‘දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 27 දින මැච්චේ උදේ කාල මැච්චේ ඉද තබාලා රෑ මැච්ච මන්දො වෙනකම් කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ මන්දො කරනවා’ දඹාන ගුරුකුඹුර ආදිවාසි ගම්මානයේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආදිවාසි අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණේ ඔවුන්ගේ වරිගයට ආවේනික වු අංග හා ක්‍රිඩා රාශියක්ද එක්කරමිනි.
බක් මහේ සුවඳ නිමාවන්නට දින කිහිපයක් තිබුණද ආදිවාසින්ගේ බක් මහ උළෙල වැදගත් වන්නේ එය ඔවුන්ගේ පරම්පරාවේ සාරධර්ම, සංස්කෘතියට අනන්‍ය වු ආකාරයෙන් සංවිධානය කර තිබීමයි.
එම තරඟවලින් කිහිපයක් ගම ගෙදරින් වෙද ගෙදරට, ආදිවාසී හොඳම රැවුල තේරීම, කිරි කොරස් නැටීම, දුනු ඊතල විදීම, ගල්දුන්නෙන් විදීම, ආදිවාසී කැකුළා හා කැකුළිය තේරීම, හබක ඇට වීම, උගුල් ඇටවීම, ආදිවාසි ජන ගායනා, ආදිවාසි නැළවිලි ගී, වළස් පොරය, කඹ ඇදීම, දිගම හුව තේරිම, වී ඇට ඇහිදීම (දෙපටුල්ලන් ඇහිලීම) , ටික් මැරිම, බඹර කැපිම (කද පල්ලී කද හරිනවා), ලීයෙන් පොල්ගෑම, (රුකන් පොජ්ජෙන් කිරි ගෑවුම් පොජ්ජ මන්ද කරනවා) හා ඉක්මනින්ම තලප කෑම ඇතුළු තරග රාශියක් මෙම ආදිවාසි අලුත් අවුරුදු මංගල්‍යට ඇතුළත් කර තිබිණි.
උත්සවය සඳහා කොළඹ, කෑගල්ල, මහනුවර, මහියංගන හා දඹාන අවට ගම්මාන වල ව්‍යාපාරිකයන් හා හිතවතුන් තෑගි බෝග ලබා දෙමින් හා මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් උදව් උපකාර සිදු කළ බව ආදිවාසි නායක වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටියේය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd