(ගයාන් සූරියආරච්චි)

මත්ද්‍රව්‍ය ආරවුලක් මත මාරවිල, මරඳ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ගිනි අවි ප්‍රවාහන කළ බව කියන කාන්තාවක  අත්අඩංගුවට ගත් බව ත්‍රස්ථ මර්දන හා විමර්ශන කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවකි.

එම ඝාතනය ඉකුත් වසරේ ජූලි මස දිනෙක සිදුව තිබූ බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත යතුරුපැදියක් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු එම කාන්තාව ඇයගේ නිවෙස ආසන්නයේ ත්‍රිරෝද රථයක සිටියදී වෙඩි තබා පලාගොස් තිබුණි.

එම වෙඩි තැබීමෙන් 30 හැවිරිදි කාන්තාවක් මියගොස් අසල සිටි දරුවකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබු බව පොලිසිය පවසයි.