IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කාඩ්බෝඩ් සිරිසේන ලෝකේ වටේ යයි

ගුරුන්ටත් අකුරු වරදිනවාලු. ඉන්දියාවේ හින්දු පත්තරේ පී රාමක්‍රිෂ්නන්ගේ නමින් අන්තර්ජාල මුද්‍රණයේ අද පළ වූ ඡායාරූපයකින් කියැවෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂ සමඟ සිටින බවයි.

ඒ පින්තූරයේ සිටින්නේ ජනපති මෛත්‍රීපාල නොවේය. එහි සිටින්නේ මැදමුලනේ ආර් සිරිසේනය. ඔහු මෛත්‍රීපාල සිරිසේනට සමාන පුද්ගලයෙකි. ඔහු ගිය ජනපතිවරණයට තරඟ කළේය. සහාය දුන්නේ මහින්ද රාජපක්ෂය.

හින්දු පත්‍රයේ මේ වැරැද්ද   ට්විටර් වෙබ් අඩවියෙන් නිවැරදි කිරීමට බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් පියවර ගත්තේය.

ඔහු එම පින්තූරය ද පළකරමින් කියනුයේ මෛත්‍රීපාල සිරිසේන වගේ මිනිසා අද හින්තු පත්‍රයෙන් ලෝක ප්‍රසිද්ධියක් ලැබූ බවයි.

ඇමෙරිකාවේ ඇසෝසියේටට් ප්‍රවෘත්ති සේවයේ ඡායාරූපයක් වන එම ඡායාරූපය හින්දු පත්‍රයේ පසුගිය ජනවාරි 15 වැනි දා ද දකුණු ආසියා මුද්‍රණයේ පළ කළේය.

එම ඡායාරූපය යටින් හින්දු පත්‍රය එදා සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව නායක මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය බාර දෙන බවයි.

CJTcuPxVEAA5GXu Untitled-1 Untitled-2



අදහස් (0)

කාඩ්බෝඩ් සිරිසේන ලෝකේ වටේ යයි

ලසන්ත පෙරේරා Wednesday, 08 July 2015 01:11 PM

මේ වගේ දේවල් කළ කෙනෙකුටද නාමයෝජනා දෙන්න යන්නේ? (නි)

:       0       0

නිහාල් Tuesday, 07 July 2015 08:59 PM

තව පොඩ්ඩෙන් මටත් පැටළෙනවා (නි)

:       0       0

කැප්පෙට්ටිපොළ Tuesday, 07 July 2015 09:04 PM

මේවා නම් විහිළු. තමන්ගේ තරම ලෝකෙටම කියනවා (නදී)

:       0       0

නාලනී පියදිගම Tuesday, 07 July 2015 11:05 AM

ලංකාවේ එහෙම වුනත් ඉන්දියාවේ එහෙම වෙන්නේ නෑ. (ර)

:       0       0

තනුර Wednesday, 08 July 2015 01:17 AM

මේක නම් නියමයි. ඇත්තටම හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

නිමල් Tuesday, 07 July 2015 01:02 PM

ඉන්දියාවේවත් මේ වැඩ නෑ... (ර)

:       0       0

දුමින්ද Wednesday, 08 July 2015 02:07 AM

වෙස් මුහුණ ගැලවෙලාද ? (නදී)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 08 July 2015 09:23 AM

උන පුරුකේ දමලාවත් බලු වලිගෙ ඇද හරින්න බැහැ කියල කතාවක් තියනවනේ...ලැජ්ජයි!!!!! (ම)

:       0       0

ලක්මාල් Tuesday, 07 July 2015 01:48 PM

අනේ කාලේ වනේ වාසේ.(නදී)

:       0       0

රසික Wednesday, 08 July 2015 02:41 AM

මේ වගේ තුට්ටු දෙකේ කුජීත වැඩ නිසා තමා මහින්දට ඔහොම උනේ (නද

:       0       0

චරිත Wednesday, 08 July 2015 02:56 AM

කට්ටියට තරු පෙනෙන්නේ ලබන මැතිවරණයේදී තමා.ඔය කියන 58න් 30ක් වත් තියෙයිද කියන එකයි සැක. (නි)

