(හබරණ සංජය මදුශාන්)
හෙරෝයින් මත්කුඩු බෙදාහැරීමට පැමිණි පුද්ගලයෙකු හබරණ මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි
හබරණ පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අද (26) දහවල් කාලයේ දී මෙම වැටලීම සිදුකළ අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලි ග්‍රැම් 400 සමග බෙදාහැරීමට පැමිණි පුද්ගලයකු හබරණ මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද ඔහු කැලණිය ප්‍රදේශයේ පදිංචි 33 හැවැරිදි පිරිමි අයෙකු බව ලබන පොලිසිය කියයි.
මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ සිට බස් රථයෙන් පැමිණ සීගිරිය දඹුල්ල හබරණ පොළොන්නරුව ප්‍රදේශ වලට හෙරොයින් බෙදා හරින බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් සැකකාර පුද්ගලයා හෙට දින(27) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කාබද්ධයේ ඡන්දෙට සල්ලි හොයන්න පටන් අරන් වගේ...
කණගාටුවට කාරණය වන්නේ නගරයට සීමාවූ මත් කුඩු සහ ගංජා දැන් ගම්වලටත් සේන්දුවෙලා... හබරණ පොලිස් මහත්වරුනේ, ග්‍රෑම් 4 ක් ළඟ තිබ්බත් මෙයා පුංචි හාල් මැස්සෙක් විතරයි. මේවාට සම්බන්ධ වී ඉන්න තෝරු - මෝරු අල්ලගන්නත් විධිමත් සැලැස්මක් ක්රියාත්මක කරන්න.
එතකොට අර ගෝනි ගණන් අහුවුණා කුඩු වලට සහ ඒවා ගෙනාපු සහ ඒවාට සම්බන්ධ වුණ අයට මොකද වුනේ? මේවා ඇත්තටම විහිළු. හැමදාම දඬුවම කූනිස්සන්ට විතරයි. පොකිරිස්සෝ නිදැල්ලේ...
පොලිසියත් මෝරු ඉන්දැද්දී හාල්මැස්සෝ අල්ලාගෙන තල්මස්සු වෙන්න හදනවා