(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මියගිය පුද්ගලයින් 23 දෙනා සම්බන්ධයෙන් ප‍්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා ඔවුන්ගේ දේහයන් පවුලේ ඥතීන්ට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය වැල්ලම්පිටිය පොලිසියට අද (16) නියම කළාය.
මීතොටමුල්ල කුණු කන්ද පසුගිය 14 වැනිදා හදිසියේ නායයෑම හේතුවෙන් පුද්ගලයින් පිරිසක් එයට යටවී මියගොස් ඇති බව කියමින් වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය කළාය.
නාය ගිය ස්ථානය පරීක්‍ෂාවට ලක් කළ මහෙස්ත‍්‍රාත්වරිය මියගිය අයගේ මෘතදේහයන් ඔවුන්ගේ පවුලේ ඥතීන් ලවා හඳුනාගැනීමටද ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වන ලෙස පොලිසියට නියම කළාය.
මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණ වල ප‍්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද නියම කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට මරණ වාර්තාව දුන්නොත් එහි තිබිය යුත්තේ පාලකයන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ මරණ කියාය .