(නිමන්ති රණසිංහ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘර වධහිංසා කළැයි කියන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනීමට නම් රාජ්‍ය තාන්ත්‍රික පියවර අනුගමනය කර කීත් නොයාර් මහතා දින 14ක් ඇතුළත මෙරටට ගෙන්වන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය රහස් පොලිසියට දැනුම් දුන්නාය.
තම ආරක්ෂාව සහ ගුවන් ගමන් ටිකට්පත් වියදම් සම්බන්ධයෙන් කීත් නොයාර් මහතා ඕස්ට්‍රේලියාවේ කැන්බරා ජාත්‍යන්තර පොලිසිය මගින් විමසීමක් කර ඇති බව ද, ඒ බව තම ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඒ අනුව හඳුනා ගැනීමේ පෙරට්ටුව ලබන 30 වැනිදා පැවැත්වීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින සාක්කිකරු නොපැමිණියහොත් කිසිදු විමසීමකින් තොරව පෙරට්ටුව අවලංගු කරනු ලබන බව දැනුම් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයගෙ ආරක්ෂාව සහ ගමන් වියදම් සම්බන්ධයෙන් නියොගයක් නිකුත් කරන්න බැරිද උසාවියෙන්? නොදන්න නිසයි අහන්නෙ.