:       0       0

ශාරුක් Wednesday, 08 July 2015 03:02 AM

මේක නම හිතලමයි කරන්න ඇත්තේ. නැත්නම් අල්ලපු රටේ මිනිස්සුන්ට මෛත්‍රිව අදුනා ගන්න බැරිද? නෙට් එකේ හොයලා බැලුවත් මෛත්‍රිගේ ෆොටෝස් එනවා. මේක ලංකාවට මඩ ගහන්න කරලා තියෙන්නේ (නදී)

:       0       0

රුවන් කොටුවෙල්ලේ Wednesday, 08 July 2015 03:49 PM

උනු වැරැද්දට ලැජ්ජා වෙන්න ඕනේ හින්දු පත්‍රය නොවේ හිටපු ජනාධිපති. විලි ලැජ්ජා නැති පහත් නිහීන වැඩ කරලා දිනන්ඩ හැදුවට (නදී)

:       0       0

පියලාල් Wednesday, 08 July 2015 10:43 AM

මේ දෙන්නගේ වැඩි වෙනසක් නැහැ. (බ)

:       0       0

රකිත් Wednesday, 08 July 2015 04:02 AM

මොහුගේ නම ආර්. ඒ. සිරිසේන. ඒ කාලේ සමහරු වේදිකාවේ අයියෝ සිරිසේන කිව්වේ මොහුට වෙන්නැති.(නදී)

:       0       0

රුචිර සිරිවර්ධන Wednesday, 08 July 2015 04:15 AM

අපේ නායකයන් තමන්ගේ ජනතාවට ගරුකරන ආකාරයට හොදම නිදසුනක්. (බ)

:       0       0

මාගලී ෆොන්සේකා Wednesday, 08 July 2015 04:17 AM

රාජපක්ෂ පවුලේ තුට්ටු දෙකේ වැඩ තමයි මේ (බ)

:       0       0

සපුමල් Wednesday, 08 July 2015 04:23 AM

ආර්. ඒ. .කියන්නේ රාජපක්ෂ ඒජන්ත කියන එකටද ? (බ)

:       0       0

බටන්ගල Wednesday, 08 July 2015 04:44 AM

මහින්දගේ ඡන්ද ව්‍යාපාරය කොච්චරනම් තුන්වන පන්තියේ ද කියන එක ප්‍රකට වූ මෙම ඡායාරූපය ජාත්‍යන්තරයට ගිය එක හොඳයි. නමුත් ඒවා දැන් ජනාධිපතිට අමතක වෙලා වගේ පෙනෙන්නේ. (බ)

:       0       0

සඳුන් Wednesday, 08 July 2015 06:25 AM

මේ මනුස්සයා කරපු වැඩේ සදාචාරාත්මක නෑ. නමුත් නීතියට එකයි. අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ යහපාලනයේ වෙනස. කොහොමද මහින්ද විදියට මෙහෙම ඇවිල්ලා, මහින්ද දිනුවානම්? (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 07 July 2015 06:35 PM

බැරිවෙලාවත් අපි හිතමු ඔය මනුස්සය මහින්ද විදිහට වෙස් වලාගෙන රගපාල මහින්ද දිනුව කියලා. එහෙම වුනානම් මේ වෙනකොට ඔය මිනිහගේ හත්මුතු පරම්පරාවම මුහුදු වතුර බොනවා. නැතිනම් ලින් වතුර බොනවා. නැතිනම් වාහනය ගිනි අරගෙන /වාහනය අනතුරු වෙලා චුත වෙලාම යනවා. මෛත්‍රීගේ මෛත්‍රිය නිසා අදටත් ජිවතුන් අතර ඉන්නවා. (නදී)

:       0       0

ඉන්දු - මෙල්බන් Wednesday, 08 July 2015 06:38 AM

ඇස් පේන අයට නම් සිරිසේනලා දෙන්නා පැටලෙන්න විදිහක් නැහැ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site