(චමිල් රුපසිංහ)
කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන දෙක අතර පළමු බිංගෙය අසලදි කොළඹ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට ගල් ගැසූ තරුණයන් 4 දෙනෙකු කඩුගන්නාව පොලිසිය හා දුම්රිය විශේෂිත ආරක්ෂක ඡංගම සේවය මගින් කළ විශේෂ මෙහයුමකදි අත් අඩංගුවට ගන්නා ලද බව කඩුගන්නාව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් බලන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු හා අනුරාධපුරයේ සිට බලන නැදෑ නිවසකට පැමිණි වයස 18 හා 19 වයස් වල පසුවන තරුණයන් දෙදෙනෙකි.
ගල් පහර වැදීම නිසා දුම්රිය නියාමක මැදිරියේ වීදුරුවකට අලාභ හානි වි ඇති අතර මේ දක්වා අලාභය තක්සේරු කර නැත. සැකකරුවන් අද (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද කඩුගන්නාව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු සමාවක් නොදිය යුතුය. උපරිම දඬුවම් ලබා දෙන්න. බලන දෙන්නා අනුරාධපුර බන්ධනාගාරයටත්, අනුරාධපුර දෙන්නා මහනුවර බන්ධනාගාරයටත් යැවීම සුදුසුය.
මේවගේ ජාතික වස්තූන්ට අපරාධ කරන අයට උපරිම දඬුවම් දෙන්න.
උපරිම දඬුවම් දෙන්න.. ලබා දුන් දඬුවම අනෙක් අයටත් දැනගන්න හැම මාධ්යකින්ම ප්රසිද්ධ කරන්න ..
මේ ගොල්ලන්ට දෙන්න ඕනේ හොඳම දඬුවම තමා කරපු වරද නළලේ පච්ච කොටන එක. ආයේ දැනගත්ත කෙනෙක් කරන එකක් නැහැ.
මතක හිටින දඬුවමක් කරන්න මේ වගේ නොසන්ඩාලයින්ට....!!!