(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරකථනයෙන් සම්බන්ධ කර දුන් බව කියන මාවතගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකයවරයෙක් සහ දොරටියාව පොලිසියේ සාජන්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඩුබාහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඩුබායි සම්පත් නැමැත්තකු සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා සහ සාජන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
රැඳවුන් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඩුබායි සිටින සම්පත් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි විමර්ශනයක් පවත්වා මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු