කොටදෙණියාව, බඩල්ගම අකරංගහ දී සේයා දැරිය මරා දැමීයැයි සැකපිට අත් අඩංගුවට ගත් කොණ්ඩයා නම් සැකකරු ඇගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් නතරවී සිටි ඉංගම්මාරුවේ පිහිටි නිවසට පොලිස් ආරක්ෂාව සලසා ඇත.
සැකකරුගේ සහෝදරියක එම නිවසේ සිටි බව පොලිසිය පවසයි.
කොටදෙණියාව, බඩල්ගම අකරංගහ දී සේයා දැරිය මරා දැමීයැයි සැකපිට අත් අඩංගුවට ගත් කොණ්ඩයා නම් සැකකරු ඇගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් නතරවී සිටි ඉංගම්මාරුවේ පිහිටි නිවසට පොලිස් ආරක්ෂාව සලසා ඇත.
සැකකරුගේ සහෝදරියක එම නිවසේ සිටි බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර කන්කොටා කටුගේ කැඩුව නාට්‍ය වාගේ. ඇත්ත අපරාධ කරුවා සොයන්න. (අ)
තවත් පුංචි දැරියක් දුෂණය කර මරා දමා අවසන්. අපරාධ කරු සොයාගෙන දඩුවම් කරවී. ඔහුව එල්ලිය යුතුය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් ප්‍රශ්නය නම් එයින් ඊළඟ අපරාධය නවතීද? මගේ ආදරණීය මිතුරෙනි මේවට තිරසාර පිළිතුරු ඇත්තේ නීති පොතේ නොව ආගම පොතේ සහ වප එකිනෙක තුළය . එම නිසා ආගමික නායකයනි ඔබගේ කාර්යය කරන්න. ඔබේ යුතුකම දේශපාලනය කිරීම හෝ අනෙක් ආගම විවේචනය කරමින් මේවා නොදැක්ක සේ සිටීම නොවේ නේද ? එම නිසා අනෙක් ආගම වල අයගේ නොව තමාගේ ආගමේ අයගේ අඩුපාඩු සැදීමට වෙහෙසෙන්න. ඔබල විතරක් නෙමේ අපි සැම එක්කෙනාම මේවා නවත්වන්නට මට කල හැකි දේ කළොත් හෙට අපේ දියනිවරුන් බේරේවි . ඉතින් එන්න. මේවා නවත්වන්න වචනයකින් හෝ ඔබට කල හැකි දේ ඔබ කරන්න. මට කල හැකි උපරිමය මමත් කරන්නම්. මිතුර අපේ දියනියන්ව බෙර ගන්න අපි යමක් කරමු. අප සැමට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවි. (අ)
මේ වගේ තිරිසන්නුන්ට දෙන්න තියෙන උපරිම දඩුවම් දෙන්න ඕනමයි. නැත්තම් තවටික දවසකින් මු මානසික ලෙඩෙක් කියලා නිදහස් කරයි. මොකද මේක ලංකාවනේ. ඒ වගේම පොලීසිය ඇයි මේ මිනිහව මෙච්චරම ආරක්ෂා කරන්නෙ ඒකගේ මූන වහගෙන අර කලින් අත්අඩංගුවට ගත්තු අයව ගෙනිචචෙ එහෙම නෙවෙයිනේ. ඇයි මේ දෙවිදියක්? (අ)
අනිවාර්යෙන් මරණ දඩුවම දෙන්න ඕනි එකේ දෙකක් නෑ.එහෙම දුන්නා කියල ඕව එක පාර නතර වෙන්නේ නැ.අපරාද මිනි මැරුම් නැති රටක් නෑ. එත් ඒවාට නිසි දඩුවම් දෙනකොට ඉබේම ටික ටික නතර වෙනවා (දේශපාලනව මැදිහත් නොවී)ආගම පලි නැ ඕවට මොන කතාද .දරුවන්ව ආරක්ෂා කරන්න එක තමයි ගොඩක්ම කළ යුතු දේ. (අ)
තාත්ත හිරේ යවන කොට ළමයි මඩමට දාන් නැතුව අම්මට බාරදීල ඇස්පියාගෙන ඉදල. ඒ ළමයි අපරාදකරයන් කරලා (අ)
ඇන්ඩර්සන් ඔයා එක්ක මම එකගව්නවා ලංකාවේ ඇතැම් ආගමික නායකයන් දෙශපලකයන් ඔළුවට අරගෙන දෙශපාලන්ය කරනවා .මිනිසාගේ අධ්‍යාතිමක ජීවිතය හදන්න මොකද ඒ ගොලොලෝ කරන්නේ (අ)
