බිමල් ශ්‍යාමන් ජයසිංහ
විදේස් රටක සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අඹු සැමි යුවළක් ජාවාරම් කරන ලද මුදල් වලින් මිලදී ගෙන තිබූ බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා නිවාස දෙකක් පිහිටි ඉඩම් දෙකක් රජයට පවරා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය කියයි.
2021 වසරේදී මොරටුමුල්ල පොලීසිය මගින් හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 80 ක් සමග අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හෝ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ මූලික විමර්ශනවලදී එකී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මොරටුව ප්‍රනාන්දු මාවතේ මිලදී ගෙන තිබූ බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා නිවාස දෙකක් සහිත ඉඩම් දෙකක්, පවුම් 300ක් පමණ බර රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක්,ලොරි රථයක් තී රෝද රථයක් සහ යතුරු පැදියක් මිලදීගෙන තිබූ බවට අනාවරණය වූ අතර එම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ තහනමට ලක් කර දීර්ඝ ලෙස විමර්ශනය කළ බව පොලිසිය කියයි
මේ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හෝ විමර්ශන කොට්ඨාසය මගින් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව අමු සැමි යුවළ අතරින් කාන්තාව ඇප මත මුදා හැර තිබිණි
අනතුරුව එකී දේපල සම්බන්ධයෙන් පානදුර බස්නාහිර පළාත්බද මහාධිකරණයේ දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් 2011 අංක 40 දරණ පනතන පනතේ සංශෝධිත 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මොරටුමුල්ල ප්‍රනාන්දු මාවතේ එකී නිවාස දෙක පිහිටි ඉඩම් දෙක තහනමට ද ලක්කර රජයට පවරා ගන්නා ලෙස නියෝග නිකුත් කර තිබිණි
මුදල් විශුද්ධිකරණ පනතේ ප්‍රතිග්‍රාහකයා ලෙස මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි කේ උඩවත්ත මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය නිලධාරීන් සමඟ එම ස්ථානවලට පැමිණ අදාල දේපල රජය වෙත පවරා බව පොලිසිය කියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත ,නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි l ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කුඩුවලින් උපයාගත් නිවාස දෙකක් සහිත ඉඩම් දෙකක් රජයට