තලවාකැලේට හා නුවරඑළියට යන එන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් තලවකැලේ ළිඳුල නගර සභාව ඉහළ කොත්මලේ ජලශයේ බෝට්ටු සේවයක් අද (16) ඇරැඹිය.
නගර සභාව බෝට්ටු දෙකක්ද පෞද්ලික අංශය බෝට්ටු දෙකක්ද යොදවා ඇත.
ජලාශයේ කිලෝමීටර් දෙකහමාරක් දුරට බෝට්ටු සවාරියට ඉඩ ලැබේ.එක් අයකුගෙන් අය කෙරෙන ගාස්තුව මෙතෙක් තීරණය කැර නැත.මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද මෙම බෝට්ටු සේවය විවෘත කිරීමේ මංගල ගමනට සහභාගී විය.
![00033.MTS_snapshot_00.04_[2014.09.16_15.45.35]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/00033.MTS_snapshot_00.04_2014.09.16_15.45.35.jpg)
![00036.MTS_snapshot_00.00_[2014.09.16_15.46.54]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/00036.MTS_snapshot_00.00_2014.09.16_15.46.54.jpg)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්! විනෝදය සහ රැකියාත් තිබෙනවා (නි)
ජලාශ පාලන අයිතිය කුමන ආයතනයටද කියා දැනගන්න පුලුවන්ද? (නි)
මොනවා වුනත් කමක් නැහැ පීනන්න දන්නා අය ප්‍රථමාධාර පිලිබදව පුහුණුවක් දී සේවයට යොදවන්න. (නදී)
වැඩේ හොදයි (දී)
මේ ජලාස වල බෝට්ටු සේවා ආරම්භ කරන එක හැම අතින්ම හොඳ වැඩක්. එහත් මේ සඳහා සංචාරකයින් වෙනුවෙන් ලොකු හොඳ බෝට්ටු පාවිච්චි කරන්ඩ. එවිට අනතුරු අඩුවෙයි.(දී)
අවම ලෙස මේ ජලාසයවත් ගාමිණි දිසානායක මහතා නමින් නම් කරනවානම් කෙලිහිගුන සැලකීමක්. (දී)
අපේ රටේ වැඩි දෙනෙක් රටට හෙන ගැහුවත් තමන්ගේ ලාභය බලන අය නිසා මෙයින් ලැබෙන ආදායම, විනෝදය මෙන්ම ඇතිවන ජල දුෂණය සඳහාද පිළියම් යොදනවා. ඊළඟට හැරෙන්නේ අවුරුදු දහස් ගණනක් රැක ගත් රජ රට වැව දෙසටද? (නදී)