(ඩයනා උදයංගනී)
කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ක්‍රමවේදයන් සොයා බලන්නට විදේශ සංචාරවලට ගිය අයගේ ප්‍රමාණය සලකන විට එම ප්‍රශ්නයට මෙතෙක් කල් විසඳුම් නොලැබුණේ ඇයිදැයි ප්‍රශ්නයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් ආදී පිරිස් මේ ගැන සොයාබැලීමට විදෙස් සංචාරවල නිරත වී ඇති බව කී ශාන්ත බණ්ඩාර මහතා ඔවුන් අවංකව කැපවී විසඳූම් සෙවූයේ නම් කුණු ප්රශ්නය මේ වන විට විසඳා ගන්නට තිබූ බව ද කියයි.
මීතොටමුල්ලේ සිදුවූ විනාශය සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව, වත්මන් ආණ්ඩුව, පළාත් පාලන ආයතන ඇතුළු අදාළ සියලූ පාර්ශව වගකීම භාරගත යුතු බව ඒ මහතා පවසයි.
අදාළ අංශවලට දැන්වත් එයට විසඳුමක් සෙවීමට නොහැකි නම් මාස තුනක් ඇතුළත විසඳුමක් සෙවීමට ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ සූදානම් යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (18 )පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔය කවුරුත් නොදන්න රහස් විසඳුම ඒ කාලෙම දෙන්න තිබුනනෙ.
ඒ කියන්නේ ඔයත් රට යන්නද පලන් කරන්නේ කුණුගොඩ පිට දාල? ෂෝක් හැමෝම ටීවී ඉස්සරහ ඇවිල්ල කතා දෙනවා විතරයි. එකෙක්වත් වැඩක් කරන්නේ නැ
උඩට එන්න ෂෝක් මාතෘකාව. ජයවේවා සභාපතිතුමනි!
හැමෝම වැඩ පටන් ගන්නේ දින දීලා හැබැයි කියපු දවසට වැඩේ ඉවර කරපු කවුරුත් තාම නැහැ
ලෝකයේ දියුණු රටවල ඇති වියපෘති අධ්‍යයනය කරන්න කියල නුගත් දේශපාලකයෝ සහ නිලධාරී රට ඇරිය විට උන් කරන්නේ විනෝද වෙලා අපහු එන එක , ඔය රටසවරී වලට වියදම් කරන මුදල් වලින් කුණු ප්‍රශ්න කළමනාකරණය ගැන දැනුම සහ පලපුරුධ ඇති පුද්ගලයන් හොඳ වැටුපක් දීලා මෙහෙට ගෙනවගන්න අර 80,90, දශකවල එමිරේට්ස් , කටාර් සින්ගපුරු වැනි රටවල කල වගේ , එතකොට ඕක යම් පමණකට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් ,
මේ වැඩේට රට ගිහින් තියෙන කට්ටියගේ ලැයිස්තුව බලපුවම තව හත් අවුරුද්දක් ගියත් මේ වැඩේ නොවෙන බවනම් විස්වාසයි. මේ අපද්‍රව්‍ය කළමනාකරණය වගේම ඒවා නිසි පරිදි බැහැර කිරීම පිළිබඳව උපාදි ලබාගත් ය අපේ රටෙත් සිටිනවා. නිකම්ම නිකම් බලල ඇවිත් ඔය වැඩේ කරන්න බැහැ, නමුත් දන්නා එකාට අද තැනක් නැහැනේ. රට ගිහින් තියෙන්නේ කවුද? ආයතන ප්‍රධානියෙක් වුණු පමණින් අදාල විෂයන් ගැන බහුශ්‍රුතයෙක් වෙනවද? හරියට කොම්පියුටරයකින් වැඩකරගන්නවත් නොදන්නා ආයතන ප්‍රධානින් කොයි තරම් ඉන්නවද? අනික පළාත් සභා මන්ත්‍රී වෙන්නේ පළාතේ ඉන්න හොඳම මැට්ටෝ මිසක් මළපොතේ අකුරක් දන්නා එවුන් නෙමේනේ? ඉතින් උන් රට ගිගින් රටේ සල්ලි ටිකත් කාබාසිනියා කරලා එනවා මිසක් රටට වැඩක් වෙන්නේ නැහැ.
මම ජීවත් වෙන්නේ MACAU රටේ. කවුරු හරි අවොත්, හොදම විසදුම සොයා ගත හැකිය ......
ඇයි කුණු කන්ද වැටෙනකන් හිටියේ? මේක මීට කලින් කියන්න තිබ්බනේ. මේ ඔක්කොම බොරුකාරයෝ.
පසුගිය රජය මේ කුණු කන්ද අවට අයට නගරයෙ හදපු මහල් නිවාස වලින් නිවාස දීම පටන් ගත්තා කන්ද වඩා උසවීම වැලකීමට හමුදාව මගින් තුනී කිරීමට කටයුතු කළා. වටෙිට කානුවක් කපා සීමාව වෙන් කළා ජලය බැසයාමට සැලසුවා. අන්තිම අය වැයෙන් තුණු දුම්රිය පෙට්ටිවල දමා පුත්තලමේ ගැබුරු හුණුගල් වලකට ගෙනයාමට සැලසුම් කර මුදල් වෙන්කළා. එතන අවු 35 කට ප්‍රමාණවත් කොරියාවේ අත්හදා බලපු විද්‍යාත්මක ක්‍රමයකට තැන්පත් කිරීමට නව රජය එම වැඩසටහන අත්හිටවන්නෙ නැතිව ඉදිරියට ගෙනගියානම් අද මේ අවාසනාව නොවීමට තිබුනා හොද දේ කවුරු කළත් ඉදිරියට ගෙනයාම රජයක වගකීම නේද? ලංකාවේ නැත්තෙත් ඒකමයි.
ප්‍රශ්ණයේ දිග පලල දන්නෙ නැති අය කොහොමද මාස 3 න් විසඳුම් දෙන්නෙ ?මොහු උත්සාහ ගන්නෙ කුණු තුලින් තමන්ට තැනක් හදා ගන්න.
අනේ මේ බූරුවා දන්නා කෙහෙල්මලක් නැහැ. අර ගෝටාබයගේ යෝජනාව මේ ආණ්ඩුව අතහැර දැම්මේ ඇයිද කියහන්කෝ. එක කළා නම් මේ අපරාධය වෙන්නේ නැහැ.
ශාන්ත මහත්තයෝ,ඔය ඔය මොන බයිලා ගැහුවත් මීලග චන්දයේදී අපි පයින් ගහල එලවනවා.ඔබල වගේ ,අපග්ෆේ චන්දයෙන් ආපු අය ගැන නිසි පිළිතුරක් අපි දෙනවා.
විලි ලැජ්ජයි ශාන්ත ,රෙද්දක් ඇදගෙනද ඉන්නේ කියල බැලුවොත් තමයි හොද.ඔබල වගේ අනුන්ට කඩේ යන අයට මී ලග චන්දයේදී නිසි පිලි තුරු ලැබෙයි.
මේවා නිකන් කතා විතරයි තව ටික දවසකින් කරගෙන ආපු දේම විතරයි කෙරෙන්නේ.
ෂෝක් ටිකිරි මොලේ කොහෙද මෙච්චරකල් හන්ගන් හිටියේ?