(වත්තල ඇන්ටන් ජයසූරිය)
කොළඹ නගරයේ එකතුවන කැළි කසළ මුතුරාජවෙළ බෝපිටිය රක්ෂිතයට රැගෙන ඒමට විරෝධය පාමින් කුණු ලොරිවලට පහර දුන්නැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අද දහවල් කසළ ලොරි පහක් බෝපිටියට රැගෙන ආ අවස්ථාවේ ඊට විරෝධය දැක් වූ පිරිස් හා පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
එහිදී උද්ඝෝෂකයන් ගල්වලින් කුණු ලොරිවලට දමාගැසූ බවද දැනගන්නට ඇත.
මෙම කලබලකාරී තත්ත්වය සහ කුණු ප්‍රශ්නටය විසඳුමක් ලබා ගැනීමට වත්තල මීසම්පාලක ආනන්ද විතාන සහ සහකර මීසම්පාලග දිනූෂ ගයාන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හා සාකච්ඡාවකට ගිය බවද උද්ඝෝෂකයෝ පැවැසූහ. කසල ලොරි 111ක් පමණ බෝපිටිය රක්ෂිතයට ඊයේ දින පමණක් රැගෙන ආ බව ප්‍රදේශවාසීහු පැවැසූහ.










COMMENTS
ඉස්සෙල්ල අත් අඩංගුවට ගන්න ඕනේ රක්ෂිතයට කුණු දාන අයවනේ...
පුදුම රටක් මේක. රක්ෂිතයකට නිකමටවත් නිසි අවසරයකින් තොරව ඇතුල් වෙන්නවත් බැරිකොට, කුණු ගෙනිහින් දාන්න ඉඩදෙනවා. අරහෙන් රක්ෂිතය කප කපා ජනාවාස ඇති කරවනවා. මෙහෙන් කුණු දානවා. අන්තිමේදී හොයාගන්නවත් බැරි ලෙඩ-රෝග-වසංගත මිනිස්සුන්ට හැදෙනවා. ඒ ඔක්කොම කරවපු අය අරයට මෙයාට ඇඟිල්ල දික් කරකර ප්‍රශ්නේ යටපත් කරවනවා. මිනිස්සුන්ව බලහත්කාරයෙන් අසරණ කරවන රාජ්‍ය තන්ත්‍රයක් ලංකාවේ තියෙන්නේ.
රටේ තිබෙන කුණු ටික හරිහැටි කළමනාකරණය කර ගන්න බැරි පාලකයෝ කොහොමද රටක් පාලනය කරන්නේ? ජනතාවගේම පව්කාර කමට පත් උන, ඔළුගෙඩි ටිකත් කුණු වලින් පිරුණු, පරිසරයත් කුණු වලින් විනාශකරන රටම ගඳ ගස්සවන අඥාන නායකයින් තමයි අපිට ඉන්නේ.. කට කයිවාරු විතරයි වැඩ බැරි ටාසන්ලා !!!
මේ විරෝධකරුවන් ගේ කුණු ප්‍රශ්නය විසදීමට විකල්පය කුමක්ද යන්න රජය සොයා බැලීම රජයේ වගකීමක්
මේක විධායක බලතල යටතේ නීති ගෙනල්ල, පරිසර හානිකිරීමට විරුද්ධ මිනිස්සු හිරේ දාල විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවේ මහත්තයෝ. මේ කුණු ප්‍රශ්නෙට රජයක් හැටියට ස්ථිර විසදුමක් දෙන්න
ශ්‍රී ලංකා හමුදව හා පොලිසිය කුණු ලොරි ආරක්ෂා කරමින් මිනිසුන්ට හිංසා කිරීමට යොදවන නායකයනි ... ඔබතුමන්ලා ගැන අපගේ අප්‍රසාදය !!!
අපේ මිනිස්සු හැම වැඩටම දේශපාලකයින්ට බනිනවා. වැඩකට නැති අයව පත් කරන්නෙත් මහජනතාව. ගෙදර කුණු හැමතැනම දාලා ඩෙංගු හැදුනම දේශපාලකයන්ට බනිනවා. ඒ අය මොනවා කරන්නද? කුණු ඔක්කොම කවලමේ ගෙනත් ලොරියට දල නගරසභාවට කියනවා recycle කරගන්න කියලා. බනින්න ලේසියි. වැඩේ කරන්නනේ අමාරු. කුණු දාන්න එපා කියන්නේ නගර සභාව කුණු ටික කන්නද? එහෙනම් නගරසභාව කුණු එකතු කරන එක නවත්තලා කුණු ගෙවල් වලම තියාගන්න කියන්න තියෙන්නේ.
එකපාරට විසඳන්න බැහැ. ඉන්න චම්පික මෙගා පොලිස් හදනකම්...
කුණු එපා කියලා පරිසරයට බොරු ආදරයක් පෙන්වන මිනිස්සු ම තමා මුතුරාජවෙල අනවසර ගොඩකිරීම් කරන්නේ. ලංකාවේ ඡන්දදායකයා කියන්නේ දේශපාලකයාට වඩා ජරා ජාතියක් වෙලා.
මිනිස්සුන්ට සල්ලි නැහැ, එ් නිසා ඔය ඉතුරුවෙච්ච ඉඳුල් සමග කුණු කාලම ජීවත්වෙන්න කියන ඔය අදහස හොඳයි නේද?
මේ ප්‍රදේශය ඉතාම සුන්දර ස්ථානයක් මුතුරාජවෙල රක්ෂිතය කුරුල්ලන් ගැවසෙන මේක ඉතාම අනුවණ ක්‍රියාවක් මේ ඉඩම වත්මන් අයිතිකරු ගත්තේ කෝටි ගණනකට මෙය ආණ්ඩුවට බදු දීල ඇත්තේ මීට වඩා මුදලකට මේ ස්ථානය අසලම ජීවත්වන අයට වෙනත් ප්‍රදේශයකට යනවා හැර වෙනත් විකල්පයක් නැහැ .අපි දැනට ඉන්න රටේ විශාල ජනගහනයක් ඇති නමුත් කුණු කඳු නැහැ එදිනෙදා එකතුවන අපද්‍රව්‍ය ක්‍රමානුකුලව වලදමා වගාවන් කරනවා විශාල උද්‍යානයක් හැදුව අපි වැඩ කරන්නේ මෙම වයාපෘතිවල බැරි කොටස් විද්‍යානුකුලව දහනය කර ගැස් නිපදවනවා තාර නිපදවනවා විසඳුම එයම වෙනවා වසර ගණන් ගතකරන්නෙත් නැහැ දේශපාලකයන්ට මුදල් බෙදා ගන්නවා හැර ජනතා සිතුම් පැතුම් ගැන ඔවුන්ගේ අනාගතය ගැන හිතන්න බැරි වෙලා තියෙන්නේ ආණ්ඩුවේ අස්ථාවර බවය නිසා අදද හෙටද ප්‍රශ්නය නිසා ඉක්මනින් මුදල් හොයන්න ගිහින් අහිංසක දුප්පත් මිනිසුන් දරුවන් මිය ගියා
රක්ෂිතය හොර ඔප්පු සාදාගෙන අයිති කරගෙන ආණ්ඩුවටම කෝටි ගණනට බදු දෙනවා කුණු කඳු ගහන්න