මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මිය ගිය පිරිස් සොයා අද (18) දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කුණු කන්ද නාය යාමෙන් මිය ගිය ගණන ඊයේ(17) වනවිට 30ක් වී තිබූ අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
අතුරුදන් වූවන් සොයා ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම් නැවැත්වීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් යුද හමුදාව සහ පොලිසිය ඇතුළු සහන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් අදාළ මෙහෙයුම් අද දිනයේත් සිදුකෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටකටනම් මේ විපත මහත් විශාල ව්‍යසනයකි. සියලු මාධ්‍ය නොකඩවා ආවරණය සපයන අතර නිලධාරින් සහ දේශපාලකයින් මහත් වගකීමකින් ප්‍රමුඛත්වය දෙන අවස්ථාවකි. තිහක් මැරිලා, තිහක් තාම පස් යට, මොන තරම් ව්‍යසනයක්ද? ඒවුනත් මේ කට්ටිය දවල්ට එකිනෙකාට මඩ ගසා ගනිමින් රෑට අවුරුදු පාටි දාන බව සිතෙන්නේ මට විතරද?
පුෂ්පා .... ඔය මිනිසුන් මියයන්න කුනුකන්දටම යටවෙන්න ඕනේ නැහැ.. එයින් පිටවෙන මීතේන් වායුව ආග්‍රහණය කරාම ඇති. දැනටමත් පෙනහළු ආශ්රිත රෝගීන් කී දෙනෙක් ඔවුන් අතර ඇතිද ? මේ සඳහා ජන ශුන්‍ය වූ පෙදෙසක් රටේ සොයගන්නම බැරිද ?