IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කඩොලාන රැකීමෙන් සිරිලක මුල් තැනට

ලෝකයේ ජීවී පැවැත්මට ඉතා වැදගත් වූ කඩොලාන ශාක පද්ධති ආරක්ෂා කිරීමෙන් ශ්‍රී ලංකාව ලොව මුල් තැනට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

එම පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාවේ කඩොලාන ආශ්‍රිතව දිවි ගෙවන්නන් එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට දිරිමත් කරමින්, නැවතව වගා කිරීමට හා විකල්ප රැකියා අවස්ථා ලබා දීමටත් කටයුතු කළ ශ්‍රී ලංකා රජය හා රටේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ක්ෂුද්‍ර ණය පහසුකම් ව්‍යාපෘති පවා හඳුන්වාදෙමින් ඉතා විශිෂ්ඨ අයුරින් කඩොලාන ශාක පද්ධතිය සුරක්ෂිත කැර ඇතැයි ද එම වාර්තා පෙන්වාදෙයි.

පසුගිය සියවසක කාලයේ දී ශ්‍රී ලංකාවේ සමස්ථ කඩොලාන ශාක පද්ධතියෙන් සියයට 76ක් විනාශ වී ගොස් ඇතැයි ද එය ලොව කඩොලාන පාරිසරික පද්ධති විනාශ වී ඇති ප්‍රමාණයට වඩා ඉතා අවම අගයක් ගන්නා බව ද බීබීසී වාර්තාව පෙන්වාදෙයි.

සංරක්ෂකයින් පවසන්නේ කඩොලාන පරිසර පද්ධති ආරක්ෂාකිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර එම පරිසර පද්ධතිය ඇති වෙනත් රටවල් ද ආදර්ශයට ගන්නේ නම් ඉතාමත් වැදගත් වන බවයි.

මෙම තීරණය ගැන අදහස් දක්වන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ කඩොලාන ආරක්ෂා කිරීම සියළුම රාජ්‍ය ආයතනවල, පුද්ගලික ආයතනවල, රාජ්‍ය නොවන ආයතනවල, පර්යේෂකයන්ගේ සහ සිවිල් සමාජ වල වගකීම සහ අවශ්‍යතාව වන බවයි.



අදහස් (0)

කඩොලාන රැකීමෙන් සිරිලක මුල් තැනට

දුමින්ද Thursday, 14 May 2015 03:59 AM

දූපතක හෙට දවස (බ)

:       0       0

රොෂාන් Thursday, 14 May 2015 05:23 AM

මේක මස තුනකින් පහකින් සිදු උවක් නොවන බව මතක තියාගන්න එය ආරක්ෂා කර ගැනීම ඉදිරියටත් අපගේ වගකිම (ම)

:       0       0

ලසන්ත Thursday, 14 May 2015 05:39 AM

නියමෛ සුභපැතුම් (ම)

:       0       0

ඇසළ Thursday, 14 May 2015 07:10 AM

කඩොලානට මුල්තැන ගස් කපා වන විනාශයෙනුත් මුල් තැන. (බ)

:       0       0

ඉඳුනිල් Thursday, 14 May 2015 08:29 AM

නාවික හමුදාව සහ ටෝකියෝ සිමෙන්ති සාමාගම යම් ධනාත්මක දායකත්වයක් කර ඇත (බ)

:       0       0

රංජිත් Thursday, 14 May 2015 09:17 AM

කඩොලාන පිරිලා තියෙන්නේ එම ලී විකුනන්න බැරි නිසා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site