(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී ගැටුම්කාරී තත්ත්වයක් පැවති ඉකුත් නොවැම්බර් 16 වැනිදා තමන් කතානායක අසුනේ වාඩිගෙන සිටීම වරදක් නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
තමන් එය හිතා මතා නොකළ බව කී අරුන්දික ප්‍රනාන්දු මහතා තමන් කතානායක අසුනේ වාඩි ගන්නා විට පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹී හෝ සෙංකෝලය තැන්පත් කර නොතිබූ බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් එය වරදක් නම් කණගාටු වන බව ද මන්ත්‍රීවරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (8) පැවති තානාපති වරප්‍රසාද යටතේ නියෝග දෙවැනිවර කියවීම පිළිබඳ විවාදයේදී එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සතුන් වත්තක මෙන් තත්ත්වයක් පැවති බව කී මුජිබර් රහුමාන් මහතා තානාපතිවරුන් එහිදී අත්පුඩි ගැසුවේ නම් ඒ පාර්ලිමේන්තුවක තිබිය යුතු හැසිරීම එම දිනවල නොතිබූ නිසා විය හැකි බව කීවේය.
කතානායක අසුනේ එදින නුසුදුස්සෙකු අසුන් ගෙන සිටි බව ද මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.
අරුන්දික ප්‍රනාන්දු මහතා ඉන්පසු විවාදයට එක්වෙමින් එයට මෙම පිළිතුර ලබාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් පනහේ තිබ්බ ත්‍රාසය වාෂ්ප වුණාට පස්සේ හුළං සේරම බැහැලා වගේ...
මහින්ද සමග සිය කණ්ඩායමම මුළු රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි. නමුත් දැන් ප්‍රමාද වැඩියි.
මැතිවරණයේදී රටේ ජනතාව ඔබට වගේම ඔබේ කල්ලියටත් සමානව දෙයි.. බලාගෙන ඉන්න...
අධ්‍යාපනයක් නැති නූගතුන් පාර්ලිමේන්තුවට යැව්වාම ඔය වගේ දේවල් වෙනවා...
සිංහ සෙයියාවෙන් සිටි දේශය කන පාලයකයින් දැන් බලු වෙලා..
මෙයාව අාපහු සැරයක් පාසැල් යවන්න පනතක් සම්මත කරොත් නරකද?
කුවේණි ඉන්දියාවෙන් එලවපු දහදුරාවේ යන කෙනෙක් ගෙට අරගෙන කරපු වින්නැහියේ ප්‍රතිඵල තමයි මේ අදටත් විඳින්න සිදුවෙලා තියෙන්නේ... අණක් ගුණක් චාරයක් නැති අය...
මෙය සමාව දිය හැකි වරදක් නොවේ. මෙවැනි අය පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි.
වැරදි කළොත් දඬුවම් දියයුතුයි. නීතිය කාටත් පොදුයි. එහෙනම් මිනිස්සු මිනීමරලත් සමාව ඉල්ලයි. මෙයාට දුන්නොත් එයාලටත් දෙන්න වෙනවා... අනිවාර්යයෙන්ම
මන්ත්‍රී කමත් නැතිකරලා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනා මොන සමා ද?
අපි කුඩා කාලයේ "පුත්තලම් බූරුවන්" ගැන ලිය උන කතාපොත් කියවා තිබුන බව මතක් උනා මේ පුවත කියවද්දිත් ! කතානායක අසුනේ නිකමුන් වාඩි කරවීමට ඕනෑ නම්, මැතිසභයට කතානායක කෙනෙක් උවමනා නැති බව මේකාට තේරුම් ගියේ නැද්ද? නැත්නම් කලක සිට එහි වාඩිවීමට කෙල හලමින් සිටියද? ඒ නිසා තමා අපි පුන පුනා කියන්නේ පක්ෂ නායකයන්ට සිය ගෝලබාලයන් පාර්ලිමේන්තුව තුළවත් නියම අන්දමට හසුරුවා ගැනීමට බැහැ කියල. ඕනෑම බූරු වැඩක් කරලා සමාව ඉල්ලන එක දඬුවම් නොලබා ශේප් වෙලා යන්න තියෙන හොඳම අවස්ථාවකි ! එය මේ කොල්ලත් හොඳට දන්නා බව පැහැදිලියි !
ඇයි අර පිහියක් අරගෙන පාර්ලිමේන්තුවට ආපු දේශපාලකයා සමාව ගතයුතු නැද්ද?
තොත්ත බබෙක් සමාව ඉල්ලනවා. නාවලා කුක්කු ටිකක් දීලා නිදි කරවන්න.
වැරැද්දක් කළාම සමාව ඉල්ලීම මදි. රටේ ඉහළම ආයතනයේ විනය ඉහළින්ම තිබිය යුතුයි. එනිසා මොහුට දැඩි දඬුවම් කළ යුතුමයි.
වැරදි කරන අයට සමාවදීම මනුස්ස ගතියක්.. නමුත් ඒ වගේ වැරදි කරන අයට අායෙමත් පාර්ලිමේන්තුවට එන්න සුදුසුකම් නැත. පාර්ලිමේන්තුව කියන්නේ කොයිවගේ තැනක්ද කියන එකගැන කිසිම හැඟීමක් නැති කෙනෙක්...
“කතානායක අසුනේ වාඩිවීම වරදක් නම්“?
එහෙනම් දැන් සමාව දෙනවාද? එහෙම දෙනවා නම් හිරේ ඉන්න සියලුම දෙනාටත් කර තිබෙන වැරදි වලට සමාව ඉල්ලන්න පුළුවන් අයිතියකුත් තිබිය යුතුයි නේද? එහෙම නැතිනම් මැති ඇමතියන්ට පමණක් වැරදිකර සමාව ගන්න හැකිය කියන පාඨය නීති සංග්‍රහයේ සඳහන් වී තිබිය යුතුයි.
ලබනපාර ඡන්දෙදි අපි ඔයාට සමාව දෙනවා.