(ඩයනා උදයංගනී )
මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ ප්රශ්නය වසර ගණනාවක් තිස්සේ ඇදී ආ එකක් වුවත් පසුගියදා සිදුවූ අනතුරෙහි වගකීම රජය සම්පූර්ණයෙන් භාරගන්නා බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
දැනට පවතින තත්ත්වය නිරාකරණය කිරීමට ද රජය කඩිනමින් පියවර ගන්නා බවත් කුණු කන්ද නායයෑමෙන් අවතැන් වූ පවුල්වලට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ නිවාස 60ක් මේ වන විටත් වෙන්කර ඇතැයි ද ඇමැතිවරයා කීය.
ඉතිරි පවුල් 38ක් සඳහා ජූනි 1 වැනිදා වන විට නිවාස ලබාදීමට අධිකාරිය එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.
ඔවුන්ට වන්දි ලබාදීම සීමාවකින් තොරව තක්සේරු අනුවම සිදුකරන බවද කී ඇමැතිවරයා කුණුකන්ද කඩිනමින් ප්‍රතිචක්‍රිකරණය කරන බවද ජනාධිපති, අගමැති ඇතුළු බලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද(19) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණ ගත් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් වටිනවා මේපාරවත් කොමිස් කන්නේ නැතිව වැඩේ හරියට කලානම්.
මේ රජය පත් උන දා සිට රටේ දැවෙන ප්‍රශ්ණ සියල්ල අමතක කර සංහිදියාවක් ගැන දොඩවමින් කාලය ගත කරා. වෙනකක් තබා අගමැති වියට්නාමයේ ගිහිල්ලත් කිව්වේ ඒ ගැනයි. ඩෙංගු වසංගතයත් එන්න එන්නම දරුණු වෙනවා. පසුගිය ආංණ්ඩුවලට දොස් පවරමින් ඉඳීම නිසයි මේ මහා ව්‍යසනයන් සිදු උනේ.
පසුගිය ආණ්ඩුව මේකට විසදුමක් දුන්නා කියල ජනතාව දෙන චන්ද වැඩි වෙයිද ?
අතුර,පසුගිය ආණ්ඩුව අවරුදු 30 තිබ්බ සල්ලි කාපු, ජීවිත ලක්ෂ ගණනින් විනාශ කල යුද්දේ ඉවර කරානේ.රටේ ලොකු සන්වර්දනයක් කරගෙන ආවනේ.දැන් ඉන්න අය ඉන්නේ වැනි වැනි නේ, එකනේ ප්‍රශ්නේ.
මුළු රටේම තියෙන සියලුම කුණු මොහොතකින් අවසන් කිරීමට හැකි කාර්යක්ෂම යාන්ත්‍රණයක් තියෙනවා. මේ රටේ ඉන්න සහ හිටපු සියලුම මැති ඇමතිවරු ඔය කුණුගොඩ ලඟට අරගෙන ගිහින් ගැට ගහලා දැම්මොත් කුණු ප්රශ්නය මොහොතින් ඉවරයි.... ඇයි දන්නවාද? ...කුණු ජරාව කාලා කාලා ඒ අයට හොඳට පුරුදුයි. මේ පිටුව බලන අපේ හිතවතෙක් හෝ හිතවතියක් පත්තරයක පලකරන්න ඔබට සති 3 න් මේ ප්රශ්නය විසඳලා කුණු ටික ප්‍රතිචක්‍රීකරණය කරලා දෙන්න පුළුවනි කියලා අමතක කරන්න එපා.
වගකීම බරගත්තා නම් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයම අයින්වුණා නම් හොඳයි... ඡන්දයක් තියලා මහින්ද මහත්තයාව ගේනවා නම් හොඳයි !!!
මොන දේ කිවත්, කලත් බෝහෝ කාලෙකින් තමා අහන්න ලැබුණේ වරද අනුන් පිට නොදා තමන් බාරගැනීම. බේරෙන්න බැරි, අතළොස්සක් හැර මේ ගොල්ලොම තමා ගිය ආණ්ඩුවේ හිටියෙත්...
මෙය පවතින රජය හෝ හිටපු රජය විසඳුමක් දී තිබුණානම්, කරුණාකර මේ සදහා ස්ථිර විසඳුමක් රටේ බුද්ධිමතුන් සමග සාකච්ඡා කර එය පටන්ගන්න. රටේ ජනතාව මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෙ...
පසුගිය රජය මේ ප්‍රශ්නයට පිළියමක් ලෙස, මේ කසල මඩකලපුව ප්‍රදේශයේ තැන්පත් කිරීමට සැලසුම් කර තිබුණා. මා සිතන හැටියට මේ රජය බලයට පත් වුණ අවස්ථාවේ එම ව්‍යාපෘතිය පසුගිය රජයේ ව්‍යාපෘතියක් බැවින්, දේශපාලන හේතු මත මේ ව්‍යාපෘතිය විකල්පයක් නොමැතිව නවතා දැමුවා. අද මේ ප්‍රදේශයේ ජනතාව බුක්ති විඳින්නේ මේ අය ගත්ත දේශපාලන තීරණ වල ප්රතිඵලයි. එම නිසා, වර්තමාන රජය මෙහි වගකීම සම්පුර්ණයෙන්ම බාරගත යුතුයි.
වගකීම රජය භාර ගන්නවා නම් නිසි ප්‍රතිචක්‍රීකරණ වැඩ පිළිවෙලක් සකස් කරනකම් ඔය කුණුගොඩ පාර්ලිමේන්තු රථගාලේ ගොඩ ගහගන්න
ආණ්ඩුව බාරගන්නේ නැතුව අල්ලපුගෙදර ඇසලින් අක්ක බාරගන්ඩයැ
මොකටද ජනතාව ප්‍රතික්ෂේප කල කෙනෙක් ආයිමත් නායකකමට ගෙනෙන්න දඟලන්නේ ? ඉන්න නායකයට සහයෝගය දීල රට සංවර්ධනය කිරීමට නොහැකිද ?
චානක් මේ ආණ්ඩුව බලයට අවේ ඔයා දැන් ඉන්න රටේ සහ වෙනත් බලවේගවල කුමන්ත්‍රණ නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි. දැන්වත් අපේ රටේ මිනිස්සුන්ගේ ඇස ඇරෙනවානම් හොදඊ. මේ අවුරුදු දෙකට රට කොච්චර පස්සට ගිහින් තියනවද කියල හිතනකොට දුක හිතෙනවා.