සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝග අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් වේ.
මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම හෝ අන් අන්දමකින් පෙළඹවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්ට බාධා කිරීම මෙන්ම ඒ සඳහා ලිඛිතව හෝ වාචිකව බලපෑම් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එවැනි වරදක් කරන ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට ඇතැයි ද එම අංශය කියයි.
මෙම නියෝග අද මධ්‍යම රාත්‍රී සිට වලංගු වේ.

COMMENTS
එන එන විදිහට ගහ උළුවස්ස කිව්වා වගේ, මේකත් කරලා බලමු.
ඡන්ද නම් තියන්නේ නැති බව හොඳටම පැහැදිලියි.
මේවගේ අවස්ථාවාදී අයට දඩුවම් කල යුතුයි
ඒ කියන්නේ මේ නීති තිබ්බනම් ඉස්සර උද්ගෝෂණ කල මීතොටමුල්ල මිනිස්සු හිරේ දාන්න තිබ්බ නිකන්ම. දැන් මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් අස්සේ කුණු ගොඩගහන එකට විරුද්ධ වෙන්නත් බැරිද? නිකන්ම මැරිලා යන්න විතරද වෙන්නේ කට වහන් ඉඳල? පුදුම ප්‍රජතන්ට්‍රවාදී ආණ්ඩුවක්! වෙනස සැපයි...
මේ විදියට ගත්තම දැන් ඕනෑම පළාත් පාලන ආයතනයකට ඕනෑම ඉඩමක කුණු දාන්න පුළුවන්නේ හිතෙන හිතෙන විදියට. ඇයි ඒවාට විරුද්ධ වීම වරදක්නේ. දේශපාලුවන්ට හොඳහැටි කොමිස් ගසකන්න පුළුවන් දැන්.
ඔන්න අදම ආනිසන්සේ හම්බවුනා කදුළු ගෑස් වලින්."ඔබට සතුටුයිද දැන් "
මේවට නම් ඉක්මනට ගැසට් පත්‍ර එලියට දානවා,මොකද ආණ්ඩුවට පන නැතිද ,උවමනාවක් නැතිද,ලැබෙන සන්තෝසම වැඩිද .? එලියට දාන කුණු වෙන්කරලා ,දිරන නොදිරන විදියට බැහැර කරන්න නීති දමන්න.පොලිතින් කොන්ටනර් පිටින් පාරිභෝගිකයින් හරහා පරිසරයට මුදා හරින සුපර් මාර්කට් වලට නීති දමන්න ,දිනකට ප්ලාස්ටික් බෝතල් මිලියන ගණනක් පාරට,ගංගාවලට මුදා හැරෙන ලෙස බීම බෝතල් විකුණන සමාගම් වලට නීති දාන්න ?
පසු වි හෝ මෙවැනි තද නිති ගෙන ඒම පිළිබදව අතිගරැ ජනාධිපති තැමාට අපගේ ප්රානාමය. අප රටෙ දේශපාලුවො මෙම දුක්බර අවස්ථාව උන්ගෙ පැවැත්මට භාවිතා කරනවා. අපගේ නිවාසවලින් පිටවන අපදුව්‍ය ඉවත්කිරිම අත්‍යාවශ්‍ය සේවාවක් විය යුතැයි.
නියමයි! දැන් කුණු බොස්ලට පුලුවන් ඕනෑම තැනක තියෙන ඕනෑම වර්ගයක කුණූ ඕනෑම වෙලාවක ඕනෑම තැනකට ඕනෑම විදිහකට ගෙනිහින් ඕනෑම විදිහකට "කලමනාකරනය කරන්න" ! ජහමනයා කට ඇරියොත් බඩු බනිස්!
කුණු ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර ලක්ෂ 300 ට ඉස්තරම්ම එකක් මිලදී ගන්න පුළුවන්. මන්ත්‍රී කෙනෙක්ගේ එක පර්මිට් එකක සල්ලි. මේ යන්ත්‍රයෙන් දිනකට කුණුවලින් ප්ලාස්ටික් , කඩදාසි , යකඩ ,ටින් කිලෝ ලක්ෂය 8 ක් වෙන් කරගන්න පුළුවන්. මේ වෙන් කරගන්න ඒවා පැක් වශයෙන් සකස් කර විදේශ රටවල කර්මාන්තශාලා වලට ඉතා ඉහල මුදල් වලට විකුණා හොද අදායමක් ගන්නත් පුළුවන්. ඇයි මෙච්චර සරල දෙයක්වත් රටේ වෙන්නේ නැත්තේ කියන එක තමා ප්‍රශ්නේ ? අපේ රටේ හැමෝම බලාගෙන ඉන්නේ අගමැතිතුමා හැම ප්‍රශ්නයක්ම විසදනකල්. ඇමති මණ්ඩලයක් , මන්ත්‍රීවරු ඉන්නේ වාහන පර්මිට් ගන්න සුරසැප විදින්න විතරද?
