ජල ගැලීම් හේතුවෙන් නැවත භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වූ රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදී විදුලි උපකරණ ප්‍රතිචක්‍රීකරණ ආයතන වෙත ලබාදීමට පියවර ගන්නා බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
මෙම උපකරණ පරිසරයට මුදා හැරීම සුදුසු නොවන බව කී අමාත්‍යවරයා ඒවා නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බව සඳහන් කළේය.
එබැවින් ඒවා කැලි කසල ලෙස බැහැර නොකරන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද(26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවැනි විද්‍යුත් උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා, භාරදීමට ස්ථාන හැකිතරම් පිහිටුවන ලෙස ඇමතිතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.(බ)
මම හිතුවේ රජයෙන් කැඩුණු ඒවාට අලුත් ඒවා දෙන්න යනවා කියලයි (නි)
නන්ද, බොහොම හොඳ කතාවක්. මේගොල්ලෝ කියනවා විතරයි (නි)