(අකිල බද්දෙවිතාන)
කඩා වැටුණු වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටි පුද්ගලයකු බේරාගෙන ඊයේ (19) රාත්රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි පවසයි.
ඔහු පැය අටකට වැඩි කාලයක් සුන්බුන් අතර සිරවී සිට ඇත. මේ අතර සුන්බුන්වලට යටවී අතුරුදන්ව ඇතැයි සැකකරන කාන්තාවක් සොයා අද උදෑසන ද මෙහෙයුම් ඇරඹූ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ප්රමිතිය තමා ඔය