තරිඳු ජයවර්ධන
කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බව කොළඹ වංචා විමර්ශන අංශයේ ආරංචි මාර්ග කියයි.
වංචා විමර්ශන අංශයට මෙම පැමිණිල්ල කර ඇත්තේ රාගම පදිංචි ජී ඒ එම් ඒ සිරිවර්ධන නම් 45 හැවිරිදි පුද්ලලයකු බව පොලිසිය සඳහන් කරයි.
හැන්සාඩ් වාර්තා ව්‍යාජ ලෙස වෙනස් කළැයි කියමින් මෙම පැමිණිල්ල කර තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව වංචා විමර්ශන අංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ සාමාගම ඇතුළු හොර නඩය කරතිබෙන වංචාවලට අනුව කතානායක එහෙම දෙයක් කළත් සුළු දෙයක්නේ? මොවුන් ගහන ගහන තුරුම්පු යටවෙනවා නේද?
කතානායක තුමනි නොසැලෙන්න . ඔබ කවුද කියා ඔබට චෝදනා කරන පුද්ගලයන් පවා දන්නවා .. ඔබතුමා එදා නොසැලී ගත්ත තීරණයට අපි හිස නමා අචාර කරමි ...
ගරු කතානායකතුමන්ට මඩ ගැසීමටත්, එය උපයෝගී කරගෙන රටේ ජනතාවගේ සිත් තුළට අනවශ්‍ය මතයක් ඇතුළු කිරීමට ගන්නා උත්සහයක් සඳහා යොදාගන්නා බළල් අතක් බවයි පෙනෙන්නේ. මෙහි නිර්මාතෘ සවුත්තු වන නිසා එලියට එන්නේ නැහැ වගෙයි. මේ හැම ක්‍රියාවකින්ම ගරු අධිකරණයට යම් බලපෑම් කිරීමට උත්සාහ ගන්නා බව නම් පැහැදිළිය. මේකත් හරියට කාව කාවදෝ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළාය කියා ඔත්තුකාරයෙකු යොදවා කියන කතාව වගේ එකක්. මේ දවස්වල ඇතැම් මාධ්‍යයන් තුලින් මහජනතාවට සජීවීව සත්‍ය නැරඹීමට සැලැස්වීමට තුති පුදමි....
මිරිස් කුඩු කල්ලියේ ලණුවක් කාල ඇති.