ගාල්ලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට යාමට ඇති ප්‍රධාන මාර්ගයක් වූ අම්බලන්වත්ත පාර හරස් කරමින් පවුලක් අද දවල් උද්ඝෝෂණයක නිරත වූහ. ඉරිදා සවස නිවසේ කිසිවෙකුත් නොසිටි වේලාවක දී ජීප් රියක් හැපී තම නිවස කැඩුණු බව පවසන මේ පවුල ඉල්ලා සිටින්නේ බීමතින් ජීප් රිය පැදවූ පුද්ගලයා නිවස සාදා දිය යුතු බවයි. පොලිසියට පැමිණිල කළ ද මේ ගැන කිසිදු ක්‍රියාමර්ගයක් ගෙන නැතැයි ද ඔවුහු කියති. පොලිසිය පවසන්නේ අදාල අනතුර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමර්ග ගෙන ඇති බවයි.
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් පැමිණ තම මන්ත්‍රී ප්‍රතිපාදන වලින් නිවසක් සාදා ගැනීමට මුදල් වෙන්කැර දෙන්නම් යැයි පොරොන්දු වූ පසු ඔවුහු පාරෙන් ඉවත් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන් අන්තිමටම අසරණ වුනාම මේවාගේ වැඩ කරනවා. ගෙයක් නැති මිනිස්සු කොහේ ඉන්නද? දේශපාලුවෝ සැප විඳිනවා ජනතාව දුක් විඳිනවා. (හේ)
මේ කට්ටිය නීතිය අතටගෙන වගෙයි පෙනෙන්නේ. (නි)
සාධාරණ ඉල්ලීමක්. (නි)
කළයුත්තේ මහජනතාවට අවහිර වන පරිදි මාර්ග හරස් කිරීම නොවේ. වරද කළ කෙනාගේ සහ උදව් දෙන අයගේ නිවාස වටකිරීමයි. (නි)
ගේ කැඩුන එක අපරාධයක් තමයි. නමුත් පුද්ගලික කාරණයක් මුල් කරගෙන ප්‍රධාන රෝහලකට යන්න තියෙන පාර අවහිර කරගෙන මෙහෙමෙ විරෝධතා පාන එකනම් අනුමත කරන්න බැහැ. (ර)
අපේ ගෙවල් ප්‍රශ්නය ? (ම)