තරිඳු ජයවර්ධන
‘අනේ මහත්තයෝ මට ඇතුළට යන්න දෙන්න. මගේ පවුලම ඉවරයි. ඇයි මට යන්න දෙන්නේ නැත්තේ? අපිට ඇතුළට යන්න දෙන්න.‘ මීතොටමුල්ලේ ප්‍රදේශවාසියෙක් හැඬූ කඳුලෙන් එම ඉල්ලීම කළේ යුද හමුදා සාමාජිකයන් පිරිසකගෙනි. ඒ සිංහල දෙමළ අලුත් අවුරුදු දා රාත්‍රියේ ය.
කොළොන්නාවේ මීතොටමුල්ල වැසියෝ අලුත් අවුරුදු දා නැකතට කිරි ඉතිරෙව්වේ නව වසරේ දහසකුත් පැතුම් ඉටු කර ගැනීමේ සිතිවිල්ලෙනි. අණුන්ගේ කුණු නිසා ඒ සිතුවිලි සැනින් වියැකී යතියි ඔවුන් සිතුවේ නැත.
කිරි උතුරවා නැතකට කිරිබත් අනුභව කර ගතවූයේ නත්නම් පැය හයකට ආසන්න කාලයක් පමණි. ප්‍රදේශවාසීන්ට සිදුවූයේ කිරිබත් කෑ සැනින් මළ බත කෑමටය. ඒ පිරිසකට පමණි. සෙස්සෝ තවමත් පොළොව යටය.
සිකුරාදා (අලුත් අවුරුදු) දා සවස 2කට පමණ ඇත. ‘දුවන්න.. දුවන්න.. දුවපල්ලා..‘ යයි පිරිසක් කෑමොර දෙන සද්ධයත් සමඟ කඩිගුලක් ඇවිස්සුනාක් මෙන් ප්‍රදේශවාසීහු දුවන්නට ගත්හ. කිහිප දෙනෙක් දිව ගියත් වැඩි දෙනකුට දිව යන්නට හැකි වූයේ නැත. කුණුකන්ද පාමුල තිබූ නිවාස ගැලවී ගොස් ඊට මීටර ගණනක් ඈතින් වූ නිවාස මතට පතිත විය. ප්‍රදේශවාසීන්ට අනුව මේ සියල්ල සිදුවන්නට ගතවූයේ මිනිත්තු දෙකක් පමණි.
ඒ සමඟම අවට සිටි පිරිස් ලහි ලහියේ එහි පැමිණි පස් සහ කුණු කන්දට යටවූවන් සොයන්නට පටන් ගත්හ. කිහිප දෙනකු බේරා ගැනීමට ඔවුහු සමත් වූහ. සිද්ධිය සැලවීමත් සමඟ බේරා ගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය ද යොදවන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.
කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදාව එහි එන විට සිද්ධියෙන් පැය දෙකක් පමණ ගතවී ගොස් තිබිණි. යුද හමුදාව මගින් බේරා ගනු ලැබූ හතර දෙනෙක් ද රෝහල් ගත කරනු ලැබූහ. සෙසු පිරිස බේරා ගනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙනි. පොලිසිය ද ඔවුනට සහාය විය.
අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අලුත්ම තොරතුරු අනුව පූර්ණ වශයෙන් හානි වී ඇති නිවාස ගණන 145කි. පවුල් 180කට අයත් 625 දෙනෙක් අවතැන් වී සිටිති. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ මේ වන විට 16 දෙනකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.
තවත් කෙතරම් පිරිසක් පස් යටදැයි වගකිව යුතු ආයතන කිසිවක් නිල වශයෙන් ප්‍රකාශ කළේ නැත. ඔවුන් කීවේ පුද්ගලයන් ගැන සංගණනයක් කරගෙන යන බවයි. ප්‍රදේශවාසීන්ට අනුව තවත් විශාල පිරිසක් තවමත් ඇත්තේ පස් යටය.
