IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


කුඩම්මා කොන්සල් කන්තෝරුවේ

‘ඩුබායි රැකියා නියෝජිතායතනයෙන් මට  අමානුෂිකව  පහරදී මා පඩිපෙළෙන්  තල්ලූකොට කොන්ද අත පය බිඳ දමා මහ පාරකට ගෙන ගොස් දමා   තිබියදී පාරේ සිටි මිනිසුන්   රෝහල් ගත කර තිඛෙනවා.  මෙසේ තිබියදීත් ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ  නිලධාරීන් මා වැරදි කරුවෙකු ලෙසත්  රැකියා නියෝජිතායතනය නිවැරැදි කරුවෙකු කරන්නටත් උත්සාහ ගත්තා. මගේ වාසනාවකට මෙන්  තානාපති මහින්ද බාලසූරිය මහතා ඇතුළු  නිලධාරීන් අබුඩාබි සිට එහි  පැමිණ අපේ ප්‍රශ්න වලට  පියෙකු සේ මැදිහත් වී මා හට වන්දියක්ද ලබා දී නැවත ලංකාවට එවන්න කටයුතු කළා. එසේ නොවුනා නම් මා එහිදී මියයන්නට පවා ඉඩ තිබුණා‘  යැයි  නදීකා ස්වර්ණමාලි මහත්මිය(23) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී කීවාය.

තමා මෙන්ම එරට හාම්පුතුන්ගේ සහ රැකියා නියෝජිතායතයන්ගෙන් අසාධාරණයන්ට  ලක්වූ තවත්  කාන්තාවන් පනස් දෙනෙකු පමණ ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ සිටින බවත්,  ඔවුන්ගේ ප්‍රශ්නවලට  නිලධාරීන් විසින් කඩිනම්  විසඳුම් ලබා නොදීම නිසා මාස හයක්, හතක් තිස්සේ මෙරටට පැමිණීමට නොහැකිව සිටන බවත් ඇය කීවාය.

එම  නිලධාරීන් රැකියා ඒජන්තවරුන් සමග ඇති හිතවත්කම් මත අසරනවී පිහිට පතා එන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්  වැරදි කරුවන් කොට, නොයෙක් අසාධාරණකම් සිදුකරන බව පවසමින් මෙම කාන්තාවන් පසුගිය දිනක එහිදී උද්ඝෝෂණයක ද  නිරත වී ඇත.

පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආචාර්ය  මහින්ද බාලසූරිය මහතා සමග   කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, තානාපති කාර්යාලයේ පළමු ලේකම් විශ්ව දිසානායක සහ ලිපිකරු දුමින්ද සමරසිංහ යන මහත්වරු එහි ගොස්   කාන්තාවන්ගේ ප්‍රශ්න විසදීම සඳහා මැදිහත් වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස නදීකා ස්වර්ණමාලි  මහත්මිය ඇතුළු අසාධාරණයට ලක්වූ  තිදෙනෙකුගේ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීම   මත යළි  දිවයිනට පැමිණීමට අවස්ථාව උදා විය.

එක් දරු මවක වූ නදීකාගේ දෙමව්පියෝ ධීවර කර්මාන්තය ආශ්‍රීතව රැකියාවේ  යෙදෙති.   ඉන් ලැබෙන සොච්චම් මුදලින් එදා වේල පිරිමසා ගැනීම හැරෙන්නට ඉන් එහා කළ හැකි දෙයක් නොවීය. තමන්ටම යැයි  කියා නිවසක් තනා ගැනීමත්, දියණියට හොද අධ්‍යාපනයක් ලබා දීමත් ඇගේ  සිහින  විය. නදීකා මැද පෙරදිග පැමිනෙන්නේ ඒ අනුවය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී නදීකා හැඩූ කඳුලින් ඈ විදි දුක්  පැවසුවාය.

‘ ඩුබායි වල සේවය කරන අපිට කරදරයක් වුණාම යන්න තියෙන එකම තැන කොන්සල් ජනරාල් කාර්යාලයයි. ඒත් එතන මහ අවුල් ජාලාවක්. විවිධ ප්‍රශ්න වලට මැදිවුන කාන්තාවන් 50 ක් විතර නැවත ලංකාවට එන්න විදිහක් නැතිව  එතන හිරවෙලා හිටියා. 

