝ කළමනාකාර තුසිත චමින්ද සිරිවර්ධන නමැත්තෙකි.

කතරගම පෙරහර නැරඹීමට පැමිණෙන මගීන් වෙනුවෙන් ධාවනය යොදවා තිබූ තනමල්විල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කතරගම බස් නැවතුම් පොළට ඇතුල් කළ අවස්ථාවේ" කතරගම බස් තියෙද්දි උඹලගේ බස් මේකේ ගහන්න බෑ" කියමින් තනමල්විල ඩිපෝවේ රියැදුරට මගීන් ඉදිරියේ පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.