දැන් ඉතින් කුණු වලින් වාසි ගන්න හිට්ය අයට රිදෙයි...
යහපාලානේ ජනපති ,,, ඔබ කෙසෙල් කොලේ බත් කා , කොටි 35 වාහනේ යමින් , ගහන ගසෙට් නිවේදන ඉතා අගනේය,, ජනතාව ගැන බලන උතුමෙකි ඔබ,..
මහින්ද අවරුදු 30 ක් තිබුන බයානක යුද්දේ එඩිතර ලෙස ඉවරකලා . මෛත්තිරිට මේ කුණු ප්‍රස්නේ ඉවරකෙරගන්න බැ.අබසරනය් ශ්‍රීලංකා !!!!
මේ කුණු ප්‍රශ්නය විසඳන්න එතරම් අමාරු නැහැ. මීට අවුරුදු කීපයකට කලින් රත්නපුරේ කුණු දමන තැන මැණික් හම්බ උනා කියල ගොඩක් මිනිස්සු ලොරි වලින් කුණු කන්ද අරන්ගියා. මේකෙත් දියමන්තිත් හම්බ වෙනවා කියල ප්‍රචාරයක් දුන්නනම් ලංකාව පුරා අය ඇවිල්ල මේ කුණු තමන්ගේ ගෙවල් වලට අරන් යනඑක ෂුවර්
පමාවී හෝ මෙවැනි අත්‍යවශ්‍ය ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ගැන අප හැම දෙනාම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතු වෙනවා. කසල ගොඩවල් මුල්කරගෙන කුණු කතා කියමින් රජයට ගල්මුල් එල්ල කරන නිකමුන්ට මෙය හොඳ කනේ පාරක් උන බව සහතිකයි. වසර ගණනක් තිස්සේ, රට කරවපු අයත් කුණු කඳු මත නැගී බලයට එන්න දඟලන්නේ උන්ගේ අඩුපාඩු කුණු කන්දට යට වෙයි කියල හිතාගෙනද ? රටක දියුණුවට, අවශ්‍ය වුන විට දැඩි නීති රීති උවමනා නොවේද ?
එක හොඳ වැඩක්. මේ රටේ මිනුස්සු හැම මගුලකටම විරුද්ද වෙනවා. ජය වේවා ජනපති තුමනි.
ඔන්න දැන් ඉතින් ඕනේ කෙනෙකුට පාර අයින්වල කුණු දාන්න පුළුවන්. විරුද්ධ වෙන්න බැහැ.
අතන කුණු මෙතනටයි , මෙතන කුණු වෙන තැනකටයි දානවා ඇරෙන්න වෙන දෙයක් දන්නෙම නැද්ද අපේ ලොක්කෝ ? කසල ප්‍රතිචක්‍රීය කරණය වගේම කසල කළමනාකරණය කරන්න බැරිද? මිනිස්සුන්ව බය කරලා කුණු ගෙනත් දාන්නනම් ආණ්ඩුවක් මොකටද? චන්ඩි ටිකකට කිව්වනම් ඉවරනේ කතාව .
කුණු ප්‍රශ්නය ඇතිවීමට හේතුව එය හැම විටම දුප්පත් අයට අසාදාරනයක් වන විධියටත් පොහොසත් අයව වගකීමෙන් බේරන විදියටත් රජය මගින් විසඳන නිසයි . කුණු එකතු කරන පැතිවල අයගෙන් එය ගෙනියන අයට ගෙවන ආපදා මුදල හා වන්දි මුදල එකතු කල යුතුය.
කුණුකසල බැහැර කිරීම මනා පාළනයකින් යුතුව ක්‍රමානුකූලව කරනවානම් කවුරුවත් විරුදධ වෙන එකක් නැහැ.
කොළබ කුණු ටික ප්‍රසන්න රණතුංග ගේ ගෙදරටයි ගාමිණී ලොකුගේ ගේ ගෙදරටයි ගෙන ගිහින් දැම්මන්ම් ඔය ප්‍රශ්නය ඉවරයි.