 නිලධාරීන්ට ඒ ළමයින්ගේ ප්‍රශ්න විසඳලා ඉක්මනින්  ලංකාවට එවන්න උවමනාවක් නැද්ද කියලත් හිතෙනවා.  ඔය අතරේ තමයි අබුඩාබිවල ඉදලා තානාපති ආචාර්ය  මහින්ද බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක්  එතනට ගිහින් අපේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා යම් යම් සෘජු තීරණ ගත්තේ. එතුමා එහෙම නොගියා නම් මට කවදාවත් නැවත ලංකාවට එන්න ලැබෙන්නේ නැහැ.

එතන ප්‍රශ්න ගොඩක්  තියෙනවා. අපි රට යන්නේ නැති බැරිකමට කීයක් හරි හොයාගෙන ඇවිත් ගෙයක් දොරක් හදාගෙන හොදින් ජීවත් වෙන්නයි. නැතුව කා එක්කවත් රංඩු වෙන්නවත් මේ විදියට කොන්ද අතපය කඩාගෙන ආපසු එන්නවත් නෙමෙයි.

අපි අසරණ වුනාම අපේ දෙමව්පියන් මෙන් අපේ පිහිටට ඇත්තේ  කොන්සල් ජනරාල් කාර්යාලයයි. නමුත් එතන ඉන්න සමහර  නිලධාරීන් අපේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බලන්නේ නැහැ. ඔවුන් අපේ පැත්ත ගන්නේ නැහැ. අපිට සාධාරණයක් ඉටුකර දීමට උත්සහ ගන්නේ නැහැ. 

නමුත් මම ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරන්නේ අබුඩාබි වල තියෙන තානාපති කාර්යාලයේ මහින්ද බාලසූරිය අපේ තානාපතිතුමා,  කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, පළමු ලේකම් විශ්ව දිසානායක සහ ලිපිකරු දුමින්ද සමරසිංහ යන මහත්වරු පැමිණ අපේ ළමයිගේ ප්‍රශ්න දවසින් දෙකෙන් විසඳුවා. ඔවුන් වගකීමත් ගත්තා.

කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් මාස ගනන් එම ප්‍රශ්න තියාගෙන සිටින නිසා ලංකාවට එන්න විදිහක් නැතිව මාස හත අට එතන හිරවෙලා ඉන්න ළමයි ඉන්නවා.  වැරදිකරුවෙක් ලෙස තීන්දු කර සිටි මා නිර්දෝශී බවට ඔප්පු කළෙත් මේ මහත්වරු. ඒ  වගේම  රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් අරන් දීලා මගේ අසනීප සුවකරලා ලංකාවට යහතින් එන්න කටයුතු සිදු කළෙත් ඒ මහත්තුරු. ඔවුන්ට මම දෙවියන්ට සේ හිසනමා ආචාර කරනවා.

ඇය එසේ කියද්දී එය සැබෑවක් බව පසක් වන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී බොහෝ විට අත පය කඩාගෙන, කිසිදු වන්දියක් නොලබා මෙරටට එන කාන්තාවන් අනන්තවත් හමුවන බැවිණි.

ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී බැන වදිමින් ශාප කරමින් යන්නේද  කිසිදු නිලධාරියෙක් තමන්  වෙනුවෙන් සාදාරණයක් ඉටු කිරීමට ඉදිරිපත් නොවූ බව කියමිනි.

අබුඩාබි ආයතනයක බලෙන් සිරකරගෙන වැඩගත් කාන්තාවන් පිරිසක් වෙනුවෙක් එරට කම්කරු උසාවියේ නඩු පවරා, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දී නැවත ලංකාවට එවීමට ද අබුඩාබි තානාපති කාර්යාල නිලධාරීහු මීට පෙර ක්‍රියා කළහ.

බොහෝ දෙනා කියනුයේ ලැටළු ඇති අනෙක් රටවලට ද මෙවැනි නිලධාරීන් යැවිය යුතු බවයි.
 
