මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පෙර දින රාත්‍රියේ සිට පවතින මහ වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හතරක් අද දහවල් විවෘත කැරිණි.
විමල සුරේන්ද්‍ර ජලාශය ද වාන් දමයි.
ලක්ෂපානේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.
දික් ඔය පිටාර ගැලීමෙන් හැටන් කොටගල පවුල් පනහක පමණ නිවාස ගං වතුරෙන් යට වී ඇත.
නුවර එළිය- හැටන් සහ හැටන්-කොළඹ මාර්ගයේ ගිනිගත්හේන දක්වා ප්‍රදේශ පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බවත්, පාර ලිස්සන සුළු බවත් පොලිසිය කියයි.
අවතැන්වූවනට පහසුකම් සලසන බව නුවර එළිය මහ දිසාපති ජේ පී ජී කුමාරසිරි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත මෙන්ම ඡායාරූපද සතුට දනවයි. මට මතකයි, සති 03 කට පමණ ඉහතදී කියා තිබුණා, විදුලිය ජනනය කරනු ලබන ජලපෝෂක ප්‍රදේශ වලට ප්‍රමාණවත් වැසි ලැබුනොත් විදුලි පාරිභෝගිකයාට දරන්න අමාරු " ඉන්ධන ගැලපුම් ගාස්තුව" බිල්පතින් ඉවත් කරනවා කියලා. එය එසේම නම් එළඹී ඇත්තේ එම හෝරාවයි. ජයවේවා!!! (නි)
මගේ රට කොච්චර ලස්සනද කියලා හිතෙනවා මේවා දකිද්දී (නි)
ඇත්තටම මට ගොඩක් සතුටු හිතෙනවා මගේ පළාතේ තිබෙන ලස්සන දැක්කහම. ඒත් අපි වගේ දුප්පත් මිනිසුන්ට ස්වභාව ධර්මය විසින් හිටිගමන් කරදර කරනවා. ඒත් අපි තරහා නැහැ (නි)