රත්මලාන තෙලවල බාබර් සාප්පුවක කොණ්ඩය කපමින් සිටි තරුණයකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඝාතකයන් යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මැරුම් කා ඇත්තේ රැකියා ඒජන්සියක පියුමාල් අබේරත්න (25) නම් පුද්ගලයෙකි.
රත්මලාන තෙලවල බාබර් සාප්පුවක කොණ්ඩය කපමින් සිටි තරුණයකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඝාතකයන් යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මැරුම් කා ඇත්තේ රැකියා ඒජන්සියක පියුමාල් අබේරත්න (25) නම් පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
පරණ කොන්තරයකට වන්නට ඕනේ , නන්දන පනාගොඩ ලියා තිබෙන දෙයම තමා මේ සිදුවන්නේ (දී)
මම ලගදී ලංකාවට අවවෙලේ හරිම බයෙන් හිටියේ. කුඩු කාරයෝ හැමතැනම. ළමින් පැහැරගෙන කප්පම් ඉල්ලනවා ඒ වගේම පාරේ යන ඔනම කෙනෙකුට අපගේ ජීවිතය තීරණය කළහැකි තරමට රට පත් වී ඇති බව මට පෙනීගියා (දී)
මිනිසුන් රහිත ප්‍රදේශයක තමයි ඉන්න වෙන්නේ අපිට (දී)
හරි වැඩේනේ දැන් කොන්ඩේ කපා ගන්න එලියට බැහැලාත් ඉවරයි. වැඩි කලක් නොගිහින් අපිට වෙන්නේ ගෙදර හාමිනේලට කියලා කොන්ඩේ කප්පවා ගන්න . (දී)
නන්දන ඔබ හරි (දී)
පාරේ බැහැලා යන්න බයයි (දී)
ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී. ධර්මයේ - හැසිරෙන්නා ධර්මය විසින් නිබඳව ආරක්ෂා කරයි. සනාතන ධර්මයද එයයි. (දී)
කොහොම උනත් හැමෝම තමතමන්ගේ වාසි බලාගෙන ජීවත් වෙන්නේ නැතුව අනුන්ට පොලු තියන්නේ නැතුව නිදහසේ පාරේ යන්න පුළුවන් ආකාරයට ජීවත් උනොත් හොදා.ඕකත් ඔය මුදල් ගනුදෙනුවක් වෙන්න ඇති. (දී)
මෙම පුද්ගලයා මගේ පාසල් මිතුරෙක්. කිසිම දෙයක් නොදැන කාටවත් චෝදනා කරන්න එපා. රැකියා ඒජන්සියක රැකියාවක් තමා කළේ. ඒත් රට යවන එකක් නෙමෙයි. ලංකාවෙ රැකියා තමා හොයලා දුන්නෙ. ඒක බොහොම සාර්ථක විදිහට කරගෙන ගියා. ඒ ප්‍රදේශයේ හැමෝම සමඟ බොහොම සුහදව සිටි පුද්ගලයෙක්. (නි)
මේක ඉතින් දැන් ආශ්චර්යය කරා යන මාවතකට වැටිලානේ තියෙන්නේ (නි)
වෙඩි තිබ්බේ ඇයි දන්නේ නැහැ (නි)
ඇත්තටම මියගිය කෙනා අහිංසක පුද්ගලයෙක් වෙන්න බැරිද? (නි)
මේක හරියට නෙට් වර්ක් එකක් වගේ.කෙළවරක් නැහැ මරා ගැනිල්ල (දිල්)
උදේ සිට රාත්‍රිය වනතුරු පිරිත්, බණ , ඇහෙන ලංකාවයි ඉතාලියේ මාෆියාවයි සංසන්දනය කරලා හිත හදාගන්න බැහැ. අපේ රටට් මේ දේ වුණේ මෑතකදී නොවේද? (නි)
ඉස්සර බලපු වෙස්ටර්න් චිත්‍ර පට වලත් මෙහෙම සිද්දීන් දෙක්කා ; දැන් ඒවා ලංකාවේ සාමාන්‍ය සිද්දීන් වෙලා (දී)
නන්දන, ප්‍රියන්ත දෙන්නා ඉන්නේ ස්විස්සර්ලන්තේද ? ලංකාවට ගරහනවා. අපි නොදන්නා මිලානෝ. ලංකාවටත් මෙහෙම උනේ ඔයවගේ රටවල් වලින් තමයි (දී)
සුබ අනාගතයක් බලාපොරොත්තු වියහැකිද? (නි)
මහේෂ් එකනම් ඇත්ත .... ඒගොල්ලෝ හිතාගන ඉන්නේ මිලානෝ, රෝම්, පදොවා වගේ නගර දිවියලෝක කියල ලංකාවේ මිනිස්සු හිතන්නේ කියල. මාෆියා කාරයන්ගේ තිප්පොළක් ඔය මිලානෝ කියන්නේ. මම දන්නා යුරෝපා නගර වලින් නරකම නරක නගර කීපයක් ඔය. (දී)
