කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපු මහතා අතර ඇතිවී තිබෙන ගැටලුව විසඳීම සඳහාත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමටත් ඔවුන් අද(28) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ සිටිති.
ඔවුන් දෙදෙනා අතර දේවාලයේ යතුර සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ ගැටලුවක් හේතුවෙන් දේවාලයේ අලුයම පූජාවද නැවතිණි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගොස් කළ පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ දේවාලයට බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු මුදල් සම්බන්ධයෙන් බස්නායක නිලමේ හා කපුවා අතර ගැටුම හටගෙන ඇති බවයි. මේ සියලු කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අදහස් විමසා ගැටලුව විසඳීමට සූදානම් බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු කපු සහ නිලමේ තනතුරු වලට විශ්වවිද්‍යාල උපාධිධාරී හෝ සිවිල්සේවා නිලධාරීන් පත්කර සියලු අදායම් විගණනයකට ලක් කරන්න.
පිටිගල මිලානෝ. ගොනා වුනාට ඒක පෙන්නන්න එපා.
කතරගම දෙවිඳුනි, ඔබ වහන්සේගේ තෙවාවත් නතර කළා. වැරදිකරුවන්ට ඔබ වහන්සේ දඬුවම් දෙන්නේ කවදාද? ඇයි ඔබ වහන්සේ මේ ප්‍රශ්නේ දෙපාර්තමේන්තුවකට ඉතිරි කලේ?
මේ සිංහල මිනිස්සු මොන තරම් මෝඩද? මේ දෙයක් නිසා මොන තරම් රණ්ඩු සරුවල් වෙනවද? මෙහෙම ඔය කියන දෙයක් උන්නා නම් ඔව්වට මැදිහත් වෙලා ඕවා විසඳන්න එපයෑ... මේ කපුවො ඔක්කොම කරන්නේ බිස්නස් එකක්, මේ මෝඩ යල් පැනපු මන්තර, ගුරුකම් වහාම නැවත පටන් ගත්තොත් නම් මේ රට අගාධයෙන් අගාධයටම යාවි... බුද්ධිමත් උගතුන් රටේ පාලනය ගන්න තුරු, මෝඩ මිනිසුන් මේ මිත්‍යා දෘෂ්ටික දේවල් වල එල්බ ගෙන කොහේවත් නැති දෙයක් නිසා මිනීමරා ගනීවි.. !!!