(ඩයනා උදයංගනී)
මීතොටමුල්ලේ කුණු කන්ද ඉවත්කිරීම සඳහා තමන් ගෙන ආ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දුන්නේ නම් පසුගිය දා සිදුවූ මහා විනාශය සිදුවන්නේ නැතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
එංගලන්තයේ සමාගමක ආයෝජනයක් ලෙස පසුගිය වසරේ මැයි මාසයේ තමන් ආරම්භ කරන්නට ගිය මීතොටමුල්ලේ කසල ඉවත්කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවිකිරීම සඳහා කුණු කන්ද ඇති ඉඩමෙන් පර්චස් 60 ක ප්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලා නාගරික සංවර්ධන අධිකාරියට ලියුම් පිට ලියුම් ලීවත් එම ඉඩ නොදුන් බව ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කුණු කන්ද සම්බන්ධයෙන් කඹ ඇද්දේ මහ ඇමතිවරුන් නොව රටේ ඇමතිවරුන් බව කී ඉසුර දේවප්‍රිය මහතා කුණු කන්දට මිනිස්සු යටවීම සිදුවූයේ පළාත් සභාවේ වරදින් නොව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබානොදුන් අයගේ වරදින් බව ද කීවේය. ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මේ බව පැවසුවේ පැවසුවේ කොළඹ දී අද (17) පැවති උත්සවයකට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින්ද කියන්නේ ඔහොම. ලැජ්ජයි, හිරිකිතයි, අප්පිරියයි.
මෙන්න මෙය ඒ පාර එයාගේ ගොඩ ලොකු කරගන්න හදනවා.
ඔව් ඉතින් විනාශය වෙලා, ජීවිත නැති වෙලා, නිවාස - දේපළ සමතලා උනාට පස්සේ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. මීතොටමුල්ලෙන් පෙනුනේ වෙන කිසිවක් නොව ශ්‍රී ලංකා රාජ්‍ය තන්ත්රයේ අසාර්ථකභාවයයි. පාලකයන් මහ පොළවේ සිට නොව සිහින ලෝකවල සිට තීරණ ගැනීමේ විපාකයයි.
රටේ ඇමතිවරුද? යහපාලනේ ඇමතිවරු නෙවෙයිද?
ඔයාව පත්කලේ මෛත්රීනෙ, ඉතින් එයාට කියල පර්චස් 60 ඉල්ලගන්න තිබ්බනෙ. ඕව දැන් නිකම් හේතු විතරයි, උන දේ උනා. ලියුම් පිට ලියුම් යවල පත්තරවලටත් කොපියක් යැව්වනම් ඔයා ගොඩ.. නැත්නම් මෙව්ව බයිල.
මෙයාටත් ඒක කියන්න මතක් වෙලා තියෙන්නේ දැන්ද? ඔය කියන සමාගම කාගේ කවුද? කුණු එහෙම රට පටවන්න නීතියෙන් පුළුවන්ද? කුණු කියලා අරන් යන කන්ටේනර් රේගුවට පරීක්ෂා කළ හැකිද? කුණු සමඟ වෙනත් නීති විරෝධී දේ අරන් නොයාවි කියා සහතික විය හැකිද?
මේ සිද්දිය මට හොඳට මතකයී. මහා නගර ප්‍රශ්නයක් තමයී මුල් වුනේ. අන්තිමට නැතිවුනේ අහිංසක ජීවිත. තමන් අමාරුවෙන් ගේ හදා ගත්ත තැන කුණු කන්දක් ගැහුවොත් ?
මේ සිද්දිය මට හොඳට මතකයී. මහා නගර ප්‍රශ්නයක් තමයී මුල් වුනේ. අන්තිමට නැතිවුනේ අහිංසක ජීවිත. තමන් අමාරුවෙන් ගේ හදා ගත්ත තැන කුණු කන්දක් ගැහුවොත් ?
අපි මේ දේශපාලකයෝ කියන දේවල් පිළිගන්න ඕනද??
බොරු කයිවාරු වැඩක් නැහැ, දැන්වත් කුණු කසළ බැහැරලීමේ ගැටළුවට ස්ථිර විසඳුමක් සොයමු. මේක රටේ ජාතික ප්‍රශ්නයක්.
චම්පික ගැන මොන මත තිබුනත්, එයාගෙ මේ ප්‍රකාශය "කොළඹ නගර සභාව වගේ තැනක ගත්තාම කොළඹ නගරයේ ජීවත්වන්නේ 650,000 යි. දිනපතා දසලක්ෂයක් කොළඹට පිටතින් හැම පළාතෙන්ම ජනතාව එනවා. විදේශිකයොත් එනවා. ඒ නිසා කොළඹ කසලවල වගකීම රටේ වගකීමක් " තමයි ඇත්ත. කොළඹ කුණු අපට එපා කියන අයට උත්තරයක්. මේ කුණු හැමෝගෙම කුණු.
ඔය කරේ දාගෙන ඉන්න සාටකේ ගහකට දාල එල්ලුනානම් නේද හොඳ ... මුසාවාද නොකියා..
බොරු බයිලා එපා දේවප්‍රිය. දෙවියන්ට නෙවෙයි සිවුපවුන්ටවත් පිරියක් නෑ මේ බයිලා!
මහත්තයො, කියවන්න අද ( 04/18) ඊනිව්ස් වාර්තාව, බොරුනම් හෙට මාධ්‍ය සාකච්චාවක් තියල කියන්න.