මෙරට කුණු කඳු ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි පහසු ක්‍රමයක් ගැන සොයා බැලීම සඳහා ඒ සම්බන්ධ හසල අත්දැකීම් ඇති ජපානයේ මහාචාර්ය කෙන්යෝ නිනමාරු ශ්‍රී ලංකාවට පැමිණියේය.
මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගේ ආරාධනයක් අනුව මෙහි පැමිණි මහාචාර්යවරයා දින 5ක කාලයක් මෙරට රැඳී සිටිමින් කුණු කඳු නිරීක්ෂණය කිරීමට නියමිත අතර එම කසලවලින් ජලය නිපදවිය හැකි ක්‍රමයක් හඳුන්වාදීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක් කරන්න යන්නේ. කරන්න පුළුවන් වුණොත් ජනතාවගේ වාසනාව. ආණ්ඩුවේ අනෙක් වැඩ වගේ මෙයත් කතාවට පමණක් සීමාකරන්න එපා. (නි)
මොහුගෙන් තාක්ෂණික උපදෙස් අරන් ක්‍රියාත්මක කලොත් අපිට මේ කුණු ප්‍රශේනේ ගැලවෙන්න පුළුවන් , ජපානේ ජනතාව අධික ලෙස නොදිරන කුණ නිපදවනවා. නමුත් ඔවුන් ඒවා තැන තැන විසිකරන්නේ නැහැ නියමිත තැන්වල දමනවා රජය ඉතා සාර්ථක ලෙස කුණු ප්‍රශ්නය කලමකරණය කරගෙන සිටිනවා. (ස)
සමහරවිට ඔය කුණු කන්ද රටක අගනුවරක තිබෙන ලොකුම කුණු කන්ද වෙන්න බැරි නැහැ. එහෙම නම් බැරිද ඕක සංචාරකයින්ට පෙන්නලා ගානක් හොයාගන්න? කොහොම උනත් ඔය කුනුකන්ද විනාස කරන්න කලින් මෙතෙක් කල් හිටපු පරිසර ඇමති වරුයි ලේකම් වරු ඇතුලු ඉහල පෙලේ නිලධාරිනුයි එතන තියල පොටෝ එකක් ගහගන්න එනවා මතක හිටින්න. (ස)
කොහේ තිබෙන කුණු ගොඩටද දැන් මේ දේ කරන්නේ? (නි)
මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා දේශපාලකයකුගේ කාර්ය තේරුම් ගැනීම ගැන සතුටුයි (ම)
අපේ මිනිසුන්ට කුණු වෙන් වෙන්ව බැහැර කරන්න පුරුදු කරන්න වෙනවා. දිරන කුණු නොදිරන කුණු වෙනම බැහැර කළොත් එයාලට ප්‍රතිචක්‍රීකරණය කරන්න පහසු වෙනවා. අනික කඩදාසි, පොලිතින් වගේ දේවල් අපිටම පුළුවන් ගිනිතියලා දාන්න. කෑම වගේ දේවල් කොම්පෝස්ට් භාජනයක් අරගෙන ඒකට දාන්න පුළුවන්. එතකොට බැහැර කරන්න වෙන්නේ පොඩි කුණු ප්‍රමාණයක්. (නි)
විජේරත්න හැමදාම ලංකාවේ උනේ ඔය ටික. කියන්න පුලුවන්ද වෙනස් දෙයක් උන තැනක් ගැන (ම)
කුණු කන්දෙන් ජලය නිපදවනවට වඩා නරකද ජීව වායු නිෂ්පාදනය කළොත්? බලශක්ති ප්‍රශ්නයටත් විසඳුමක් වෙයි. (නි)
සමන්, තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. හැමදෙයක්ම දිහාම මෝඩයෙක් වාගේ බලන්නේ නැතුව, ලෝකය දිහා සුභවාදිව බලන්න පුරුදු වෙන්න. (නි)
අපේ රටෙත් දැනඋගත් ඉංජිනේරුවරු ඉන්නවා නේද? (නි)
සමහරු නම් මේකට කැමතිවෙන එකක් නැහැ (නි)
ජපනා හපනා... (නි)
හම්බන්තොටටත් එක්ක ගියාට කමක් නැහැ (නි)
දියවන්නාව පැතේත් එක්ක යනවද ?(කෞ)