IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කඩුවෙල පොලිස් ලොක්කාගේ ඥානයෙන් අපරාධයක් වැළකේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කඩු පොලු අතැතිව සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි තිදෙනකු තියුණු ආයුධ සහ හොරයින් මත්කුඩු සමග  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කඩුවෙල පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී වක් පිහියක් , කඩු තුනක් ,සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් පහක් පොලිසිය භාරයට ගෙන ඇත.

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ වාර්ෂික දේව ප්‍රතිමා ප්‍රදර්ශනය උත්සව පෙරහරේ රාජකාරී නිමවා ගුවන් විදුලි මෝටර් රථයෙන් යළි පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී කඩුවෙල නගරයේ ඉන්ධන හලක් ඉදිරිපිට නැවතු සුඛෝපභෝගී ජීප් රථයකින් පුද්ගලයන් කිහිපදෙනකු තියුණු ආයුද අත දරාගෙන කඩිමුඩියේ එයින් බිමට දැක ඇත.

පොලිස් ගුවන් විදුලි මෝටර් රථය දුටු එම පිරිස ආපසු හැරී ඔවුන් පැමිණි ජීප් රථය වෙත දිව ගොස් එයට නැගීමත් සමගම වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා මෝටර් රථයෙන් බැස පිස්තෝල ජීප් රථය වෙත එල්ල කර එය නවතන ලෙස අණ දී ඇත. පොලිස් අණ නොතකා ඔවුන් පළා යාමට සූදානම් වීමේදී ජීප් රථයේ රෝදවලට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතත් එම පිරිස වෙඩි පහර මධ්‍යයේම ජිප් රථයෙන් මීටර් 800 පමණ දුරකට ගොස් අතුරු මාර්ගයක වාහනය නවතා පලා යාමට උත්සහ කළ අවස්ථාවේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේදී පළා ගිය සැකකරු සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි ස්ථානාධිපති වරයා පැවසීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් රණාල සහ කඩුවෙල පදිංචි වයස අවුරුදු 26 හා 38 අතර පසුවන්නන්ය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන එම සැකකරුවන්ගෙන් දෙදෙනකු බන්ධනාගාර ගතව සිට මෑතකදී ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයන් බවත් දර්ශනවලදී අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. 

සැකකරුවන් සියලුම දෙනා කඩුවෙල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (3)

කඩුවෙල පොලිස් ලොක්කාගේ ඥානයෙන් අපරාධයක් වැළකේ

sampath gamage Tuesday, 16 August 2022 03:15 PM

මේ ලිපිය පලකරන්න කලින් බලන එකෙක් නැද්ද. ප්‍රධාන පුවත්පතක් හැටියට ලියන භාෂාව ගැන අවබෝධයක් තියෙන්න ඕන නේද. ආයෙම කියවන්න. මොකක්ද ලියල තියෙන්නේ කියල.

:       2       21

akalanka Tuesday, 16 August 2022 05:00 PM

මටත් ආසයි ගුවන් විදුලි මොටර් රථයක් ගන්න. කඩුවෙල OIC ගෙන් ඇහුවනම් හරි නේද?

:       0       1

sharm warn Tuesday, 16 August 2022 05:05 PM

මේ වගේ අයට ඇප දෙනකොට තේරෙන්නේ නැද්ද එයාලා ආයෙතමත් යන්නේ පරන තිප්පොළටමයි කියලා? පාතාල ක්‍රියාදාමයක් වෙලා තියෙන්නේ ඇප දෙන නිසා. ඇප දෙන්න දේශපාලන මැදිහත් වීම් වෙන්නත් ඇති.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site