වෙසක් පෝය වෙනුවෙන් කඩවත මහර වෙසක් කලාපය සඳහා ඉදිකර ඇති තාවකාලික ඉදිකිරීම් සිදු කර ඇත්තේ කඩවත බැංකු සංකීර්ණය අසල නව බස් නැවතුම්පොළ ආසන්නයේ මාර්ගයේය. එම මාර්ගය මාර්ග තදබදය අඩු කිරීමට කඩවත නගරය මග හැරීම සඳහා ඉදි කළ මාර්ගයයි.
අයහපත් කාලගුණ තත්වය නිසා මාර්ග තදබදය වැඩි වී විකල්ප මාර්ග බහුලව භාවිතා වන මේ දිනවල මෙම තාවකාලික ඉදි කිරීම දැඩි මාර්ග තදබදයක් ඇති කරවන බව ප්‍රදේශවාසීහු කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වහාම ඉවත්කළ යුතුයි. වැදගත් වන්නේ රටේ ආපදා තත්ත්වයයි (නි)
මේවා රජයේ පරිපාලනයේ දුර්වලතා. නගර සභාව සම්පුර්ණයෙන් වගකියන්න ඕනෑ. රටක යම් සැළැස්මක් ඇතිව ඕනෑම දෙයක් වෙන්න ඕනෑ. ඒ සැළැස්මේ මෙවැනි රටක හදිසි අවස්ථාවලට සිදුකරන දේවල්ද ඇතුළත් වෙන්න ඕනෑ. එහෙමයි වෙන රටවල් නම් මහජනයා විශාල ප්‍රමාණයෙන් එන උත්සව සැළසුම් කරන්නේ. කොටින්ම ගිනි නිවන රථ පවා සුදානමින් තියෙන්නේ. අපේ රටේ ඕනෑම කෙනෙක්ට ලේසියෙන්ම මහා පාරේ මඩුවක් අටවන්න පුළුවන්. (නි)
මම කඩවතින්. මේක හරිම කරදරයක්. විශේෂයෙන්ම කඩවත පසු කරගෙන දුර පළාත් වලට යන අයට. තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය වැඩි කරගන්න කරන දේවල් වහාම නතර කරන්න. (නි)
මේ වගේ දේවල් පාර මැද හදන්න ඉඩදුන්නේ කවුද? (නි)
මාර්ග අවහිර කරමින් වෙසක් සැරසිලි ඉදිකිරීමට ඉඩදුන් අය මේවාට වගකිව යුතුය. (නි)
පහුගිය ඡන්දෙට ආණ්ඩුවෙ ඇමතිවරු පාරවල් වහගෙන වේදිකා ගහනකොට කතානොකරපු අයගෙ කටවල් වලට අද පණ ඇවිල්ලා. (නි)
මේවාට මේ රටේ මෝඩ ජනතාවත් වගකිව යුතුයි (නි)
මේක පුදුමාකාර රටක්නේ? (නි)
මේවා ඉවත් කලොත් ජනතාවට පහසුවක් වේවි. (ර)
ඔය බොරු දේවල් වලට අපේ මිනිස්සු හරි කැමතියි. සිල් රැකීම වැනි දෙයක් නම් එ්කට අකමැතියි. බුදුන්වහන්සේ කෙරෙහිත්, ඒ මනරම් දහම කෙරෙහිත් ශ්‍රද්ධාව උපදවන්නට කරන බොහෝ දෙයින් සිදුවන්නේ, බුදුන් වහන්සේට නිගාකිරීමත් සහ යම් යම් මනුස්සයින් තුළ ද්වේශය ඇතිකිරීමත් පමණයි. (නි)
මෙවැනි අදූරදර්ශී ක්‍රියා කරන අයට අනුකම්පා කරනු මිස වෙන මොනවා කරන්නද? (නි)
මේ අනවශ්‍ය දේ නතර කරන්න. රටේ ජනතාවගෙන් සෑහෙන කොටසක් අවතැන්වෙලා ජීවිත නැතිවෙලා ඉන්න වෙලාවෙ මේ වගේ අනවශ්‍ය දේ නවත්වලා ඒ මුදල් ඒ ජනතාවගේ යහපතට යොදවන්න. වෙසක් කලාප තිබුණට දන්සැල් දුන්නට සාරධර්ම රැකෙන්නේ නැහැ. මේක හදිසි ආපදා තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කරලා සියළු සම්පත් ඒ වෙනුවෙන් යෙදවිය යුතු වෙලාවක්. (නි)