 නදීකා ඩුබායි  ගොස් ඇත්තේ  දරුවන් දෙදෙනෙකු සිටින නිවසක සේවය කිරීමේ පදනම මත වුවද ඇයට  දරුවන් 14 දෙනෙකු සිටින විශාල මන්දිරයක සේවය කිරීමට සිදුව ඇත. විවිධ ගැටළු මැද එම  නිවසේ ඉතාමත් ආයාසයෙන් සේවය කළ ඇය  එහි වැඩ කළ  නොහැකිම තැන එරට රැකියා නියෝජිතායනය වෙත පැමිණ ඇත.
එතැන් සිට මහින්ද බාලසූරිය මහතා ඇතුළු පිරිස හමුවන තුරු තමාගේ වයසට ඔරොත්තු නොදෙන තරම් දුක් කම් කටොළු රැසක් විඳි බව ඕ කීවාය.

‘මම 2012 ඔක්තෝම්බර් 24 මීගමුවේ රැකියා නියෝජිත ආයතනයකින් ඩුබායි වල ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගියා. මෙහෙන් යනකොට මට කිව්වේ මාව යවන ගෙදර ළමයි දෙන්නෙක් බලා ගන්නයි තියෙන්නේ කියලා. ඒත් එතන ළමයි 14 දෙනෙක් බලාගන්න මට සිදුවුනා. ඒක මහා විශාල නිවසක්. ඒත් මම දවස් 25 ක් බොහෝම අමාරුවෙන් ඒ ගෙදර වැඩ කළා. ඉන් පස්සේ ඒ ගෙදර අයට මම කිව්වා මට සේවය කරන්න අමාරුයි කියලා. ඔවුන්   මාව එරට රැකියා නියෝජිතායනයට බාර දුන්නා.

එතන බාරව සිටින කාන්තාව රැකියා නියෝජිතායතනය තුළදීම මට අමාණුෂික ලෙස පහර දුන්නා. එදින රාත්‍රියේ ඇය මා  ඇගේ නිවසට එක්කරගෙන ගියා. එහිදීත් අමාණුෂික ලෙස පහරදී අප්‍රසන්න වචනයෙන් මට බැණ වැදුනා. මට පහරදී   පඩිපෙලෙන් තල්ලූ කරලා දැම්මා. එවිට මගේ කොන්ද කැඩී අතක් සහ කකුලකට හානි සිදු වුණා.

එම අවස්ථාවේ මා සිහිසුන්ව බිම ඇද වැටුණු පසු ඔවුන් මා  මහ පාරට ඇද දමා ගොස් තිඛෙනවා. පසුව  පාරේ ගිය පුද්ගලයන් පිරිසක්  මා රෝහලට ඇතුළත් කර තිබෙනවා. මට සිහිය ආවේ රෝහලේදී. එවිටයි මා සිදුව ඇති දෑ දැනගත්තේ.

පසුව මගේ කොන්ද බිදී ඇති බව වෛද්‍යවරු පැවසූවා. ඒ සඳහා මට සැත්කමක් සිදු කළා. මා   සුව වූ පසු ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයට ගියා.  එතැන සිටි  නිලධාරීන් මා හට  වැරදි පටවා නිර්දෝශී මා වැරදිකරුවෙකු  බවට පත් කළා.   රැකියා නියෝජිත ආයතනයේ කිසිදු වරදක් නැති බවත්, සියලු වැරදි මගේ බවටත්, රැකියා නියෝජිත ආයතනයට බොරු චෝදනා එල්ල නොකරන ලෙසත් ඔවුන් මට පැවසුවා.

මට සාධාරණයක් කරන ලෙස ඉල්ලා මා ඔවුන්ගේ දෙපා මුළ වැද වැටුනා. එම නිලධාරීන් මට කීවේ රැකියා නියෝජිතායතනයට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දෙනවා නම් ගෙදර යා හැකි බවයි.
මා ප්‍රතිකාර ලබන කාලය තුලදී ඔවුන් ගේ කීමට මා ලිපි ලේඛන ද අත්සන් කළා.  පසුව ඔවුන් කියන සෑම දෙයකටම එකග වීම නිසා  රැකියා නියෝජිත ආයතනය නිර්දෝශ බවත්, මා වැරදිකරුවෙකු බවත්  ඔවුන් ඔප්පු කළා.

කොන්සල් ජනරාල් කාර්යාලයේ මා වගේ විවිධ ගැටළු තිබුණ තවත් 50 ක් විතර හිටියා. සමහර අයගේ  ප්‍රශ්න ගොඩ ගැහිලා. නඩු තියෙන අය හිටියා. පඩි නොලැබුන අය හිටියා. රැකියා නියෝජිත ආයතන සමග ගැටළු නිරාකරණය කර ගත යුතු අය  හිටියා.

