මාවනැල්ල උතුවන්කන්ද වලකඩයාව වංගුවේද කැබ් රිය ත්‍රි රෝද අනතුරට කඩවත පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සම්බන්ධයක් නැති බවත් එම අනතුර සම්බන්ධයෙන් සැකපිට එහි කඩවත පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති අනුරුද්ධ විජේසිංහ මාවනැල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන බවත් මාවනැල්ල පොලිසිය කියයි.
අනතුර සිදුවූ පසු ‘‘මම කඩවත ට්‍රැෆික් ඕඅයිසී” යනුවෙන් පවසමින් ඔහු එම ස්ථානයෙන් බැහැරව ගොස් ඇතැයිද මාවනැල්ල උතුවන්කන්දේදී ඔහු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. මේ අනතුරින් කුඩා දරුවකු ඇතුළු එකම පවුලේ පස් දෙනෙක් තුවාල ලදහ.
කැබ් රියේ අඩක් හිස්කළ අරක්කු බෝතලයක් හා බයිට් පැකට් කිහිපයක්ද තිබී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩවත ට්‍රැෆික් ඕ අයි සී හොඳ නිළධාරියෙක්ත (ස)
අරක්කුවලින් වාහන දුවවන්න පුළුවන් කියල කියනවා නේද? ඉතින් හදිසියකට ගන්න ටිකක් තියා ගන්න ඇති. මිනිස්සු බඩගින්නට මොනවහරි කන්නේ නැද්ද? (ස)
එතකොට මේ තනතුර මාරුකරලා කියලා තියෙන්නේ ඇයි? එයා හිතුවද දන්නෙ නැහැ එතකොට ට්‍රැෆික් මහත්තයාව අල්ලාගනී කියලා (නි)
හිතන්න ඇති ට්‍රැෆික් ඕඅයිසී අල්ලන්න (නි)
අනේ අපේ පොලිසිය! (නි)
පරිසරයට වඩා රථවාහන කිව්වහම හොඳ ගැම්මක් තියෙන නිසානේ එහෙම කිව්වේ. (නි)
කඩවත ට්‍රැෆික් ඕඅයිසී මහත්තයා නියම මහත්මා චරිතයක් (නි)
වරදක් කරලා ඒක තවත් කෙනෙකුගේ නමින් ප්‍රසිද්ද කරන ඒක තවත් ලොකු වරදක්. මොහුට දඩුවම් දියයුතුමයි. මොහු බීමත්ව වහනය එලවන්න ඇති කියා සිතනවා. (ස)
අරයා මොනවා කියයිද දන්නේ නැහැ ඉතින් (බ)
කොහොමද මේවගේ අයට ඕ.අයි.සී නිලයක් දුන්නේ මෙහෙමෙ මිනිස්සුද අපේ රටේ නිතිය රකීනෙ රටකට ගිය කල, (බ)
අපෝ මෙයා නිදහස් වෙයි. (බ)
මෙයාව ඩොක්ටර් කෙනෙකුට දාල චෙක් කරන්න. අරක්කුයි, බයිට් පැකටුයි තිබුන කියන එක වැඩක් නැහැ . ඒවා ගිය සතියේ ඒවාද කවුද දන්නේ? සමහර වෙලාවට මගේ වාහනෙත් මේවා තියෙනවා එක්කෝ පරණ ඉතුරුවෙච්ච කොට, නැත්නම් හදිස්සියකට ගන්න තියන ඒවා. (බ)
ඕ අයි සී මහත්තයා දැන් නම් හරියටම දැනගත්තා බීලා වාහන එලවන්න බැරි විත්තිය. ඒත් මේ ප්‍රායෝගික පුහුණුවට අහිංසක පවුලක් අඩේට තිබ්බ එක නම් සහගහන අපරාධයක්. (අ)
බොරු කියා පැනයාමට තැත් කිරීම සහ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම ගැන මොහුට උපරිම දඬුවම් දිය යුතුයි. අනතුරට පත් අය විඳින වේදනාව වන්දියකින් වසාලිය හැකිද? (ස)
මම හිතන්නේ කැබ් එකට වෙරි වෙලාද කොහෙද.(දිල්)
අරක්කුයි, බයිට් පැකටුයි නැති වාහන අද කාලේ හොයන්න අමාරුයි. (බ)
ප්‍රකාශක තුමා ඉක්මනට මේකට කියන්න මොකක් හරි ප්‍රකාශයක් ලියා ගන්න. (බ)
අගය කල යුත්තේ මෙම පොලිස් නීලධාරියාව වසන් නොකොට අත් අඩංගුවට ගැනීමයි. අත් අඩංගුවට ගැනීම සඳහා පියවර ගත් සියලුම නිලධාරීන්ට ඉස්තුතිය පුදකරමි.(බ)
මේයා නැති අතරේ මෙයාව තද කරන්න කවුරුහරි දාල කියල කියයි.(අ)
රොහාන් මෙම පුවතේ සඳහන් වෙන්නේ නැහැ මෙයා රාජකාරියකට ගියා කියලවත්, නිල ඇදුමින් සිටිය කියලවත්, වාහනය පොලිසියේ එකක් කියලවත්.ඒ බැවින් මේක පෞද්ගලික සිද්දියක්. රටට ගීය කල සහ ඕ.අ.සී නීලය දීමයි මේකට සම්බන්ද ද? (අ)
......
කඩවත ට්‍රැෆික් ඕඅයිසී මහත්මයා ඉතාම විනීත කෙනෙක්. ඔහුගේ නිහතමානි බව ගැන දන්නා අය එතුමාගේ නම යොදාගන්න බව මින් පැහැදිළියි. එවැන්නන්ට නිසි දඬුවම් දෙන්න. (දිල්)
කවුරු වුනත් කමක් නෑ වැරදි කරුවන්ට දඬුවම ඩබල් කරල දෙන්න (බ)
පොලිසියට පොලිසිය මෙහෙමනම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? (ස)