නරකද වෛද්‍ය, හෙද සේවා එහෙමත් අත්‍යවශ්‍ය සේවා කරොත්.
එතකොට ප්‍රමිතියක් නැතිව මිනිස්සුන්ගේ සෞඛ්‍යට අහිතකර වන ලෙසට රජයේ ආයතන මගින් කුණු කඳු තැන තැන ගොඩ ගැසීම ද විශාල වරදකි
"මහජන ආරක්ෂක පනත" ඔකේ ඉතුරු එක වගන්තියකින් හරි මහජනයා ආරක්ෂා වෙනවනම් තමයි වටින්නේ. මහජනතාව තමන්ගේ පැතිවලට කුණු ඩම්ප් කරනවටයි විරුද්ධ. එහෙම නැතුව නිසි වැඩපිළිවෙලක් හදලා රටේම කුණු වුනත් ගෙනල්ල ඒ ආකාරයෙන් ප්‍රතිචක්‍රීකරණය කරනවානම් කව්රුත් විරුද්ධ නැහැ. ගිණි පෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි. කව්රුත් ආස නැහැ කුණුගොඩකට යටවෙලා මැරෙන්න. මේ මිනිස්සු පාරවල්වලට බැහැලා ආණ්ඩුවට බලකරන්නෙත් තමන්ව ආරක්ෂා කරන්න කියල තමයි.
හොද වැඩක් මෙහෙම නොකලොත් රටක් පාලනය නරන්න බැරිවෙයි.
දැන දැන මහජනතාවගේ ජීවිත, දේපල සහ එදිනෙදා ජිවන කටයුතු හානියට පත්වන්නට සැලැස්වීමත්, අනතුර වලක්වාගැනීමට පියවර නොගැනීමත් බරපතල වරදකි. ජනාදිපති, අගමැති සහ විෂය භාර ඇමතිට දඬුවම් ලැබෙන්නේ කවදාද? වගකීම භාරගන්නවා යයි කියමින් ජනතා මුදල්, නැතහොත් රජයේ මුදල් තමන්ගේ නොහැකියාව සහ නොසැලකිල්ලට වන්දි වශයෙන් ගෙවීම පමණක් නිවරිදීද?. අනිත් කරුණ, ඉතා සොච්චම් මුදලකින් විපතට පත්වූවන් නැවත පෙර තත්වයට නගා සිටුවිය හැකිද? ජීවත් වන්නන්ගේ කායික මානසික පීඩාවන්ට වන්දි ලැබෙන්නේ කවදාද?
කළයුතු දේ කිරීමට ප්‍රමාද වීම බලගතු වරදක් !!! මේ විදියටම මහජනතාවට හිරිහැරයක් වෙන, ජීවිතවලට අත්‍යාවශ්‍ය සේවයක් කිරීමට ජනාධිපති තුමා ක්‍රියා කළයුතු කාලය ආරම්භ වී තිබෙන බව සැළකිය යුතුය. එසේ කිරීමදී මුලුමහත් ජනතාවගේම ප්‍රසාදය ජනාධිපතිතුමාට තිබේ.
රටක් වෙනුවෙන් සියලු ජනතාව රජයේ කුණු බැහැර කිරීමට ඉඩ දිය උතුයි. ප්‍රතිචක්‍රීකරණ ආපදා අරමුදලක් ඇරඹීම සුදුසුයි.
මට හිතෙනවා කුණු ලොරි ඔක්කොම උස්සල ගිහින් පාර්ලිමන්ට් එකට ගිහින් දන්න....
කසල බැහැරකරලා ඊටපස්සේ ඒවායින් එන අතුරු ව්‍යවසනවලින් පීඩා විඳින්නේ ඔය සීත කාමරවල ඉන්න වායු සමනය කළ වාහනවලින් ගමන්කරන තරුපහේ සුපර් මාකට්වලින් බඩුගන්න කොළඹ 7 පදිංචිව ඉන්න රජයේ ලොකුම ලොකු නිලධාරීන්ගේ පවුල් වලට නෙමෙයි නේද?
මෙම ගලත් එක මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්. අධිකරණ නියෝගයක් ලබාගෙන නියමිත පුත්තලමේ පරණ සිමෙන්ති වලවල්වලට විතරක් කුණු බැහැර කරන්න.
ජනාධිපති සිරිසේනගේ විසඳුම් = අතිසාරේට ගහන අමුඩේ.
රට පාලනය කරන්නෙ කිං කැකිල්ලෙ වගේ මට පේන්නේ...