ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලායාම සඳහා වන කාණු පද්ධති, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් අවහිරවීම වළක්වාලීමේ ක්‍රමවේදයක් සම්බන්ධ ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ නදීෂා චන්ද්‍රසේන මහත්මිය නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පාඨමාලාවට සහභාගී වීමේ වරම් ලබාගත්තාය. නාසා ආයතනයේ උපාධි පාඨමාලාවක් සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි.
සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලය ලෝකයේ නව නිපැයුම්කරුවන්, විද්‍යාඥයන් හා ව්‍යවසායකයන් 60 දෙනකු තෝරාගෙන ඔවුන් සඳහා සති දහයක ප්‍රායෝගික අධ්‍යයන පාඨමාලාවක් පැවැත්වීම සිදුකරයි. මේ සඳහා නදීෂාට ගූගල් සමාගම ඇමෙරිකානු ඩොලර් 29,500 (රුපියල් ලක්ෂ 39ක් පමණ) ශිෂ්‍යත්වයක් පිරිනමයි.
පාඨමාලාවට සහභාගීවන්නන් ඉදිරි වසර දහයේ දී ලෝකයේ මිනිසුන් බිලියනකගේ ජීවිත යහපත් ලෙස වෙනස් කිරීමට හැකි නව නිපැයුමක්, අලුත් ව්‍යාපෘතියක් සඳහා සැළසුම් සකස් කළ යුතු බව ද නදීෂා පවසයි.
අදාල පාඨමාලාව හැදෑරීමට නදීෂා තේරී ඇත්තේ ලොව පුරා අයදුම්කරුවන් පන් දහසකට අධික පිරිසක් අතරිනි. මලයාසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රෙය් ආචාර්ය උපාධිය හදාරණ නදීෂා චන්ද්‍රෙස්න තම ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ “ඝන අපද්‍රව්‍යවලට ඔරොත්තුදෙන වැහි වතුර කාණුව“ ව්‍යාපෘති යෝජනාව පදනම් කැර ගනිමින් ඇයට මේ ශිෂ්‍යත්වය හිමිවිය.
ඝන අපද්‍රව්‍ය හේතුවෙන් කානු පද්ධති අවහිරවීමෙන් ඇතිවන හදිසි ගංවතුර තත්ත්වයන් මර්ධනය කිරීමට මේ කාණු පද්ධතිය සමත්වනු ඇතැයි ලොව පුරා විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇත. ඉදිරි පස් වසරේ දී නදීෂා හඳුන්වාදුන් නව කාණු පද්ධති ආසියාවේ සහ අප්‍රිකාවේ ජනාකීර්ණ නගරවලට හඳුන්වාදීමට නියමිතය.
ගාල්ලේ උපන් නදීෂා චන්ද්‍රසේන ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ මූලික උපාධිය ලබා ඇති නදීෂා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ජල සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තාය. වෘත්තියෙන් වරළත් නගර නිමාණ ශිල්පිනියක වන ඇය කලක් ලක්බිම පවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කළාය. ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ අධිකාරීලත් නිලධාරිනියකි. දැනට මැලේසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රෙය් ආචාර්ය උපාධිය හදාරන්නීය.
බර්ටි ලොකුලියන මහතා සමග විවාහවී සිටින නදීෂා චන්ද්‍රසේන මහත්මිය එක්දරු මවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ රටට සම්පතකි. සුභ පැතුම්, දැනටමත් නමක් වැටුන නේද "කුණු කානු හැදූ නදීෂා‘‘ කියල. අපි එහෙමයි අපේ විරවරියන්ට සලකන්නේ.(නදී)
ඇමරිකාව බුද්ධිමතුන්ගේ වටිනාකම දන්නා රටක් . (නදී)
ඔබට උණූසුම් සුබ පැතුම්.(හේ)
ඒ නිර්මාණය පිට රටකට විකුනුවා නම් තමයි හොඳ..සල්ලි දීලා ගත්ත රට අපිට නැවත විකුණන කොට තමයි ඒක මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ,, නෙත්නම් ඉතින් කෝටි ගණන් වලට පාරවල් හදන කොට ඊට සමගාමිව මෙතුමියගේ නිර්මාණය ගැනත් හිතන්න තිබුනා නේද ? (හේ)
