පලුගස්වැව ගල්කඩවළ කුම්බිකුලමේදී අද (31) අලුයම යතුරුපැදියක යමින් සිටි කතකට පහරදෙමින් සිටි වල් අලියකු පළවා හැරීමට තැත් කළ දෙදරු පියකු අලි පහරින් මිය ගිය බව පොලිසිය කියයි.
කාන්තාව බරපතල තුවාල ලබා දඹුලු රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
පලුගස්වැව දෙමුන්නාවේ සරත් සෙනෙවිරත්න (52) දෙදරු පියා මිය යෑමෙන් පසු ගැමියෝ ද රිටිගල වනජීවී නිලධරයෝ ද එහි ආහ. දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ වීරයෙක්. ඔබතුමාට නිවන් සුව! (නි)
ඔහුට වන්දියක් ලබාදෙන්න කටයුතු කල යුතුයි (ම)
පාරමිතා පුරන මනුස්සයෙක් අනුන් ජිවත් කරවීමට තම ජීවිතය දන් දීල , ඔබට නිවන් සුව (අ)
දුක් මුසු පුවතක් (අ)
වන ජීවි නිලධාරීන්ගේ යම් අතපසුවීමක් සිදුවෙලා තියනවා නම් ඒ පිලිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් ඔය කියන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවකයින් ඉතාම දුෂ්කරතා මැද තමයි කටයුතු කරන්නේ, යාන වාහන පහසුකම් ඉතාම අඩුයි,අවශ්‍යකරන උපකරණ, සතුන්ට අවශ්‍ය බෙහෙත් වර්ග ඇතුළුව තව ගොඩක් දේවල් වල අඩුපාඩු තියනවා කෙටියෙන්ම කියනවා නම් හරියට යුනිෆෝර්ම් එකක්වත් නැහැ.සේවකයන්ගේ විශාල හිගයක් තියනවා. එවැනි දුෂ්කරතා මධ්‍යයේ වුණත් මොවුන් විශාල සේවයක් මේ රටට සහ ජනතාවට කරනවා. එවැනි අඩුපාඩු ගැන කිසිම රජයක් අවධානය යොමුකරලා නැහැ. ඒ හින්ද මේ වගේ අහිංසක ජිවිත අකාලයේ විනාශ වෙනවා. (අ)
මිලියන 300 - 600 ජනතා මුදල් වියදම් කරමින් යානවාහන අරගන ගමන බිමන යන ජනතා සේවකයන් ඉන්න රටක. ඒ බදු ගෙවන අහිංසක මිනිස්සු උදේට රැකියාවට යන ගමන් සත්ව ප්‍රහාර වලින් මහමග මැරිලා වැටෙනවා.ඔන්න ඕකයි ලංකාවේ සංවර්ධනය. ලංකාවේ මිනිස් ජිවිත වල ලන්සුව හරිම අඩුයි.මේක ජපානේ එහෙම වුනා නම් වන ජීවි ඇමති ඉල්ලා අස්වෙනවා.අපේ දේශපාලකයන් මේවා දකින්නේ පත්තරෙන් විතරයි (අ)
මෙම කණගාටුදායක පුවත ඇසීමෙන් අපගේ හදවත් කම්පාවුණා. ගමට වැඩක් කරපු හොද පුද්ගලයෙක් ,අපි අතරින් වෙන්වුණා. ඔහු ජීවිතයක් බේරාගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීම අප කාගේත් නෙතට කදුලක් ගෙනදෙන පුවතකි. අපි දන්නා අදුරන අපේම සහෝදරයෙක් වල් අලි ප්‍රහාරයකට ගොදුරු වි මියයාම පිලිබදව අපි හැමෝම දුක්වෙනවා ,මෙහිදී කණගාටුවෙන් මතක් කරදියයුත් කරුණක් තියෙනවා,එනම් මෙම පරදේශය හරහා විදුලි අලි වැටක් යෝජනවයේ මීට වසර 2 ට කලින්, අවාසනාවට අද වෙනතෙක් මෙම අලි වැට ඉදිකිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා නැහැ. ඇත්තටම විදුලි වැට ඉදිකර තිබුනා නම් දරු දෙදෙනුකට ආදරණිය තාත්තෙක් නැතිවෙන්නේ නැහැ,,අපි කාරුණිකව බලදරින්ගෙන් ඉල්ලන්නේ තවත් අහිංසක ජීවිත වල් අලියන්නට බිලිවෙන්නට කලින් අරක්ෂිත් විදුලි වැට ඉදිකර දෙන ලෙසයි. (අ)
වීරයෙක් ඔබ. ඔබට නිවන් සුව ලැබේව! (අ)
වඳින්න ගිය දෙවොල හිසේ කඩාගෙන වැටුනා වගේ වැඩක් මේකත්. මෙවැනි උතුම් දෙයක් කිරීමට ගොස් සිය දිවි පිදු මේ උත්තමයාට අපේ ආචාරය! එතුමාට උතුම් අමා මහ නිවන් සුව ලැබේවා! අර බවලතා මේ උදේ පාන්දර අලින්ගේ බල ප්‍රදේශ තිබෙන පළාතේ මොනවා කළාද? (නි)
ඉතා දුක් මුසු පුවතක්. ඔහුගේ එඩිතර බව අගය කළ යුතුයි. (ම)
වනජීවී නිලදාරීන් අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමට කටයුතු කරයි මෙය ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රියා කලාපයයි (ම)