තුට්ටු දෙකට බැහැලානේ මේ මිනිස් ජිවිත ....... (නි)
මේක වැරදීමක්ලු...... ඇත්තටම මියගිය කෙනා අහිංසක පුද්ගලයෙක් මොහුගේ බිරිඳට දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා (අ)
අද ඔහුට, හෙට මට විය හැකියි..... (නි)
ඉතාලිය කියන්නේ යුරෝපයේ තිබෙන මැද පෙරදිගට රටකට සමාන රටක් , මම මෙය ලියන්නේ මමත් මෙහි ජිවත් වන නිසා , ලංකාව දහස් ගුණයක් හොඳයි ඉතාලියට වඩා , නමුත් උගත් කමක් නොමැති අයට මෙහි ආවම මෙහෙ සුරපුරයක් වාගේ , (ස)
ගිනි අවි සහ ගිනි කෙළි !!! (ස)
මිනිසා පැවත එන දා පටන් මිනීමැරුම් වුණා. (නි)
කුඩු කාරයෝ මිනී මරුවෝ ගොඩට දාන්න එපා. පිස්සුවෙන් වගේ නිකන් කමෙන්ට් දාන්න එපා කිසිම දෙයක් නොදැන (ස)
මේ මිනි මරුම ගැන අපි අගක් මුලක් දන්නේ නැ.සමහරු පිට රටකට ගියාම උපන් බිම බින්දුවට බස්සලා කතා කරන්නේ ,ජනගහනයට සාපේක්ෂව ලංකාවේ අපරාධ අඩුයි. (ස)
ප්‍රියන්ත , මට කියන්න තියෙන්නෙත් ඔය ටිකමයි.දැන්නම් නිවාඩුවකටවත් නෑවිත්, පිටරටකම ඉන්න එකෙන් අපේ ජීවිත හෝ රැකෙනවා (නි)
කුඩුකාරයන්ට බනින්න එපා. ඒ අය හරි අහිංසකයි (නි)
අපේ අදහස් දමන පිටිගල බොහොම නිශ්ශබ්දයි ! කිසිම ආරංචියක් නැහැ ටික කාලයක ඉඳලා. (නි)
දැන්නම් පාරේ බැහැලා යන්නත් බයයි (නි)
අග මුල මොකක් වුණත් මේක මිනීමැරුමක්. ඔව් ඉතින් දැන් අපිට කියන්න ඉතිරිවෙලා තියෙන්නේ අනිත් රටවල් එක්ක බලනකොට අපෝ මේවා මොනවද කියා තමයි. මෙහෙම කිය කියා තව අවුරුදු කීයක් ඉන්න පුළුවන් වේද බලමුකෝ. තමන්ගේ කෙනෙකුට මහදවල් වෙඩි තියලා ගියාම අනිත් රටවල් මතක් කරලා හිත හදාගනිමු. (නි)
මිනීමරන්නේ කුඩුකාරයෝ ගංජා බොන අය විතරද?ඒවා හොඳ දේවල් නොවේ.එහෙත් අපරාධ වල මහා මොළකාරයෝ සිගරට් එකක්වත් නොබොන අය.මොන දේ වුණත් වැරදි පටවන්නේ අන්තිමට කුඩු බොනකෙනාට. (නි)
"අවිගත්තෝ අවියෙන්ම නසිති " ඒ දේවල් තමා අද ලංකාවේ සිදුවන්නේ (නි)
රැකියා ඒජන්සියක නම් සමහරවිට සල්ලි අරගෙන රැකියා නොදී හිටියද දන්නෙ නැහැ. එහෙම නැත්නම් බොරු කියලා සල්ලි ගත්තද දන්නෙත් නැහැ. පානදුරයේ මම දන්නා කෙනෙකුත් ඔය විදියටම අහිංසක මිනිසුන්ගේ සල්ලි අරගෙන පැනලා ගියා (නි)
ලංකාව මේ තත්ත්වයට ඇදවැටුණේ කෙසේද? (නි)
එයත් මොකාක් හරි වැරදි වැඩක් කරලා ඇති (දී)
මේ මියගිහින් තියෙන කෙනා ගැන මට වැඩි විස්තර කියන්න දන්නා කෙනෙක් කරුණාකරලා. (නි)
මෙහෙම යනකොට නම් ඉතින් මාර්ගයකම,කඩ,සාප්පු ,නිවාස,කන්තෝරු,පන්සල්,පල්ලි ,පාසල්,පොලීසි වලත් සී.සී.ටී.වී.කැමරා අනිවාර්ය කරන්න වෙයි.අඩු මිලකට චීනෙන් වත් ගෙන්වුවොත් අපිටත් සවි කර ගත හැකියි (දිල්)
අපි මොන මොනවා කිවුවත් ලොකු හේතුවක් නැතිව නිකම්ම මිනිහෙක් මරන්නේ නැහැ. ටිකක් ඉඳලා බලමු. (නි)
කුඩු කාරයෙක්ට රුපියල් පන්දාහක් දීලා 'අන්න අරයා' කියල පෙන්නන එක විතරයි තියෙන්නේ. මොහොතින් 'අරයා' පරලොව. අහෝ...ලංකාවට මොකද මේ ටික කාලේදී වුනේ? (දී)