ඒත් ළමයින්ගේ ලිපිගොනු වලට අවශ්‍ය ලේඛණ දමා ඒවා ඉක්මනින් ඉවර නොකිරීම  නිසා සමහර ළමයි මාස 6 ක් 7 ක් තිස්සේ ලංකාවට එන්න විදිහක් නැතුව එතන හිරවී සිටිනවා.

මේ අසාධාරණ කම් නිසා    හැමෝම දවසක් උද්ඝෝෂණය කළා. එදා ඔවුන් අපට බැණ වැදුනා.  ඔය අතරෙදි අබුඩාබිවල සිට තානාපති මහින්ද බාලසූරිය මහතාත්, කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, තානාපති කාර්යාලයේ පළමු ලේකම් විශ්ව දිසානායක සහ ලිපිකරු දුමින්ද සමරසිංහ යන මහත්වරු පැමිණ අපේ කට්ටියගේ ප්‍රශ්න දවසින් දෙකෙන් විසඳුවා.

ඔවුන් අපේ ප්‍රශ්න ගැන අපි එක්ක සාකච්ඡාවක යෙදුනා. තානාපතිතුමා පියෙකු සේ එතන හිරවෙලා හිටිය ළමයින්ගේ ප්‍රශ්න වගේම දුක් කම් කටොළු එකින් එක විමසුවා. එවිට එතුමා දැනගත්තා අපි ප්‍රශ්න වැලක පටලැවිලා කියලා. තානාපතිතුමා සමග ආපු  සමරවීර මහත්තයත්, රුවන් මහත්තයක්  අපිට වූ අසාධාරණ කම් වලට කටයුතු කිරීමට ඉදිරිපත් වුනා. ඔවුන් අපේ සහෝදරයින් මෙන් එකිනෙකා  නිරාකරණය කිරීමට මැදිහත් වුනා.

ඔවුන් මට අමාණුෂික ලෙස පහරදුන් රැකියා නියෝජිතායය වෙත ගොස් මගේ නිවරදිභාවය  ඔප්පු කර මට සාදාරණයක් ඉෂ්ඨ කලා. මට රැකියා නියෝජිතායතනයෙන් ඩිරාම් 6500ක (රුපියල් ලක්ෂ දෙකහමාරක) වන්දි මුදලක් පවා ලබා ගෙන තානාපතිතුමා අතින් මා හට ලබා දුන්නා. ඔවුන් කළ සේවය මා ඉතා අගය කරනවා.
මේ  නිලධාරීන් අපේ රටේ උපන් අය" මොවුන් විදේශ රටක හිටියත් ඔවුන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉටු  කිරීම පිළිබඳ අපි ඉතාමත් සතුටු වෙනවා. 

  ඩුබායිවල කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ගේ සේවය නිසි අයුරින් ඉටු නොකිරීම නිසා තමයි මේ වගේ ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙන්නේ.

ජනාධිපතිතුමාගෙන් මෙන්ම අපේ අපේ ඩිලාන් ඇමතිතුමාගෙනුත්  මම ඉල්ලා සිටින්නේ වැඩක් කළ හැකි කොන්ද පන ඇති නිලධාරීන් ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයට එවන ලෙයසි.  ඒ වගේම තමයි ලංකාවේ කාන්තාවන් මැද පෙරදිග යන තරමටම ආපසු ලංකාවට එන්න සිද්ද වෙනවා.  එහෙම වෙන්නේ අපේ නිලධාරීන් ගොඩක් මේ ළමයිගේ  ප්‍රශ්න නිරාකරණය කිරීම ඉක්මනින් නොකිරීමයි.

අනිත් කාරණය වෙන්නේ ලංකාවේදි මවල පෙන්වන නිවස නෙමෙයි අපට සේවයට ලැබෙන්නේ. සමහර රටවල ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට එසේ යාමට පෙර  තමන් යන නිවසේ විශාලත්වය, ගෙදර සාමාජිකයින් ගණන වැනි සියලු දේ දැනගෙන යන්න පුළුවන් පහසුකම්  සලසා තියෙනවා. අපේ රටෙත් එවැනි පහසුකම් ඇති කළ යුතු අතර ඒ අයුරින්ම නිවෙස් ලැඛෙනවාද යන්න පසු විපරමක් කල හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා. එසේම නිවෙස් වල කරදර හිරිහැර වී පැමිණෙන අය ලංකාවට හිස් අතින් ආපසු එවීමට කටයුතු නොකර ඔවුන්ට රැකියාව සඳහා වෙනත් සුදුසු ස්ථාන සපයා දිමටද කටයුතු කළ හැකි නම් එය ඉතා වටිනා දෙයක්.

