කොළඹ වරායේ ඉවත දැමූ ලොකු ලූනු කන්ටේනරයක් ගලේවෙල මකුළු ගස් වැව ගබඩාවක තෝරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතා පොලිසිය කළ දැනුම්දීම අනුව පොලිස් ස්ථානාධිපති රුක්ෂාන් පෙරේරා මහතා මේ වැටලීම් කළේය.

එම පුවත පළ කිරීම වැළැක්වීම සඳහා ලංකාදීප එසැණ හා ලංකාදීප වාර්තාකරු කාංචන කුමාර ආරියදාසට රුපියල් පනස් දහසක අල්ලසක් දීමට එහි සිටි පුද්ගලයෙක් ඉදිරිපත් විය.