(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

දෙරට අතර විවිධ ක්‍ෂේත්‍රවල මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.

කොවිඩ් 19 අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී  චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව කතානායකවරයා සිය කෘතවේදීත්වය  පළ කළේය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී විය.