සුබ පැතුම්. රටට වැඩක් ඇති පර්යේෂණයක් කිරීම ගැන සතුටුයි.(හේ)
ගොඩක් ආඩම්බරයි...හදවතින් සුබ පැතුම් !!!!! ලැබූ දැනුමින් උපන් රටටත් සේවයක් කරන්නේ නම් එහි වටිනාකම වැඩියි සහෝදරිය...ඒ නිසා අපි ඔබතුමියගේ සේවය අපේ රටට ලැබෙයි කියලා විස්වාස කරනවා.(හේ)
ඔබට අපෙන් සුභ පැතුම්!(හේ)
කාන්තාවක් හැටියට ඔබ තුමිය ගිය ගමන් මග හරිම සතුටු දායකයි. මේ ගමනත් උපයෝගි කරගෙන අපේ රටේ අනාගත මෙවැන්නක් කරන්න උත්සහ කරන දරුවන්ටත් සහයක් දෙන්න. ඔබට සුභ පැතුම්. (නදී)
හමුදාව කුණු කාණු ප්‍රශ්නය විසදීමට යොදා ගැනීමේ යහපත් ප්‍රතිපලයක්ද ? (නදී)
පාතිමා සහෝදරිය, හැමදේටම දෙවියන් ගාවාගන්න එපා.මිනිස්සු මහන්සිවෙලා ලබාගන්න ජයග්‍රහණ වලට ගෞරවය හිමිවෙන්න ඕනෑ ඒ මිනිසුන්ටයි (නි)
ඇසට කඳුලක් එක්කළා ඔබගේ ජයග්‍රහණ දැකලා. වීරියවන්ත ලක් දියණියනි, හද පත්ලෙන්ම නැගෙන සුබ පැතුම් !!! (නි)
සුබ පැතුම්! රටට වැඩක් ඇති පර්යේෂණයක් කිරීම ගැන සතුටුයි (නි)
හද පිරි සුබ පැතුම්. ඇසට කඳුලක් ආවා දැනුන හෘදයාංගම බව හින්දා. (නි)
ඔබගේ දැනීමෙන් අපේ රටටත් සේවයක් කිරීමට අවස්ථාව ලැබේවා!!! (නි)
වාසනාවන්ත අනාගතයකට ආසිරි! (නි)
ඔබගේ නව නිපුමට සහ ඔබගේ ජයග්‍රහණයට අපෙගේ සුබපැතුම් ලැබුණු අවස්ථාවන් උපරිම ප්‍රයෝජන ගෙන උපන් රටට සේවයක් කරන්න ලැබේවා.(හේ)
අපේ රටට අගයක් නැති බොහෝ දක්ෂයන් පිටරවලට යනවා... ඔබගේ සේවය ලොවටම ලබාදීමට හැකිවීම අපට ආඩම්බරයක් ..අපි ඔබට සුබ පතනවා ..ඉංජිනේරු සේවා බලකායේ අපි ඔබතුමියගේ සේවය අගය කරනවා ..සුබපැතුම්.! (කේ)
අනේ දුවේ නුඹට සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයෙන් ඉහලටම යන්න ශක්තිය ලැබේවා.(හේ)
සත්‍ය වශයෙන්ම කියනවනම් ලෝකේ අනිකුත් මනුෂයන්ට වඩා නව නිපැයුම් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රයෝගික මොලයක් සහජයෙන්ම ශ්‍රිලංකාවේ අපට පිහිටලා තියෙනවා., නැත්තේ ඒ සදහා කැපවීම සහ පාලකයන්ගේ සහයෝගය පමණි .(හේ)
ඔබ ගැන සතුටුයි, ආඩම්බරයි. ජයෙන් ජයම පතමි. (නි)
සුබ පැතුම්! (නි)
සතුටුදායක පුවතක්. මිනිසුන්ට වැඩදායක වන, ජීවිතය සමෘද්ධිමත් කරන මෙවැනි නව ව්‍යපෘති කිරීමට ඇයට තව තවත් වාසනා ශක්තිය ලැබේවායි පතමි! (නි)
ඔබට සුබ පැතුම්! (නි)
අපේ රටේත් අලුත් දේවල් කොපමණ නම් හොයාගත්තද? (නි)
සුබ පැතුම් නදීෂා! (නි)
ආඩම්බරයි දියණියේ නුඹේ දක්ෂමට! පෙරටම යන්න සුභ පතන්නෙමි ඉත සිතින ! කණගාටුව රටේ උන් නුඹගේ දස්කම් නොදැකීමයි. මඳ වැස්සටත් යටවෙන අපෙ කොලොම්පුර.... ගොඩඟනු මැනවි දක්වා ඔබෙ නුවණ යස! (නි)
ලංකාවට කෙසේවෙතත් මනුෂ්‍ය ප්‍රජාවට යහපතක් වෙන නිසා ඔබේ ජයග්‍රහණයට මගේ සුබ පැතුම්! අපිට ඔබ ගැන ආඩම්බරයි දුවේ.... (නි)
අනේ ඉතින් අපි ගෙවපු බදු සල්ලි වලින් වැඩගන්නේ වෙන රටවල මිනිස්සු. අපේ රට මේ අයගෙන් වැඩක් ගන්නේ නැති හැටි. (නි)
සුබ පැතුම්! (නි)
ශ්රී ලාංකිකයන් හැටියට සතුටුවෙන්න ඕනෑ මේ දක්ෂතා වලට. අපේ රටේ මෙවැනි දක්ෂයන් ඉදිරියට ගෙනෙන්න පාසල් මට්ටමින් වැඩපිළිවෙලක් හදන්න බලධාරීන් අදිටන් කරගන්න (නි)
ඔබගේ ජයග්‍රහණයට අප සුබ පතනවා.(හේ)
ඔබගේ ජයග්‍රහණයට සුභ පතමි. ඔබේ නිර්මානය ලාංකීය ජනතාවගේ යහපත සදහා යොදවා ගැනීමට බළධාරීන්ගේ අවධානය යොමුවේවායි ප්‍රාර්ථනා කරමි. (කේ)
ඔබේ අනාගතයට සුභ පැතුම් (නදී).
