කඩුවෙල උසාවියේදී සමයන් නම් හිරකරුට වෙඩි තබා පැන ගිය බව කියන පුද්ගලයෙක් දොම්පේ ගලකොනේදී අද (25) උදේ අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු බසයකින් බසිද්දී අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
පසුගිය බදාදා සමයන් නම් හිරකරුට කඩුවෙල උසාවියේදී මිලි මීටර් 9 පිස්තෝලයකින් වෙඩි තබා පැනගිය පුද්ගලයා ලෙස මොහු සැකකරයි.
ඔහු මල්වතුහිරිපිටියේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා හමුදාවෙන් ඉවත්වූ අයකු (35) බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය දොරේ ගලනවා, නීතියේ ආධිපත්‍ය, මානව නිදහස, අඩුම තරමේ උසාවියකට සැකකාරයෙක්වත් ගෙන්න බෑ, (අ)
ඉස්සර මේවා කරපු එවුන් තවමත් නිදැල්ලේ , දැන් එහෙමද ? (අ)
මෙයාවත් වෙඩි තියල මරන්න අහිංසක මිනිසුන්ගේ ජීවිතබිලි ගන්න අය (අ)