පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතෙහි ඇතුළත් වගන්තිවල ව්‍යවස්ථානුකූලභාවය විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ සම්බන්ධීකාරක නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම පෙත්සම ගොනු කර තිබේ.
ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 12 වැනි දා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කළ බව පෙත්සමේ සඳහන් වේ.
එහි විධි විධාන මඟින් වසර දහස් ගණනක් තිස්සේ භික්කෂූන් වහන්සේලා කර ගෙන යන ආගමික ක‍්‍රියාකාරකම් සහ සංස්කෘතික චාරිත‍්‍ර බලහත්කාරයෙන් වෙනස් කිරීමට උත්සාහ කරන බව පෙත්සමේ සඳහන්ව ඇත.මින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව අතර බෙදීමක් ඇති කිරීමට උත්සාහ කිරීමක් බවද පෙත්සමකරුවෝ කියති.
යම් ඇගයීමකින් හෝ සිරිත් විරිත් මඟින් තවත් ආගමික අයිතීය උල්ලංඝනය වන්නේ නම් හැර වෙනත් කිසිම අවස්ථාවකදී ආගමික සංස්කෘතික කටයුතු වලට අදාළ නීතී රීති සැකසීමට රජය මැදිහත් විය යුතු නැතැයිද පෙත්සමේ සඳහන් වේ.
එබැවින් එම පනත් කෙටුම්පතෙහි ඇතුළත් 2 සිට 16 දක්වා වන වගන්තීන් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 3,4,9,10,11,12(1), 12 (2), 14( 1) 6 , 14 (1) සී, 14 (1) ඊ, 20, 28 වගන්තීන් වලට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙෂ පෙත්සම්කාර පාර්ශවයෙන් ඉල්ලා සිටියි. එබැවින් එය නිසි පරිදි සම්මත වීමට නම් තුනෙන් දෙකක බහුතරයනික් සහ ජනමත විචාරණයනික් සම්මත විය යුතු බවට ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු බය වෙලා . මෙය කාලීන අවශ්‍යතාවක්. (බ)
ගොඩක් විස්තර හොයන්න ඕනෑ නැහැ. පොළොන්නරු ගල් විහාර කතිකාවතයි, දඹදෙණි කතිකාවතයි අරගෙන බැලුවා නම් තේරුම් ගන්න පුළුවන් මේ අළුතින් පනවන්නෙ පැරණි නීතිරීතිමයි කියලා. (නි)
රටේ පවතින සාමාන්‍ය නීතිය භික්ෂූන් වහන්සේලා ටත් පොදුයි නේද? එහෙම නම් ඇයි ථේරවාදී භික්ෂූන් වහන්සේලාට පමණක් පාර්ලිමේන්තුව හරහා අමතර නීති පනවන්නට උත්සාහ කරන්නෙ. මහා නායක, අනු නායක අධිකරන සංඝ නායක වගේ පදවි තිබෙන්නෙ සංඝ ශාසනයේ විනය ආරක්ෂා කරන්න නොවෙයිද? (බ)