(නිමන්ති රණසිංහ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ කෝප්‍රල්වරයා මාර්තු 30 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය එම නියෝගය ලබාදුන් අතර සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අනෙක් හමුදා නිලධාරීන් පස් දෙනා ද ලබන 3 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම සිද්ධියට සැකපිට මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සඳුදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd