බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාමත් සමග අධිකරණයෙන් පිටත රැස්ව සිටි පිරිස් කෑකෝ ගසමින් උද්ඝෝෂණයක් කළහ.
පොලිස් ආරක්ෂාව තරකර තිබිණි.
එම කෑ කෝ ගැසූ පිරිස් බැසිල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමට විරෝධය දක්වන ආකාරයේ සටන් පාඨ කියන්නට විය.
දහසකට පමණ ආසන්න පිරිසක් එහි රැස්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද හරි-කව්ද වැරදි දන්නේ කව්ද.? (ර)
මුන්ට ගහල එලවන්න බැරි අය විශ්ව විද්‍යාල සිසුන්ට ගහල තලලා දන හැටි අපි දැකල තියෙනවා මේ තක්කඩි සේරම ගස් බැඳලා බඩගින්නේ තියන්න ඕන (ස)
හොර වැඩ කරල නැත්තන් පරීක්ෂණ තියනවට මොකටද බය වෙන්නෙ. පර්‍රක්ෂන පවත්වනවට විරුද්ධ වෙන අය මුලින්ම අත් අඩංගුවට ගත යුතුයි.(ස)
ඔය ඡන්ද බට්ටෝ ,,,, වරදක් කලානම් කවුරුත් සමසේ දඩුවම් ලැබිය යුතුයි. (ස)
ඇයි වැරදි කළ අය ආරක්ෂා කරන්න හදන්නේ? (නි)
ඒ කාලේ එහෙම මෙහෙම උද්ඝෝෂණයක් කරනම් වෙඩි කන්න තමයි වෙන්නේ. උසාවියක් ලග කෑ කෝ ගැසීම වරදක්. තාමත් මේ හොරුටික නීතිය අතටගන්න තරම් තියෙන හයිය මොකද්ද? (ස)
ඔය අවනීතියට වැඩ කළ දේශපාලකයින්ගේ හෙන්චයියෝ. එයාලට පුරුදු නෑ නිතියට ගරු කරන්න. මේ රටේ සිසු අයිතීන් වෙනුවෙන් සටන් කරනඅයට සලකන විදියට ම බෙහෙතක් දුන්න නම්, ඕව විසඳෙනවා. රංචුවක් අරගෙන මාස හයකට විතර කූඩුවේ දැම්ම නම් ආයේ ඔය වැඩ වලට එන්නේ නැහැ. (ස)
ඔය එන්නේ දේශපාලකයන් පස්සෙම යන එක තම ජීවිකාව කර ගත අය. එයාල යැපෙන්නේ එමගින්. ගෙවීම් ලැබෙන්නේ ආවොත්. රටේ ජන මතය එයාලගෙන් නියෝජනය වෙන්නේ නැහැ. ඔතන ඉන්නේ දෙතුන්දාහක් වෙන්න පුළුවන් . නමුත් කෝටි ගණනක් ඉන්නේ ගෙවල් වල මේවා බලමින්.දැන් ඡන්දදායකයා බුද්ධිමත්. උඩින් පෙනෙන දේ මතින් තීරණ ගන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් දැකලයි තීරණයන් ගන්නේ. අනෙක් අතට රටේ ජනතාව මෝඩයන්ට ඇන්දවීම ගැන මේ දේශපාලකයින් දුක් විය යුතුයි. (ස)
මේ අය මුලින්ම පටන් ගත්තේඅපේ සුනාමි සල්ලි කන්න,එතැනින් නොනැවතුන රාජපක්සල රටේ මහජන මුදල් කොටි ප්‍රකෝටි ගණන් කෑව,ප්‍රසිද්දියේ කාල තවත් කන්න එන්න හදනවා,නඩු අහල හිරේට දානවට වඩා හොඳයි සවුදි වගේ ගල් ගහන එක. (ස)