ගුරුන්ටත් අකුරු වරදිනවාලු. ඉන්දියාවේ හින්දු පත්තරේ පී රාමක්‍රිෂ්නන්ගේ නමින් අන්තර්ජාල මුද්‍රණයේ අද පළ වූ ඡායාරූපයකින් කියැවෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂ සමඟ සිටින බවයි.
ඒ පින්තූරයේ සිටින්නේ ජනපති මෛත්‍රීපාල නොවේය. එහි සිටින්නේ මැදමුලනේ ආර් සිරිසේනය. ඔහු මෛත්‍රීපාල සිරිසේනට සමාන පුද්ගලයෙකි. ඔහු ගිය ජනපතිවරණයට තරඟ කළේය. සහාය දුන්නේ මහින්ද රාජපක්ෂය.
හින්දු පත්‍රයේ මේ වැරැද්ද ට්විටර් වෙබ් අඩවියෙන් නිවැරදි කිරීමට බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් පියවර ගත්තේය.
ඔහු එම පින්තූරය ද පළකරමින් කියනුයේ මෛත්‍රීපාල සිරිසේන වගේ මිනිසා අද හින්තු පත්‍රයෙන් ලෝක ප්‍රසිද්ධියක් ලැබූ බවයි.
ඇමෙරිකාවේ ඇසෝසියේටට් ප්‍රවෘත්ති සේවයේ ඡායාරූපයක් වන එම ඡායාරූපය හින්දු පත්‍රයේ පසුගිය ජනවාරි 15 වැනි දා ද දකුණු ආසියා මුද්‍රණයේ පළ කළේය.
එම ඡායාරූපය යටින් හින්දු පත්‍රය එදා සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව නායක මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය බාර දෙන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් කළ කෙනෙකුටද නාමයෝජනා දෙන්න යන්නේ? (නි)
තව පොඩ්ඩෙන් මටත් පැටළෙනවා (නි)
මේවා නම් විහිළු. තමන්ගේ තරම ලෝකෙටම කියනවා (නදී)
ලංකාවේ එහෙම වුනත් ඉන්දියාවේ එහෙම වෙන්නේ නෑ. (ර)
මේක නම් නියමයි. ඇත්තටම හොඳ ප්‍රවෘත්තියක් (නි)
ඉන්දියාවේවත් මේ වැඩ නෑ... (ර)
වෙස් මුහුණ ගැලවෙලාද ? (නදී)
උන පුරුකේ දමලාවත් බලු වලිගෙ ඇද හරින්න බැහැ කියල කතාවක් තියනවනේ...ලැජ්ජයි!!!!! (ම)
අනේ කාලේ වනේ වාසේ.(නදී)
මේ වගේ තුට්ටු දෙකේ කුජීත වැඩ නිසා තමා මහින්දට ඔහොම උනේ (නද
කට්ටියට තරු පෙනෙන්නේ ලබන මැතිවරණයේදී තමා.ඔය කියන 58න් 30ක් වත් තියෙයිද කියන එකයි සැක. (නි)
මේක නම හිතලමයි කරන්න ඇත්තේ. නැත්නම් අල්ලපු රටේ මිනිස්සුන්ට මෛත්‍රිව අදුනා ගන්න බැරිද? නෙට් එකේ හොයලා බැලුවත් මෛත්‍රිගේ ෆොටෝස් එනවා. මේක ලංකාවට මඩ ගහන්න කරලා තියෙන්නේ (නදී)
උනු වැරැද්දට ලැජ්ජා වෙන්න ඕනේ හින්දු පත්‍රය නොවේ හිටපු ජනාධිපති. විලි ලැජ්ජා නැති පහත් නිහීන වැඩ කරලා දිනන්ඩ හැදුවට (නදී)
මේ දෙන්නගේ වැඩි වෙනසක් නැහැ. (බ)
මොහුගේ නම ආර්. ඒ. සිරිසේන. ඒ කාලේ සමහරු වේදිකාවේ අයියෝ සිරිසේන කිව්වේ මොහුට වෙන්නැති.(නදී)
අපේ නායකයන් තමන්ගේ ජනතාවට ගරුකරන ආකාරයට හොදම නිදසුනක්. (බ)
රාජපක්ෂ පවුලේ තුට්ටු දෙකේ වැඩ තමයි මේ (බ)
ආර්. ඒ. .කියන්නේ රාජපක්ෂ ඒජන්ත කියන එකටද ? (බ)
මහින්දගේ ඡන්ද ව්‍යාපාරය කොච්චරනම් තුන්වන පන්තියේ ද කියන එක ප්‍රකට වූ මෙම ඡායාරූපය ජාත්‍යන්තරයට ගිය එක හොඳයි. නමුත් ඒවා දැන් ජනාධිපතිට අමතක වෙලා වගේ පෙනෙන්නේ. (බ)
මේ මනුස්සයා කරපු වැඩේ සදාචාරාත්මක නෑ. නමුත් නීතියට එකයි. අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ යහපාලනයේ වෙනස. කොහොමද මහින්ද විදියට මෙහෙම ඇවිල්ලා, මහින්ද දිනුවානම්? (ම)
බැරිවෙලාවත් අපි හිතමු ඔය මනුස්සය මහින්ද විදිහට වෙස් වලාගෙන රගපාල මහින්ද දිනුව කියලා. එහෙම වුනානම් මේ වෙනකොට ඔය මිනිහගේ හත්මුතු පරම්පරාවම මුහුදු වතුර බොනවා. නැතිනම් ලින් වතුර බොනවා. නැතිනම් වාහනය ගිනි අරගෙන /වාහනය අනතුරු වෙලා චුත වෙලාම යනවා. මෛත්‍රීගේ මෛත්‍රිය නිසා අදටත් ජිවතුන් අතර ඉන්නවා. (නදී)
ඇස් පේන අයට නම් සිරිසේනලා දෙන්නා පැටලෙන්න විදිහක් නැහැ... (ර)