ඔබේ ජයග්‍රහණයට සුබ පැතුම්.(හේ)
සුබ පැතුම් . ඔබේ නිර්මාණය ඇමරිකාවට එහෙම විකුනන්න එපා හොඳේ ..(බ)
සුබ පැතුම්! (නි)
ජය වේවා! (නි)
අපේ රටේ සිටි සිවිල් ඉංජිනේරුවෙකුගේ නිර්මාණයක් පිටරටකට දුන්නා. දුම්රිය මාර්ග සම්බන්ධ නිර්මාණයක්. (නි)
අද දේශපාලකයන්ට වඩා මේ කාන්තාව මොනතරම් මේ රටට වටිනවද කියලා මට හිතෙනවා. රටට ගෞරවයක්, ජාතියට අභිමානයක්. අපේ සුබපැතුම් නදීෂා. (හේ)
මගේ සුභ පැතුම් (නදී)
ලෝකය දක්ෂයන්ගෙන් වැඩ ගන්නවා අපි දක්ෂයෝ පන්නගන්නවා. ලංකාවේ පුද්ගලික සහ රජයේ ආයතන ගණනාවකම ඇත්ත එ්කයි. උඩට එන්නේ නුසුදුස්සෝ දක්ෂයන්ට ඉන්න එපා කරවනවා. මගේ අත් දැකීමක් කියන්නම් මට හොදම ඉදිරිපත් කිරීමට සහතිකයක් ලැබුනා පර්යේෂණ පත්‍රිකාවට ඉංජිනේරු අංශයෙන්. පස්සේ මට හිටපු රස්සාවෙන් එලියට එන්න සිද්ද උනා. (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
ඔබතුමියට ජයම වේවා! (නි)
ඔබට ජයෙන් ජයම වේවා.(හේ)
ඇගේ දක්ෂකමට සුබ පතනවා! (නි)
ඔබ අප රටට ආඩම්බරයක් සුබ පැතුම් (ම)
ජය වේවා! තෙරුවන් සරණයි! ලොවටම සේවය කිරීමට හැකිවේවා! (නි)
හද පිරි සුබ පැතුම්!
මෙන්න මිනිස්සු. බිලියනකගේ ජීවිත යහපත් කිරීම සඳහායි සූදානම් වෙන්නේ. (නි)
ඔබ අපේ රටින් ලෝකයේ යහපත පිණිස තිළිණ කළ බුද්ධිමතියකි. ඔබ පරපුරේ ජාන බලයත් ඔබේ දක්ෂතාවයත් ගුරුවර දෙමාපියන්ගේ සහයේත් ප්‍රතිඵලයකි ඔබ. ඔබ අපට ආඩම්බරයකි. ඔබට සදා ජය. (නි)
මොලය නිසි ලෙස භාවිතා කිරීම ගැන අනිත් අයට කරුණු කියාදෙන ඔබට සුභ පැතුම් (නදී)
සතුටුදායක පුවතක්. මිනිසුන්ට වැඩදායක වන, ජීවිතය සමෘධිමත් කරන මෙවැනි නව ව්‍යපෘති කිරීමට ඇයට තව තවත් වාසනා ශක්තිය ලැබේවායි පතමි. (නදී)
හරිම සතුටුදායක මෙන්ම ආඩම්බර පුවතක්. මෙවැනි විශිෂ්ඨයින් තව කොතරම් නම් අප රටේ සිටිනවද? නමුත් කියන්න කනගාටුයි එයාලගේ කකුලෙන් අදින්න මිසක් අතහිත දෙන්න කිසිම රජයකට කිසිම උවමනාවක් නැහැ. ඉදිරියටම යන්න සුබ පතනවා දියණියනි. එමෙන්ම උපන් මවුබිමට තව තවත් ගෞරව ගෙනෙන්න එය හැරදා පිටත නොයන්න. (නදී)
ඔබ රටට සම්පතකි. සුභ පැතුම් (නදී)
ඇයට ඉතසිතින්ම සුභපතනවා මේ ලිපියේ මාතෘකාව මේ ජයග්‍රහනය ඔප් නැංවෙන ලෙස සකසන්න තිබුණා(නදී)
සුභ පැතුම් නදීෂා (නදී)
මම අල්ලා දෙවියන්ට ස්තුති කරනවා ඔබ තුමියව මේ තත්වයට තෝරා ගත්තට (නදී)
සුභ පැතුම් නදීෂා (නදී)