IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කඩවත පරිසර ඕඅයිසී උසාවියට : ට්‍රැෆික් ඕඅයිසීගේ සම්බන්ධයක් නෑ

මාවනැල්ල උතුවන්කන්ද වලකඩයාව වංගුවේද කැබ් රිය ත්‍රි රෝද අනතුරට කඩවත පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සම්බන්ධයක් නැති බවත් එම අනතුර සම්බන්ධයෙන් සැකපිට එහි කඩවත පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති අනුරුද්ධ විජේසිංහ මාවනැල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන බවත් මාවනැල්ල පොලිසිය කියයි.

අනතුර සිදුවූ පසු ‘‘මම කඩවත ට්‍රැෆික් ඕඅයිසී” යනුවෙන් පවසමින් ඔහු එම ස්ථානයෙන් බැහැරව ගොස් ඇතැයිද මාවනැල්ල උතුවන්කන්දේදී ඔහු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. මේ අනතුරින් කුඩා දරුවකු ඇතුළු එකම පවුලේ පස් දෙනෙක් තුවාල ලදහ.

කැබ් රියේ අඩක් හිස්කළ අරක්කු බෝතලයක් හා බයිට් පැකට් කිහිපයක්ද තිබී ඇත.

__-_____-___-_____-__-______-_____ ______-___-__-_______-_________-________-___ ____-________-___-__-__-_____-___-__-_______-_____ 04 05

 



අදහස් (0)

කඩවත පරිසර ඕඅයිසී උසාවියට : ට්‍රැෆික් ඕඅයිසීගේ සම්බන්ධයක් නෑ

ශාන්ත Monday, 27 October 2014 05:08 PM

කඩවත ට්‍රැෆික් ඕ අයි සී හොඳ නිළධාරියෙක්ත (ස)

:       0       0

උපාලි Monday, 27 October 2014 06:31 PM

අරක්කුවලින් වාහන දුවවන්න පුළුවන් කියල කියනවා නේද? ඉතින් හදිසියකට ගන්න ටිකක් තියා ගන්න ඇති. මිනිස්සු බඩගින්නට මොනවහරි කන්නේ නැද්ද? (ස)

:       0       0

නිමල් Tuesday, 28 October 2014 12:15 AM

එතකොට මේ තනතුර මාරුකරලා කියලා තියෙන්නේ ඇයි? එයා හිතුවද දන්නෙ නැහැ එතකොට ට්‍රැෆික් මහත්තයාව අල්ලාගනී කියලා (නි)

:       0       0

වාසනා Tuesday, 28 October 2014 12:38 AM

හිතන්න ඇති ට්‍රැෆික් ඕඅයිසී අල්ලන්න (නි)

:       0       0

විදුර‍ Tuesday, 28 October 2014 12:38 AM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 28 October 2014 12:52 AM

පරිසරයට වඩා රථවාහන කිව්වහම හොඳ ගැම්මක් තියෙන නිසානේ එහෙම කිව්වේ. (නි)

:       0       0

සුනිල් කරූ Tuesday, 28 October 2014 02:27 AM

කඩවත ට්‍රැෆික් ඕඅයිසී මහත්තයා නියම මහත්මා චරිතයක් (නි)

:       0       0

සෙනරත් Tuesday, 28 October 2014 03:17 AM

වරදක් කරලා ඒක තවත් කෙනෙකුගේ නමින් ප්‍රසිද්ද කරන ඒක තවත් ලොකු වරදක්. මොහුට දඩුවම් දියයුතුමයි. මොහු බීමත්ව වහනය එලවන්න ඇති කියා සිතනවා. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 27 October 2014 09:24 AM

අරයා මොනවා කියයිද දන්නේ නැහැ ඉතින් (බ)

:       0       0

රොහාන් Monday, 27 October 2014 09:25 AM

කොහොමද මේවගේ අයට ඕ.අයි.සී නිලයක් දුන්නේ මෙහෙමෙ මිනිස්සුද අපේ රටේ නිතිය රකීනෙ රටකට ගිය කල, (බ)

