අම්පාර දීඝවාපියේ අට්ඨාලචේන ප‍්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන කුණු චකි‍්‍රය මධ්‍යස්ථානයේ කුණු කමින් සිටි වල් අලියෙක් එම ස්ථානයේම බරපතල ලෙස රෝගාතුරවි සිටින බව ප‍්‍රදේශවාසිහු කියති.

දින දෙකක් පමණ අලියා මෙම කුණුවලේ වැටී සිටින අතර අම්පාර වනජීවී සෞඛ්‍යය මධ්‍යස්ථානයෙන් පැමිණ අලියාට ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත.

මිට පෙරද එහි කුණු කෑම නිසා වල් අලියකු මියගොස් ඇති අතර එම මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැට කඩාගෙන වල් අලින් මෙම ස්ථානයට නිතර කුණු කෑමට පැමිණෙන බවත් කියති.

කුණු කෑමට එන අලි  රාති‍්‍ර කාලයේ ගම්වැදී නිවාසවලට මෙන්ම වගාවන් වලටද හානි සිදු කරන බව  ගම්වැසියෝ පවසති. 

a1 a-2 a4 a5