මීතොටමුල්ල කුණුකන්ද නායයෑමෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට සහ සෝදිසි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 500ක් ද, ගුවන් හමුදාවේ 100ක් ද, පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 500ක් ද යොදවා ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ඊයේ (15) සවස ආරම්භ කළ ගලවා ගැනීමේ මෙහෙයුම් රාත්‍රී 9ට පමණ නතර කැරිණි. ප්‍රදේශයේ පැවැති දැඩි අඳුර සහ කුණු ගොඩින් වතුර ගලා ඒම ඊට හේතුව බව ඔවුහු කියති.
ඉන් පසුවද ප්‍රදේවාසීහු එක්ව සෝදිසි මෙහෙයුම් කළහ. මහ රෑ 12 පසු වන විටත් ප්‍රදේශවාසීහු පිරිසක් සිය ඥාති හිත මිත්‍රාදීන් සොයන්නට වෙහෙසෙමින් සිටියහ.
අද උදෑසන ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණු අතර යළි සෝදිසි සෙහෙයුම් ඇරැඹීය. හානි වූ නිවාස ගණනාවකට කණ්ඩායම් වශයෙන් ගොස් හමුදා කණ්ඩායම්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුම් සිදු කරද්දී තවත් පිරිසක් ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියහ.
නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහත්වරු අද උදේ සිද්ධිය වූ ස්ථානයට පැමිණියහ. ඔවුන් අවතැන් වූ ජනතාව සමග සාකච්ඡා කිරීමට ගිය බවක් දක්නට නොලැබිණි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔවුන් මුලින්ම කැඳවාගෙන ගියේ සහන කණ්ඩායම් ක්‍රියාත්මක වන කාමර දෙකකටය. ඉන් පසු සිද්ධිය වූ ස්ථානය දැක බලා ගැනීමට ඔවුන් යද්දී ප්‍රදීශවාසීහු හූ තැබූහ. පිරිසක් සාප කළහ. මේ නිසා ප්‍රභූන්ගේ ආරක්ෂාවට විශාල පිරිසක් යොදවනු ලැබ සිටියහ.
‘මැරුණට පස්සේ ආවේ මොනවා බලන්නද? දේශපාලකයෝ එකතු වෙලා මිනිස්සු මරා ගත්තා. මිනීමරුවන්ට එන්න දෙන්න එපා.‘ යැයි කියමින් ප්‍රදේශවාසීන් හඬා වැටෙනු දක්නට ලැබිණි. කිසිම දේශපාලනඥයකුට ප්‍රදේශයට ඒමට ඉට නොදෙන ලෙස පිරිසක් පොලිසියෙන් ඉල්ලා සිටියහ.
කුණු කන්ද ඉවත් කරවීම සඳහා වසර ගණනාවක සිට අරගලයක නිරතව සිටින නීතීඥ නුවන් බෝපගේ මහතා ඇතුළු පිරිසක් උදේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණේ සිදුවී ඇති ව්‍යසනයේ සැබෑ තත්ත්වය ගැන තොරතුරු ජනතාවට ලබා දීම සඳහාය. එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රදේශවාසීහු විටෙක හැඟීම්බරවද, විටෙක ආවේගයෙන් ද අදහස් දැක්වූහ. බොහෝ දෙනෙක් කීවේ සිද්ධිය ගැන සත්‍ය තොරතුරු ජනමාධ්‍ය මගින් විකාශය නොකළ බවයි. ජනමාධ්‍ය සත්‍ය වසන් කරමින් වාර්තා කරන බව කී ඔවුහු සැබෑ තොරතුරු වාර්තා කරන ලෙස ආයාචනා කළහ.
ඒ කටයුතු සිදුවෙද්දී ආරක්ෂක අංශවල සෝදිසි මෙහෙයුම්ද දිගටම සිදු විය. අද දහවල් කළ සෝදිසි මෙහෙයුම් වළදී මළ සිරුරු පහක් පමණ සොයා ගනු ලැබ රෝහල් කරා ගෙන යනු දක්නට ලැබිණි.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුණුකන්ද පාමුල ඛේදවාචකය
Shanaka Saturday, 15 April 2017 01:04 PM
ඔය ආපු දෙන්නා ආවෙ එක ළඟ හරි නමකට බර කරලා එයාලගේ ගොඩට ඡන්ද ටික දාගන්න. මේ වගේ අයටනේ ඡන්දය දුන්නේ මේ අහිංසක ජනතාව...
