
(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති විශ්වාසභංග යෝජනාව මේ දිනවල සකස් කරගෙන යන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට අද පැවසීය.
බොහෝ දුරට එන සතියේදී ඊට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගැනීමට හැකි වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් මුල් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එම විශ්වාසභංග යෝජනාව භාර නොගැනීම හේතුවෙන් මැතිසබයේද පසුගිය දිනවල දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට වෙන වැඩ නැති නිසා ආණ්‌ඩුවේ වැඩ කඩා කප්පල් කරමින් මහජන මුදල් නාස්ති කරනවා
ගන්න පඩියට බොරුවට හරි කෑගහන්න ඕනනේ. එතකොටනේ අපි වගේ බයියන්ටත් චූන් වෙන්නේ. ඊළඟට රැස්වීම් දාහකට යන්න ජීවනී හොයාගන්නත් එපායෑ...
ඕවා වැඩක් නෑ. ඕවායෙන් මේ ආන්ඩුව හැදෙන්නේ නෑ විතරක් නොවෙයි දහ ජරා වැඩ තව තව වැඩියෙනුත් කරනවා.
කලින් හිටපු කතානායකයා ඒක පාක්ෂිකව වැඩ කරපු දූෂිතයෙක්... තමුන්ගේ හැම එකෙකුටම තනතුරු දීලා බඩවඩා ගන්න ඉඩදීපු කෙනෙක්? විපක්ෂයේ අය ඇස් කන් වහගෙන වෙන්ඩැ හිටියේ? සුදනෝ වෙන්ඩ දගළන, දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් වලට විරුද්ධව විස්වාස බන්ගයක් ගෙනාවා නම් මීට වඩා හොන්දා?
වොයිස් කට් දෙන්න මොනවාහරි වැඩක් පටන් ගන්නවා. බොරු වැඩවලින් කාලය නැතිකරන්න එපා. ඔය නීතිය දන්නවා කිව්වට 2/3 එකක් හැප්පෙන්නේ කොහොමද?
එහෙට මෙහෙට, තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු, බලලෝබී බඩගෝස්තරවාදී, කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැති. රිලාසිරියා.. අනුන්ගේ කූඩාරම් වලට රින්ගන්නේ නෑ කිව්වාට, ඉන්නේම කූඩාරම් අස්සේ.
කරුණාකර තවත් අන්දරේ කෙනෙක් වෙන්න එපා. අපිට ගම්මන්පිල ඉන්නවා...
අපිටත් බැයිද ඕකට කණ අත්සන දාන්න... අපි ඔහෙලගේ කක්කා හෝදන බත්කන හරක්...
දයාසිරි මන්ත්‍රීතුමාට ජය වේවා... ඔහොම ඉදිරියටම යමු...
හිතෙනවා විපක්ෂයේ ඡන්ද දායකයො මොවුන්ව යැව්වේ නිකං ආතල් එකක් ගන්න කියලා. රටක් දියුණු වෙන්න දක්ෂ රජයක් වගේම අදක්ෂ විපක්ෂයකුත් ඉන්න ඕනේ...
විපක්ෂය විසින් විශ්වාස නොකරන බව ලෝකයාට පෙන්වීමට උත්සාහ කරයි. මෙය පරාජය වී ඇති බව ඔවුන් දන්නා නමුත් මෙම පාලනය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත් එය ආධිපත්‍යය දරන බවත් ලෝකයට පැවසීමට අවශ්‍යයි. කෙසේ වෙතත්, පෙර කථානායකවරයා හා සසඳන විට, වර්තමාන කථානායකවරයා ආදර්ශයක් වන අතර මට ඔහු කෙරෙහි ගෞරවයක් ඇත. අපි ඊයේ ඉපදුනේ නැත, පෙර දේශපාලනඥයන් සුදු කිරීමට අපට අවශ්‍ය නැත.
වැල් බයිලා....ගෝ හෝම්...