IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතානායක විශ්වාසභංගෙ දා මන්ත්‍රී පිල් මාරුවක්

(සුජිත් හේවාජුලිගේ )

කතානායක මහින්ද  යාපා අබේවර්ධන  මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට මේ දිනවල රහස් සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මුල් පෙළේ දේශපාලනඥයන් සිවු දෙනකුගේ  නිවෙස්වල මෙම සාකච්ඡාවට වට පැවැත්වී ඇත

ඡන්ද විමසීමදා විරුද්ධ පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන් තම පාර්ශ්වයට කැඳවා ගැනීම  ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේත් ප්‍රධාන ඉලක්කයවී ඇත.

මේ අතර මේ පිළිබඳ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් ගණනාවක් ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ප්‍රතිඵලය  තමන්ට වාසිදායක ආකාරයට ලබාගතහොත්  ඉදිරි ඡන්ද වලදීඑය ප්‍රචාරක මෙවලමක් ලෙසද පාවිච්චි කළ හැකි බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් කිහිප දෙනකු සිය මන්ත්‍රීවරුන්ට පෙන්වාදී ඔවුන් දිරිමත් කර ඇතැයි  දැනගන්නට ඇත.

කතානායකවරයාට එරෙහි  විශ්වාසභංග යෝජනාව  ලබන 19 සහ 20 දිනවල විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතය.

 

 



අදහස් (8)

කතානායක විශ්වාසභංගෙ දා මන්ත්‍රී පිල් මාරුවක්

පිටරටවැසියා Sunday, 17 March 2024 12:31 PM

226ම විශ්වාසය භංගවෙලා ගොඩක් කල්... මැරිලා ඉපදුණත් ඒක වෙනස්වෙන්නේ නෑ, නෑමයි...!

:       3       33

JANAHITHA Sunday, 17 March 2024 12:46 PM

ඕවා අපිට වැඩක් නැහැ... හාමතේ සිටින දුප්පත් ජනතාව වෙනුවෙන් සොරමුල පාලනයෙන් පන්නා දැමිම ජනතාවගේ එකම අභිලාෂය වී ඇත.

:       0       40

ADIKA RASNE Sunday, 17 March 2024 12:48 PM

ඔය භංගවලින් අපට වැඩක් නෑ. හොරු එළවන එකයි ජනතා පැතුම...

:       0       35

ranjith Sunday, 17 March 2024 01:11 PM

225 යොදාගෙන දිනාගන්න ඒවා බඩගින්නේ ඉන්න ජනතාවට වැඩක් නැහැ. ඡන්දෙ එනකන් බලන් ඉන්නේ...

:       1       25

Jagath Sunday, 17 March 2024 01:41 PM

ඡන්දය දීමෙන් වැළැකී සිටින එවුන් තමයි නියම කපටි නරි, අමතක කරන්න එපා... ජනතාව ඉතාමත් විමසිල්ලෙන් බලා සිටිනවා...

:       1       29

සෙනෙවිරත්න Sunday, 17 March 2024 05:48 PM

සජිත්ට තමයි තම ගෙඹිරැල බේර ගැනිල්ල ගැන කරදර වෙන්න තියෙන්නේ...!

:       4       12

Bunny Preena Monday, 18 March 2024 09:25 AM

මොවුන් තම පැවැත්ම සඳහා ඕනෑම අසික්කිත වැඩක් කිරීමට සූදානම් ප්‍රතිපත්තියක් හෝ ලැජ්ජාවක් නැති නින්දිතයින් පිරිසකි

:       0       1

Miracle Mike Monday, 18 March 2024 10:36 AM

මේ දවස් දෙකට යන වියදම මනින්නෙ ලක්ෂ වලින් ද මිලියන වලින් ද මුං මේ රටේ දුක්ඛ දෝමනස්සයන් කරපින්න ගත්තු අහිංසකයන්ගෙ වක්‍ර බදු වලින් තමයි මේ විදියට ආතල් ගන්නෙ. මුං කොයිකා හිටියත් දැං අපිට මොන කෙංගෙඩියද ඉදගෙන කරන්නෙ. තව ටික දොහොකිං බක්මහ අකුණු නං ගහයි ගෙනියන ගාන???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site