Susil Saturday, 15 April 2017 01:08 PM
මේ අයට කුණුවලින් කොමිස් ගන්න පුලුවන්නම් කුණුවලින්ම නාවන්නයි තිබුනෙ....
ධම්ම Saturday, 15 April 2017 03:12 PM
මිරියබැද්ද, අරනායක, සාලාව අමතකම වෙලා යාවි. මේ ගැම්ම තවත් සෝඩා බෝතලයක් නොවේවා.!!!
arschfikaa Saturday, 15 April 2017 03:14 PM
අනාථ වූවන්ගේ බඩු මුට්ටු හොරකමට ආවේ සිංහල අයයි, වෙන ජාතිකයෝ කවදාවත් ඔයවගේ පාප ක්‍රියා කරන්නෙ නැහැ...
sujeewa Saturday, 15 April 2017 03:28 PM
අරණායක නාය ගිහින් අසරණ උන මිනිස්සු තවමත් ඉන්නේ උස්සපිටියේ කූඩාරම් වල. දැන් කොච්චර කල්ද? මුල්ලේරියාවේ අසරණයන්ටත් එච්චරම තමා. ආණ්ඩුවේ අයට කෝටි ගණන් වටිනා වාහන....
sam Saturday, 15 April 2017 10:22 PM
අනවසර පදිංචිකරුවොත් මනුෂ්‍යයෝය.... කියලා බලධාරීන් වටහා නොගැනීමත් මේකට එක හේතුවක් ...
abaran Sunday, 16 April 2017 04:38 AM
මිනිස්සුන්ගෙන් ඡන්දය හිඟා කෑ සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසුණු පිරිසක් නොයෙකුත් ආකාරයට මිනී මරති... මීතොටමුල්ල කුණු කන්ද වක්‍රාකාරව කරනු ලැබූ මනුෂ්‍ය ඝාතනයන්ය.....මෙය ජාතික විපතකි...මෙවන් විපත් රට පුරාම ඔවුන් විසින් සිදුකෙරෙනු ලබන අතර එය ජනතාවට නොදැනෙන්නේ ජාතියේ අවාසනාවටය....
ashan Sunday, 16 April 2017 03:16 PM
මන්ත්‍රීලගේ වැඩ නිසා තමයි මීතොටමුල්ලේ මිනිස්සු මැරුණේ. ඔය වගේ තිරිසනුන්ට ඡන්දෙ දෙන්න නරකයි..
outsider Monday, 17 April 2017 07:42 AM
දැන් අඬඅඬා හිටියට ආයෙත් ඔය පාහරයොන්ට ඡන්දෙ දෙන්නෙත් ඔය මිනිස්සුම තමා.. ඔය කුණු වලින් හම්බ කරා කියන දේශපාලකයො බලයට ආවෙ ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ ඡන්ද වලින් නෙවෙයිනෙ. පුලුවන් නම් ඔය ගැම්ම ඊලඟ ඡන්දෙ වෙනකන් තියගෙන ඉන්න. එහෙම ඉඳල කැන්වසින් එන අයට දෙන්න තියෙන්නෙ දෙකේ දෙකේ පොලු වලින්. කොහෙද? ඉතින් අපේ අයගෙ මතකෙ සති දෙකයි නෙ....
menna Monday, 17 April 2017 12:14 PM
අනවශ්‍ය වරයවලුයි, අනවශ්‍ය ගුවන් තොටුපොළවල් හදන්නේ නැතිව, තියෙන කුණු ටික අඩුකරගන්න ක්‍රමයක කාටවත් හිතුනේ නැද්ද දන්නේ නැහැ. ලංකාවේ ඉන්නවයි කියන උගත්තු කෝ? කුණු ගොඩවල් එක්ක ජිවත් වෙන්නද ඉගෙන ගන්නේ? එහෙම නැත්නම් ලංකාව කුණුගොඩක් වෙනකන් බලන් ඉඳල විදේශයකට යන්නද?
sensa Wednesday, 19 April 2017 03:12 AM
වෙන රටකනම් මේවට වගකිවයුතු දේශපාලකයින් හා නිලධාරින් ඉල්ලා අස්වෙලා. මේ අය මේකත් සෙල්ලමකට අරන් එක එකාට බෝලේ පාස් කරනවා.