අනිත් කාරණය නම් ලංකාවේ රැිකියා නියෝජිත ආයතනවල උප ඒජන්තවරුන් ඈත පිටිසර ගම් පළාත් වලට ගිහින්  අහිංසක තරුණියන්  ගෘහසේවය සඳහා එවනවා. ඔවුන්ට කිසිම දැනීමක් තේරුමක් නැති ළමයි ඉන්නවා. එවැනි අය එවනවා නම් අඩුම තරමේ මාස 06 ක වත් පුහුණුවක් ලබා දී එවිය යුතුයි.

 නදීශා සමග මෙරටට පැමිණි ශ්‍රියාණි මල්ලිකා මහත්මිය පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය ගෘහ සේවිකාවක ලෙස මෙරටින් ගියද ඇයට එරට හාමිපුතාගේ නිවසේ කොන්ක්‍රීට් ගල් ඇදීම, සිමෙන්ති, වැලි ඇදිම වැනි බර වැඩ කිරීමට සිදුවු බව ඇය කීවාය.

පාන්දර හතරට අවදි වී රට ඉඳි ගස් 450 කට වතුර දැමීමත්, වැල්ලට පෑදෙන ගල් ගැලවීම, කුකුල් කොටු සුද්ද කිරීම, තණකොල ගැලවීම, ඉවීම මෙන්ම දරුවන් බලා ගැනීම ඇයට පැවරුණ දෛනික රාජකාරී විය.
සියලූ වැඩ විනාඩි පහෙන් දහයෙන් ඉවර කළ යුතුව ඇති බවත් එසේ ඉවර කර ගැනීමට නොහැකි වූ එක් දිනක ඇයව ගෙදරින් එලියට දමා දොරවල් වැසූ බවත් ඇය කීවාය. ඉන්පසු තවත් ගෙදරක සේවය සඳහා ගොස් ඇති ඇය එම නිවසින් ඇයව තවත් නිවසකට ඩිරාම් එකලොස් දහස් පන්සීය මුදලකට යේමන ජාතික පවුලකට විකුණූ බවත් පසුව ඇය පලා ආ බවත් කීවාය.

ඇයද දිවයිනට පැමිණ තිබුනේ තානාපති මහින්ද බාලසූරිය මහතාගේ සහ සෙසු නිලධාරීන් ඩුබායි වල කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණ කළ මැදිහත්වීම නිසා බවද කීවාය.

 

 



අදහස් (0)

කුඩම්මා කොන්සල් කන්තෝරුවේ

මහික Monday, 11 March 2013 04:07 PM

අසරණ කමක තරම (දී)

:       0       0

වරුණ Friday, 08 March 2013 01:04 PM

මහින්ද බාලසූරිය මහතා පත් කළේ බ්‍රසීලයටනේ. එතුමා දැන් යූ.ඒ.ඊ වලද?(නදී)

:       0       0

රසික Friday, 08 March 2013 02:17 PM

හදවත කඩාවැටෙනවා මේවා දකිද්දි (ස)

:       0       0

මාලා Sunday, 10 March 2013 11:26 AM

තානාපති මහින්ද බාලසූරිය මහතාට බොහොම ස්තුති (දී)

:       0       0

සිසිර Friday, 08 March 2013 02:47 PM

ලකාවේ එජෙන්සි වලට වහල් වෙළදාමට බලපත්‍ර දීල තියෙද්දී තව මොන කතාද (ස)

:       0       0

අශේන් Friday, 08 March 2013 03:18 PM

අපේ කාන්තාවන් විදිනා දුක ගැන කනගාටුයි (දී)

:       0       0

සෑම් Friday, 08 March 2013 04:59 PM

මට මේ ගැන කීමට කිසිම දෙයක් නැත. (නි)

:       0       0

දිලීප් Friday, 08 March 2013 09:43 AM

මේවට ජිනීවා නොගිහින් කොහේ යන්නද ....?මේ වගේ දේවල් 10,000 ක් වත් වෙලා ඇති. කෝ විසදුම්...? (ස)

