( පාලිත ආරියවංශ )
ඝන අපද්‍රව්‍ය කළමනාකාර අධ්‍යයන චාරිකාවක් සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට ඌවේ පළාත් පාලන ආයතනවල සේවය කරන කම්කරුවන් ඇතුළු සේවකයන් පිරිසක් ළඟදීම තායිලන්තය බලා යන බව ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා කියයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ( 10) අද පැවැති මාධ්‍ය හමුවකදී ය.
මෙම ආයතනවල සෞඛ්‍ය හා ක්ෂේත්‍ර කම්කරුවන් 21 දෙනකු හා කසල රථ රියදුරන් ඇතුළත් වන බවත් ඔවුන් මෙහෙයවීම සදහා ක්ෂේත්‍ර පරිපාලන හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීපදෙනකු මෙම චාරිකාවට සහභාගී වන බවත් ඌව පළාත් සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය මෙහිදි පැවසුවාය .
ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් මත සනීපාරක්ෂක කම්කරුවන් හා ඒ ක්ෂේත්රයට අදාළ සේවකයන් මේ චාරිකාවට සහභාගී කරවීමට තීරණය කළ බවත් ඒ සදහා සුදුස්සන් තෝරාගැනීමට ඌවේ පළාත් පාලන ආයතන 28 ක් අතර නොබෝදා පැවැත්වු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තරඟයේ ජයග්‍රහණ පාදක කරගත් බවත් අඹන්වල මහත්මිය කීවාය.
මෙම තරගයේදී ප්‍රථම ස්ථානය හපුතලේ මහ නගර සභාවටත් දෙවන ස්ථානය මොණරාගල ප්‍රාදේශීය සභාවටත් තෙවන ස්ථානය බදුල්ල මහ නගර සභාවටත් හිමි වී තිබිණි.
තෝරාගත් කණ්ඩායම සදහා මහා භාණ්ඩගාර අනුමැතිය ලැබී ඇති බවත් ළඟදිම ඔවුන් මේ සදහා පිටත්ව යන අතර තායිලන්තයේ මහිඩෝල් විශ්වවිද්‍යාලයේ දි මෙම අධ්‍යයන අවස්ථාව ඔවුන්ට උදාවන බවත් අඹන්වල මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය .
තමා දන්නා තරමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයනයක් සදහා කම්කරුවන්ට විදේශගත වීමට අවස්ථාව සැලසු ප්‍රථම අවස්ථාව මෙය බවද අඹන්වල මහත්මිය අවධාරණය කළාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රටට යන්නේ කුණු ගැන ඉගෙන ගන්නද, කුණු ඇඟට ගන්නද , කලින් ගිය අය නම් ඉගෙන ගත්ත දෙයක් නැහැ...
කුණු ගැන ඉගෙනීම කොහොම වෙතත් ,බැංකොක්වල ඉන්න බදු පොතවලට විසිට් එකක් දාල, බදු ගහන්නනම් අමතක නොකරති.
හොඳ දෙයක් හැමදාම රට ගියේ පාලනය කරන උදවිය , මේ අය තමයි පුහුණු කල යුත්තේ
මේ කතාව හරි. කුණු අධ්‍යයනයක් සදහා කම්කරුවන් පිටරට විශ්ව විද්‍යාලයකට ගිය අවස්තාවක් ලෝකේ කොහෙවත් මමත් අහල නම් නැහැ.
කුණු ගැන ඉගෙනීම කොහොම වෙතත් බැංකොක්වල රජ සැප තියනවා, රජ සැප විදලා නම් එයි
කුණු ගැන ඉගෙන ගන්න හොඳම තැන තියෙන්නේ දියවන්නාව අසල. එතන තියෙන ශ්‍රී ලංකාවේ " අශුචි නිෂ්පාදනාගාරයේ සිටින " කුණු පිලිබඳ විශේසඥයෝ " හෙවත් බඩ තඩි මොලේ නැති අපේ රට නැත්තටම නැතිකරපු හොර පිස්සන් මේ කුණු පිලිබඳ උපාධි පාටමාලා රැසක් පවත්වාගෙන යනවා.
අනේ හොඳා. අට පාස් නැති හොරු ටික ගිහිල්ල අපේ මුදලින් දුෂිත වැඩ කරලා එනවට වඩා වඩා කරන අයගේ දැනුම දියුණු කරන එක.
මෙයාල යැව්වට දේශන අහන්න භාෂාව තේරෙන්නේ නැහැනේ
මං හිතන්නේ මේ සභාවලට කුණු ගොඩට විසිකරන්න තරම් බදු මුදල් එකතුවෙනවා ඇති. ප්‍රදේශයේ සියලුම ප්‍රශ්න විසඳිලා තිබෙන නිසා මහ ඇමතිතුමාට හිතෙන්න ඇති අතිරික්ත බදුමුදල් කුණු ගොඩට දාන්න.
ඇත්තටම බදුල්ල, පළාතේ කුණු ඇත්තෙම නැද්ද? බදුල්ල නගරය මැදම ලොකු කුණු කන්දක් තියනවා එකේ කුණු නෙමෙයිද තියෙන්නේ?
මේ කණ්ඩායමෙන් කී දෙනෙක් අාපසු ලංකාවට ඇයිද කී දෙනෙක් පනිද දන්නේ නැහැ .