දිමුතු,පිටිගල මිලානෝ! කොන්ඩයා පාපොච්චාරණය සමග ඔහු පැහැදිලි අපරදකරයා බව පෙනුනත්, ඇයි ඇත්ත අපරදකරුවා සොයන්න කියන්නේ? මට තේරෙන්නේ නෑ. පුලුවන්නම් පැහැදිලි කරන්න.(අ)
හැමදාටම ඔය වගේ පොලිස් ආරක්ෂාව දෙන්නත් බෑනේ්.(හේ)
ඇන්ඩ්‍රසන් මමත් ඔබත් සමග එකග වෙනවා. මරණීය දණ්ඩනය මේ අපරාද රැල්ල කෙටිකාලීනව හේතු වෙන අතර දීර්ගකාලීනව ආගම, පාසල, සමාජ ආකල්ප සහ විද්‍යත් මාධ්‍ය තුළින් ගේන අවබෝධය සහ දේශපලනක්යන්ගේ රැකවරණ අපරදකරයන්ට උදව් නොකෙරීම තුළින් මෙවැනි අපරාද අඩුකර හත හැකි. (අ)
දිමුතු , ඇත්ත අපරාධකරු තවම සමාජයේ සැරිසරනවා ..කොණ්ඩය යනු එක අපරදකරුවෙකු පමණි (බ)
මරණ දඬුවමට වඩා වේදනාවක් වන දීර්ඝ සිරදඬුවම දෙන්න (නි)
මරණ දඬුවම පිළියම නොවේ. මරණ දඬුවමට රට නොයවමු. ඕනෑම පිළිමක් මරණ දඬුවමට පහළින් සොයනු. අපි ම්ලාච්චත්වයට නොයමු. සමාජය සංකීර්ණ වීමේදී මිනිසුන්ගේ සැඟවුණු මානසික වියාදීන්ට පිළියම් නොසෙවීම ප්‍රශ්නයට මුලි. (ම)
මරණය තමා පිළීයම. එක අනිවාරයෙන්ම කළ යුතුයි (ම)
කොණ්ඩයාගේ නෑදෑයොත් දිමුතු,පිටිගල මිලානෝ! නමින් පච ප්‍රචාර පතුරුවමින් පොලිස් පරීක්ෂණ නොමග යවන්න හදනව වගේ පේන්නේ (බ)
එක්කෙනෙකුට දෙන්නෙකුට මරණ දඩුවම දුනනම් ඕක නතර වෙනවා .රටක නිතිය නැති වුනහම මිනිස්සු හැසිරෙන්නේ තිරිසන්නු වගේ (බ)
ආගම පුද්ගලයන්ගේ පුද්ගලික අවශ්‍යතාවයක් නමුත් මිනිස් සමාජයක නීති තිබෙනවා නීති කඩ කරන විට දඬු වම් දිය යුතුයි ඔබ මරණ දඬුවම හෙළ දකිනවා නම් මිනිසුන් අවීචි මහා නරකයට කල්ප ගනනකට යවනවට විරුද්දව යමක් කල යුතු නේද .(අ)
මෙවැනි මානසිකයින' ලංකාවේ බොහොමයි, ප්‍රතිචාර කියෙව්වාමත් එක තේරෙනවා, එකෙක් දෙන්නෙක් එල්ලලා දැම්මම ඔක්කොම හරියනවා. (අ)
මමත් දිමුතු අදහසට එකඟ වෙනවා මොකද කොන්ඩයගේ පාපොච්චාරණ සක තැන මටත් තියෙනෙව (අ)
අනෙක් ගොසිප් සයට්වල වගේ නොවේ මෙහි ප්‍රතිචාර දාන්නේ වැදගත් හා හරවත් ලෙසයි. මරණ දඩුවම ගෙනාවත් දුපපත් අසරන අයව එල්ලයි. ලොකු අය බේරෙයි. දැන් බලන්න බාල වයස්කාරියක් දෙමව්පියන්ගේ අවසරයකින් තොරව නිවසේ තබාගෙන සිටීම බලවතුන්ට හා අන් අයට බලපාන හැටි. (අ)
මොකද මිනිස්සු මේ තරමට පිරිහෙන්න හේතුව කුඩු, මත් ද්‍රව්‍ය, මුදල් පස්සේ දිවීම හැරුනහම රුපවාහිනිය, එෆ් එම් නාලිකා යන මේවායේ යන දේවල්. මිනිස්සු ආගමට දහමට හුරු නොවේ නම් මේ සල්ලි පස්සේ දුවන සමාජයේ ඉදිරියට මේවා තව වැඩි වැඩි වශයෙන් අහන්න ලැබේවි. ඔබේ ළමා කාලයේයි දැන් ඉන්න දරුවන්ගේ ළමා කාලයයි ගැන පොඩ්ඩක් හිතල බලන්න. මේ සත්‍යයට අපි සියලුම දෙනාට මුහුණ දෙන්න වෙනවා. මිනිසාගේ ආයු කාලය අවුරුදු 10 දක්වා අඩුවෙනකල් මේ පිරිහීම එන්න එන්නම වැඩි වෙනවා. ඒක නවත්වන්න සක්‍රයාගේ පුතාටවත් බෑ. මේක තේරුම් ගෙන පිනට දහමට නැබුරු වෙලා ඉන්න ටික දෙනා හැර ඉතිරි අයට අබ සරණයි ! (අ)
කොන්ඩයගේ පාපොච්චාරණයේ ගොඩක් අපැහැදිලි තැන් තියනවා. මේ මාධ්‍ය සංදර්ශන නවත්තල ඇත්ත මිනීමරුවා හොයන්න. (බ)