මහ වැසි නිසා ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකි වන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති අද ජනාධිපති කාර්යාලයයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බියගම, මල්වාන, ගම්පහ ජනතාවට කඩිනම් සහන සැලසීමට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් අනුව කටයුතු යොදා ඇත.
කැලි ගඟ ගැලීමෙන් විපතට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම නාවික හමුදා සහායද ලබා ගැනීමට ආරක්ෂක රාජ්‍ය ඇමැති උපදෙස් දී ඇත.
ගංවතුරෙන් හා නායයාම්වලින් අවතැන් වන එක් පුද්ගලයකුගේ ආහාර පාන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් දිනකට වෙන් කර ඇති රුපියල් 150ක මුදල රුපියල් 225 දක්වා වැඩි කරන ලෙස ද ජනපති දැනුම් දුන්නේය.
ඡායාරූප - ඩික්සන් වසන්ත






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා බොහොම කරුණාවන්ත කෙනෙක් බව පැහැදිලිවම පෙනෙනවා (නි)
වැස්ස එකත් පත්තරෙන් තමයි දැන ගන්න ඇත්තේ (ම)
ක්‍රියාත්මක වුනොත් ලොකු දෙයක්.(හේ)