සුළු ජාතීන් නියෝජනය වන තීරු දෙක රහිත විකෘති කරන ලද ජාතික කොඩි කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම ඉදිරිපිට පැවැති විරොධතාවේදී ප්‍රදර්ශනය කළ බව කියන පිරිස තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද පොලිසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරු දෙක නැති සිංහයා ඉන්න කොඩි ලංකාවේ නැතිද! යහ පාලනයේ තවත් ප්‍රතිඵලයක් . අපි පළාත් කොඩි තහනම් කරමුද? මේවා කවුරු දිරි ගන්නවන්න කරන වැඩද? උතුරු පළාතේ දී ජාතික කොඩියටත් ගීයටත් කරන නිගා වලට අක්සන් ගන්නේ නැත්තේ අැයි? (බ)
සිංහ කොඩිය ජාතික කොඩියෙන් වෙන්කරගන්න බැරි කෙනෙක් කොහොමද යුත්තිය සාධාරණත්වය වෙන්කරලා හඳුනාගන්නේ? (නි)
සුළු ජාතින් මේ කරපු හොරකම් වලට සම්බන්ධ නැති නිසා ඔවුන්ගේ තීරු දෙක ඉවත් කරලා කොඩියක් හදාගන්න ඇති. උද්ඝෝෂකයෝ කියාවි එම කොඩියේ තැඹිලි , කොළ පාට තීරු දෙක නැහැ එම නිසා එ්ක ජාතික කොඩිය නොවේ අපේ අවශ්‍යතාවයට හදාගත්ත කොඩියක් කියලා (නදී)
අපිට හරි සතුටුයි. නීතිය කඩකරන අයට රටේ නීතිය අනුව දඬුවම් ලබාදිය යුතුයි. ගරු පොලිසියට අපේ උත්තමාචාරය! (නි)
ඇත්ත ඇත්ත (නි)
නීතිය කාටත් එක හා සමානයි (නි)
අනේ මේ වගේ රටක්!තමාට ලැබෙන මාසේ පඩියෙන් හරියට මාසය අවසන් වෙනතුරු වියදම දරාගන්න බැරි අපේ මිනිස්සු හොරුන්ව බේරගන්න පාරට බහිනවා? හොරු එක දවසක්වත් හිර කූඩු වල ඉන්නේ නැතුව රෝහල් වලට ඇතුළුවෙලා සැපට ඉන්නවා. (නි)
රටේ නිතිය ගරු නොකරන මේ අයට දන්නේ නැතිව ඇල්ලුවා මතක නෑ යන කියමන් වලට ඉඩ නොදී මෙරට තිබෙන නිතිය කාටත් වලංගු වෙනවා කවුරු කාගේ වුනත් තහනම් දේවල් කරන කාටත් දඩුවම් දෙන්න තරා තිරම නොතකා ලොකුකම් පෙන්වූ කාලය දැන් අවසන් වේගන යන බව මේ යට දැන් වත් තේරුම් යාවි (බ)
ඔය අරගෙන ගියා කියන්නේ ජාතික කොඩියද, සිංහ කොඩියද. සිංහලයන් වශයෙන් සිංහ කොඩිය නැතුව කොටි කොඩියද ගෙනියන්න කියන්නේ. (නදී)
හුගක් අයට සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන පුදුම උණක් තියෙන්නේ.(නදී)
මට නම් දැනෙන හැටියට දැන් නිතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා වගේ (නදී)
මාව පරාජය කලේ මේ රටේ ඉන්න මුස්ලිම් හා දමිල ප්‍රජාව කියා කියපු පුද්ගලයා මෙම ක්‍රියාවේ නිර්මාතෘ වරයා. එහි ප්‍රතිපලය තමයි ව්‍යාජ ජාතික කොඩියේ මේ සුළු දෙජාතිය නියෝජනය වන තීරුව නොමැතිව නිර්මාණය වීම.(නදී)
මෙන්න රටේ දැවෙන ප්‍රශ්න! ජාතික කොඩියේ පාට තීරු දෙක! රටෙනුත් ලොකු තීරුවක් යන්න යන මොහොතේ, මේවත් වැඩද අයියේ? (නි)