:       0       0

අමිල Monday, 27 October 2014 09:27 AM

අපෝ මෙයා නිදහස් වෙයි. (බ)

:       0       0

සමන්ජය Monday, 27 October 2014 09:33 AM

මෙයාව ඩොක්ටර් කෙනෙකුට දාල චෙක් කරන්න. අරක්කුයි, බයිට් පැකටුයි තිබුන කියන එක වැඩක් නැහැ . ඒවා ගිය සතියේ ඒවාද කවුද දන්නේ? සමහර වෙලාවට මගේ වාහනෙත් මේවා තියෙනවා එක්කෝ පරණ ඉතුරුවෙච්ච කොට, නැත්නම් හදිස්සියකට ගන්න තියන ඒවා. (බ)

:       0       0

ධම්ම Monday, 27 October 2014 09:39 AM

ඕ අයි සී මහත්තයා දැන් නම් හරියටම දැනගත්තා බීලා වාහන එලවන්න බැරි විත්තිය. ඒත් මේ ප්‍රායෝගික පුහුණුවට අහිංසක පවුලක් අඩේට තිබ්බ එක නම් සහගහන අපරාධයක්. (අ)

:       0       0

නිමල්ලාලිත Tuesday, 28 October 2014 04:27 AM

බොරු කියා පැනයාමට තැත් කිරීම සහ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම ගැන මොහුට උපරිම දඬුවම් දිය යුතුයි. අනතුරට පත් අය විඳින වේදනාව වන්දියකින් වසාලිය හැකිද? (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 October 2014 04:48 AM

මම හිතන්නේ කැබ් එකට වෙරි වෙලාද කොහෙද.(දිල්)

:       0       0

ලුම්බිණි Monday, 27 October 2014 09:57 AM

අරක්කුයි, බයිට් පැකටුයි නැති වාහන අද කාලේ හොයන්න අමාරුයි. (බ)

:       0       0

තිලක් Monday, 27 October 2014 10:19 AM

ප්‍රකාශක තුමා ඉක්මනට මේකට කියන්න මොකක් හරි ප්‍රකාශයක් ලියා ගන්න. (බ)

:       0       0

සුජිත් Monday, 27 October 2014 10:21 AM

අගය කල යුත්තේ මෙම පොලිස් නීලධාරියාව වසන් නොකොට අත් අඩංගුවට ගැනීමයි. අත් අඩංගුවට ගැනීම සඳහා පියවර ගත් සියලුම නිලධාරීන්ට ඉස්තුතිය පුදකරමි.(බ)

:       0       0

දසුන් Monday, 27 October 2014 10:26 AM

මේයා නැති අතරේ මෙයාව තද කරන්න කවුරුහරි දාල කියල කියයි.(අ)

:       0       0

සුජිත් Monday, 27 October 2014 10:31 AM

රොහාන් මෙම පුවතේ සඳහන් වෙන්නේ නැහැ මෙයා රාජකාරියකට ගියා කියලවත්, නිල ඇදුමින් සිටිය කියලවත්, වාහනය පොලිසියේ එකක් කියලවත්.ඒ බැවින් මේක පෞද්ගලික සිද්දියක්. රටට ගීය කල සහ ඕ.අ.සී නීලය දීමයි මේකට සම්බන්ද ද? (අ)

:       0       0

චන්දු Monday, 27 October 2014 10:44 AM

......

:       0       0

සේන Monday, 27 October 2014 11:19 AM

කඩවත ට්‍රැෆික් ඕඅයිසී මහත්මයා ඉතාම විනීත කෙනෙක්. ඔහුගේ නිහතමානි බව ගැන දන්නා අය එතුමාගේ නම යොදාගන්න බව මින් පැහැදිළියි. එවැන්නන්ට නිසි දඬුවම් දෙන්න. (දිල්)

:       0       0

රසික Monday, 27 October 2014 11:44 AM

කවුරු වුනත් කමක් නෑ වැරදි කරුවන්ට දඬුවම ඩබල් කරල දෙන්න (බ)

:       0       0

සරාම් Tuesday, 28 October 2014 07:35 AM

පොලිසියට පොලිසිය මෙහෙමනම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1665 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site