:       0       0

දේව් Friday, 08 March 2013 05:12 PM

මේ සියලු ගැටලු වල සම්පූර්ණ වගකීම ඒජන්සි විසින් භාරගත යුතු බව මගේ අදහසයි. (නි)

:       0       0

සුභාෂිනි Friday, 08 March 2013 10:13 AM

මේ කාන්තාවන්ට වන හිංසාවට එරෙහිව අපි නැගී සිටින්න ඕනේ (දී)

:       0       0

රූපවතී Friday, 08 March 2013 10:35 AM

නිකන් බොරුවට නාස්ති කරන මුදල් වලින් රටේ තැනින් තැන කර්මාන්තශාලා ටිකක් ඇති කළා නම් අපේ කාන්තාවෝ පිටරටට යන්නෙ නැහැ. (නි)

:       0       0

චමින්ද බණ්ඩාර Friday, 08 March 2013 10:36 AM

ලෝකයේ කාන්තා හිංසනය වලක්වමු ...(දී)

:       0       0

නිත්‍යා Friday, 08 March 2013 10:47 AM

වගකිවයුතු ආයතන තව දුරටත් ශක්තිමත් කළ යුතුයි (නි)

:       0       0

ලුම්බිණි Friday, 08 March 2013 11:26 AM

වැඩක් කල හැකි නිලධාරීන් කොහෙන් හොයන්නද? එහෙම අය උන්නත් ඒ ගොල්ල දේශපාලනය කරලා නැති හන්ද ඔය වගේ තැන් වලට එන්න බැහැ. (ස)

:       0       0

ඇලෙක්සැන්ඩර් Saturday, 09 March 2013 10:23 AM

ලංකාවේ ඉඳලා පිටරට ඉන්න අපි මේ වගේ සිද්ධි ගොඩක් දේ දකිනවා අහනවා. ඒ අතින් කටාර් එම්බසිය ගොඩක් හොඳයි. මීට කලින් කටාර් හිටිය තානාපතිතුමාගේ ක්‍රියා නිසා ගොඩක් හොඳ සිද්ධවුණා අපිට. ඒ වගේම අනිත් නිලධාරින් වුණත් හොඳයි. (නි)

:       0       0

කුිෂා Friday, 08 March 2013 11:44 AM

මෙන්න අපේ උතුම් බව විදහා දක්වන තවත් අවස්ථාවක් (ස)

:       0       0

රීටා Friday, 08 March 2013 11:45 AM

දැන් අපිටත් යන්න වෙලා තියෙන්නේ ජිනීවා වල‍ට. වෙන කරන්න දෙයක් නැත්නම් එහේ යනවා ඇරෙන්න මොකද කරන්නේ? (නි)

:       0       0

සුභසිංහ Friday, 08 March 2013 11:46 AM

මෙයාලා මොන ඡන්දෙට වැඩකරපු අයද?(නදී)

:       0       0

පාල Friday, 08 March 2013 11:51 AM

මේ අය කාට වැඩ කරපු අයද කියලා හොයලා බලන්න.(නදී)

:       0       0

චූලා Friday, 08 March 2013 11:51 AM

දැනට කවුද මේ කාර්යයාලවල ඉන්නේ (ස)

:       0       0

පාර්වතී Friday, 08 March 2013 11:52 AM

කෝ අර පොඩ්ඩක් ඇත්නම් සුද්දන්ට බනින අය (ස)

:       0       0

අනිල් Saturday, 09 March 2013 05:58 PM

අබුඩාබි එම්බසියේ විශිෂ්ට සේවයක් සළසන සැමට අපගේ උපහාරය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාදුක්කේදී මහා කොල්ලයක්
2024 මැයි මස 12 320 0

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව පුද්ගලයන් තිදෙනකු එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයකුට කැපුම්


වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ
2024 මැයි මස 12 652 0

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල


අයිතිකරුවකු නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ
2024 මැයි මස 12 495 0

ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.


කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී
2024 මැයි මස 12 573 1

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසි


පුරාවස්තු සමග අයෙක් සැකපිට
2024 මැයි මස 12 545 1

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හ


රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක්
2024 මැයි මස 12 1516 15

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 629 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2131 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1854 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site