(ජවුෆර්කාන්)
මඩකලපුව කාත්තාන්කුඩි නගර සභාවේ ඩෙංගු රෝගය වැඩි වී ඇති නිසා පාසල් හා පෞද්ගලික අධ්‍යාපන අද (30) සිට සතියකට වසා තබන ලෙස සෞඛ්‍ය අංශය නියෝග පනවා ඇත. ඒ අනුව පෙර පාසැල් 40 ක්, ශුද්ධ වූ කුරානය පිළිබඳ ඉගැන්වෙන දහම් පාසල් (කුරාන් මදරසා) 35 ක් හා පෞද්ගලික අධ්‍යාපන ආයතන15 ක් අද (30) සිට අඟහරුවාදා (4) දක්වා වසා දමා ඇත.
කාත්තාන්කුඩියේ දින 02 දෙක තුලදී ඩෙංගු රෝගීන් 190 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් මෙයින් ළමුන් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ඇතුළත් කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිදුකමක් දන්නේ නැති මිනිස්සු ඔහේ ඉන්නේ!