කිරීට කැතීටරාගාර පරික්ෂණ සහ ප්‍රතිකාර සඳහා දින ලබා ගත් රෝගින්ට කිසිදු අපහසුවකින් තදබදයකින් තොරව අදාළ පරික්ෂණ සහ ප්‍රතිකාරය එක් දිනකදි ලබාදිමට හැකි නව වාට්ටුවක් මේ වන විට ක්‍රියාත්මකව පවතින බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.
රෝගින් වැඩිදෙනෙකුට ප්‍රතිකාර ලබාගෙන එදිනම රෝහලෙන් පිටවී යාමට අවස්ථාව උදාවන බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කිවේය.
මේ සඳහා ඇඳන් දොළහකින් සමන්විත නව වාට්ටුවක් රෝහලේ ස්ථාපිත කර ඇත. සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙම වාට්ටුව විවාත කරන ලදි.කිරීටක කැතීටරාගාර ප්‍රතිකාරය සැලසිමේ තදබදය නිසා ළිහිල් වි ඇතැයි රෝහල සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර උගස් කරපු රත්තරන් වල නය පොලි අහෝසිකරා වගේ එකක්ද දන්නේ නෑ. තවම ඒ සහනය ලැබුණු කෙනෙක් නැහැනේ (නදී)